ඇමෙරිකානු හමුදාව විසින් සෝමාලියාවට එල්ල කරන ලද ගුවන් ප්‍රහාර 6 කින් අල්-ශබාබ් ත්‍රස්තවාදීන් 62 දෙදෙනෙකු මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය ඉරිදා දිනයේ දී ඇමෙරිකාව විසින් එල්ල කළ ගුවන් ප්‍රහාර 4 කින් ත්‍රස්තවාදී 32 දෙනෙකු ජිවිතක්ෂයට පත්විය.
2017 නොවැම්බර් මාසයේ සිට සෝමාලියාවට එල්ල කළ ගුවන් ප්‍රහාර වලින් දරුණුතම ගුවන් ප්‍රහාරය මෙය වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා බලයට පත්වීමත් සමඟ සෝමාලියාවට එල්ල කළ ගුවන් ප්‍රහාර තියුණු ලෙස වැඩි විය.
2017 වසර ආරම්භයේ සිට ගුවන් ප්‍රහාර වලින් මිය සංඛ්‍යාව 400 ඉක්මවන බව විමර්ශන ජනමාධ්‍යවේදීන්ගේ කාර්යංශය පවසයි.
(28535)


