අතුරුදන් වූ මාධ්‍යවේදී ජමාල් කශෝජි සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ අද (16) සෞදි අරාබියට පැමිණියේය.
එහිදි ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා සෞදියේ සල්මාන් රජු හමු වී මාධ්‍යවේදී ජමාල් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
මාධ්‍යවේදී ජමාල් කශෝජි ඔක්තෝබර් 2 වැනිදා තුර්කියේ ඉස්තාන්බුල් හි පිහිටි සෞදි කොන්සියුලර් කාර්යාලයට ගිය අතර ඉන් පසු ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් වාර්තා නොවීය.
ජමාල් සෞදි කොන්සියුලර් කාර්යාලයට ඇතුළු වන අයුරු දැක්වෙන වීඩියෝ පට ද මාධ්‍යයට නිකුත් විය. සෞදි කොන්සියුලර් කාර්යාලය තුළ දී ජමාල් ඝාතනය කළ බවට ඇතැම් පිරිස් චෝදනා කරන අතර සෞදි අරාබිය මේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරයි.
රොයිටර්
055

