ආසියා රටවල් සමඟ එක්වී කලාපීය ආරක්ෂාව තහවුරු කරන්න චීනය සැරසේ
තමන් දකුණු ආසියානු රටවල් සමඟ සමීප සබඳතා ඇති කර ගන්නේ කලාපීය ආරක්ෂාව තහවුරු කර ගැනීමට මිසක් ‘තෙවැනි පාර්ශ්වයකට’ තර්ජනයක් කිරීමට නොවේ යැයි චීන ආරක්ෂක ඇමැති ලියැං ගුඅන්ලී අවධාරණය කරයි.
ආරක්ෂක ඇමැතිවරයා ‘තෙවැනි පාර්ශ්වයක්’ යනුවෙන් අදහස් කළේ ඇමෙරිකාවටය. ඇමැති ලියැං ගුඅන්ලී මේ බව කියා සිටියේ ඊයේ (2) දිනයේ ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතව සිටිද්දීය. චීන ආරක්ෂක ඇමැතිවරයා ඉන්දියාවට යන්නේ ශී‍්‍ර ලංකාවේ සංචාරය කිරීමෙන් පසුවය.
ඊට අමතරව මාලදිවයින, බංග්ලාදේශය, නේපාලය සහ පාකිස්තානය සමඟත් සමීප ආරක්ෂක සබඳතා ඇති කර ගැනීමට චීනය සූදානම් වේ.

