ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවර තේපැන් හලකට ඇතුළුවූ තුවක්කුකරු මරා දමා ප්‍රාණ ඇපයේ සිටි අය බේරා ගැනීමට ඕස්ටේ‍්‍රලියා පොලිසිය සමත්විය.
20 දෙනෙක් පමණ පැය 16 කට ආසන්න කාලයක් තේපැන් හලේ සිරව සිටියහ.
ඕස්ටේ‍්‍රලියා මාධ්‍ය වාර්තා කර තිබෙන ආකාරයට තුවක්කුකරු නිදා වැටෙනු දැක එම පුද්ගලයින් අතරින් කිහිපදෙනෙකු පැන යෑමට උත්සාහ කර ඇති අතර ඒහාම අවදිවූ තුවක්කුකරු ඔවුන්ට වෙඩි තබා ඇත.වෙඩි හඩ ඇසුණු සැණෙන් පිටත රැකවල්ලා ගෙන සිටි පොලිසියද තුවක්කුකරු එල්ල කර වෙඩි පහර එල්ල කිරීම ආරම්භ කර ඇත.
අවසානයේ පොලිස් වෙඩි පහරකට ලක්ව තුවක්කුකරු මියයෑමෙන් ගැටුම නිමාවී තිබේ.
තුවක්කුකරුගේ වෙඩි පහරට ලක්වූ පුද්ගලයා මියගොස් ඇති බවත් තුවාළ ලැබූ තවත් කාන්තාවක් රෝහලේදී මිය ගිය බවත් සඳහන්ය.
කිහිපදෙනෙක් සුළු තුවාළ ලබා රෝහල් ගතකර ඇත.
පුද්ගලයින් පිරිස ප‍්‍රාණ ඇපයට ගෙන මද වේලාවකින් කොන්දේසි ඉදිරිපත් කළ තුවක්කුකරු පවසා සිටියේ අයිඑස් සංවිධානයේ කොඩියක් තේපැන් හල වෙත ගෙනවිත් දෙන තෙක් හා තමන්ට ඕස්ටේ‍්‍රලියා අගමැති ටෝනි ඇබට් සමග මුහුණට මුහුණ සාකච්ඡුාවක් පැවැත්වීමට අවස්ථාව සළසා දෙන තෙක් පුද්ගලයින් මුදා නොහරින බවයි.
මෙම පුද්ගලයා පිළිබඳ දැනට අනාවරණයව ඇති තොරතුරු වලට අනුව හැරන් මෝනිස් නම් වූ මොහු තමන් ඉස්ලාමික පූජකවරයෙකුයැයි හඳුන්වාදෙන්නෙකි.ඔහුට එරෙහිව මිනීමැරුම්, පහරදීම් ආදී චෝදනා රැසක්ම නැගී තිබෙන බවද මේ පුද්ගලයා 1996 වසරේදී සරණාගතයෙකු ලෙස ඕස්ටේ‍්‍රලියාවට පැමිණියෙකු බවද හෙළිව තිබේ.
පසුගිය සමයේ ඕස්ටේ‍්‍රලියාවේ නොයෙක් පෙදෙස් වලින් වාර්තා වූ අන්තවාදී කි‍්‍රයා හා මේ සිදුවීම අතර සෘජු සම්බන්ධයක් ඇති බව කියන විචාරකයෝ ඉක්මන් පියවර නොගතහොත් ප‍්‍රතිවිපාක දරුණු විය හැකි බවට අනතුරු අඟවති.
අන්තවාදීන් ඕස්ටේ‍්‍රලියාව ලෙහෙසි ඉලක්කයක් ලෙස සළකන බවට මිීට පෙර තොරතුරු වාර්තාවී තිබුණි.එවන් තත්ත්වයක් රටෙහි සැබෑවටම ඇතිව තිබෙන්නේ නම් එය වහාම සොයාබැලිය යුතුව ඇතැයි ඔවුහු වැඩිදුරටත් පවසති.






