චීනයේ සංචාරයකට ගොස් සිටි ඇමෙරිකානු ජාතික අධ්‍යාපන උපදේශකයන් සිවු දෙනකුට පිහි ප්‍රහාරයක් එල්ල වී ඇත. මෙම සිවුදෙනා චීනයට ගොස් ඇත්තේ දැනුම හුවමාරු වැඩසටහනක් යටතේය.
එම සිවු දෙනාට පිහි ප්‍රහාරය එල්ල වූයේ චීනයේ ජිලින් පළාතේ මහජන උද්‍යානයකදීය. එම සිවුදෙනා පන්සලක් වෙත පා ගමනින් යමින් සිටියදී ඔවුන් හමුවට ආ අයකු එම ප්‍රහාරය එල්ල කළ බව පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)