අලූත උපන් පුත් කුමරුන් ජෝර්ජ් ඇලෙක්සැන්ඩර් ලූවිස් නමින් නම් කරන බව විලියම් කුමරු සහ කේට් කුමරිය ඊයේ (25) නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කළහ.
විලියම් කේට් යුවළ මේ බව ප‍්‍රකාශයට පත් කළේ ඔවුන්ගේ නිවහන වන කෙන්සින්ටන් මාලිගයේ සිටය.
අලූත් පුත් කුමරුන් ද සමඟ ලන්ඩනයේ ශාන්ත මේරී රෝහලෙන් පිටවුණු විලියම් කේට් යුවළ කෙළින්ම ගියේ ද කෙන්සින්ටන් මාලිගයටය.
රජ පවුලට එක් වුණු නව සාමාජික ජෝර්ජ් කුමරු බි‍්‍රතාන්‍ය කිරුළට හිමිකම් කියන තෙවැනි රාජකීයයා වෙයි. මේ පුංචි කුමරා කේම්බි‍්‍රජ් කුමරුන් ලෙස ද හැඳින්වෙයි. ඒ, විලියම් කුමරු සහ කේට් කුමරිය හැඳින්වීමට භාවිත කරන කේම්බි‍්‍රජ් ආදිපාදවරයා සහ ආර්යාව යන ගෞරව නාමවලට අනුවය.
ඉතිහාසය පුරා බි‍්‍රතාන්‍යය කිරුළට හිමිකම් කී ජෝර්ජ් යන නමින් හැඳින් වූ කුමරුන් තිදෙනකු සිටි බව ද බි‍්‍රතාන්‍ය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
දෙවැනි එලිසබත් මහ රැජින ද ඊයේ (25) අලූත උපන් කුමරුන් බැලීමට යෑමට නියමිතව සිටියාය. මහ රැජින කුමරුන් බැලීමට යන පළමු අවස්ථාව මෙය වනු ඇත.
කෙන්සින්ටන් මාලිගයේ සිටින කුමරුන් බලා ගැනීමේ කටයුතුවලදී කේට් කුමරියට ඇගේ මවගේ සහ නැගණිය පිපාගේ ද සහය ලැබෙනු ඇති බව ද බි‍්‍රතාන්‍ය මාධ්‍ය වැඩිදුරටත් කියා තිබුණි.
කෙන්සින්ටන් මාලිගයට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දී ඇත.
බි‍්‍රතාන්‍ය කිරුළට හිමිකම් කියන මීළඟ උරුමක්කරු දියණියක වේවි යැයි බොහෝ දෙනා විශ්වාස කළහ.
ඊට හේතු වූයේ එක් අවස්ථාවක ගැබිනියක සිටි කේට් කුමරිය යෙහෙළියක් ඇයට දුන් තෑග්ගකට ඇය දැක් වූ ප‍්‍රතිචාරයකි.
කේට් කුමරිය දියණියක බිහි කරාවි යැයි බි‍්‍රතාන්‍ය ඔපාදුප සඟරා පවා විශේෂාංග ලිපි පළ කර තිබුණි.
ලන්ඩන් බුකිකරුවන් ඉතා ඉහළ ලංසු තබමින් ඔට්ටු ඇල්ලූවේ ද දියණියක බිහි වනු ඇතැයි කියාය. ඔට්ටු ඇල්ලීම සඳහා නම් ලැයිස්තුවක් ඉදිරිපත් කර තිබුණි.
බුකීකරුවන් ඔට්ටු අල්ලා තිබුණේ කේට් කුමරියට පුතකු උපන්නොත් ඔහු ජෝර්ජ් යන නමින් ද දුවක උපන්නොත් ඇය ඇලෙක්සැන්ඩ‍්‍රා යන නමින් ද හැඳින්වෙනු ඇති බවය.
වැඩි ඔට්ටු ලැබී තිබුණේ ඇලෙක්සැන්ඩ‍්‍රා සහ ජෝර්ජ් යන නම් දෙකටය. අවසානයේ දී ඉකුත් 22 වැනිදා කේට් කුමරිය පුත් කුමරකු බිහි කිරීමත් සමඟ ඔට්ටු ඇල්ලූ බොහෝ දෙනෙක් පරාජයට පත් වූ අතර එදින ඔවුන්ට සුබ දිනයක් නොවුණු බව ද පැවැසිණි.
කේට් කුමරියට පුත් කුමරකු ලැබෙන බවත් ඔහු ජෝර්ජ් යන නමින් නම් කරනු ඇති බවටත් කල්තියා ඔට්ටු ඇල්ලූ පිරිසට ඊයේ දිනය පී‍්‍රතිමත් දිනයක් වූ බව ද වාර්තා වේ.
දෙවැනි එලිසබත් මහ රැජින, කිරුළ දරා සිටින්නේ 50 දශකයේ සිටය. මහ රැජින හැරුණු කොට අලූතින් උපත ලැබූ පුත් කුමරා එසේත් නැතිනම් කේම්බි‍්‍රජ් කුමරු ද ඇතුළුව බි‍්‍රතාන්‍ය කිරුළ දැරීමට පෝලිමේ තව දෙදෙනෙක් සිටිති. ඒ අලූත් කුමරුගේ පියා විලියම් කුමරු සහ මුත්තනුවන් චාල්ස් කුමරුය. විලියම් කුමරුගේ බාල සොයුරු හැරී කුමරු සිටින්නේ දැන් සිව්වැනි ස්ථානයේය.
පුත් කුමරු ගැන පී‍්‍රතියට පත් වෙමින් විලියම් කුමරු කියා සිටියේ තම මව වූ ඩයනා කුමරිය අද ජීවතුන් අතර සිටියා නම් ඇය ඉමහත් පී‍්‍රතියට පත් වනු ඇති බවත් ඇය තම පුතුට හොඳ මිත්තනියක වනු ඇති බවත්ය. ඔහු මේ බව මාධ්‍ය හමුවේ කියා සිටියේ ඉතා හැඟීම් බරවය.
විලියම් කුමරුන්ගේ පියා චාල්ස් කුමරු මෙන්ම දෙවැනි එල්සබත් මහ රැජින ද රජ පවුලට එක් වුණු අලූත් පුත් කුමරා ගැන අතිශයින් පී‍්‍රතියට පත් ව සිටින බව ද විදෙස් පුවත් සේවා වාර්තා කර තිබුණි.
ඉකුත් 21 වැනිදා බෙල්ජියමේ දෙවැනි ඇල්බට් රජු සිය කිරුළ පුතු පිලිප් කුමරුට බාර දුන්නේය. එපමණක් නොව, මේ වනවිට නෙදර්ලන්තයේ බියෙටි‍්‍රක්ස් රැුජින ද සිය කිරුළ පුතුට පවරා දී ඇත. 87 හැවිරිදි වියෙහි පසුවුවත්, අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පෙළුණත් තම කිරුළ, පුතු චාල්ස් ට පැවැරීමට දෙවැනි එලිසබත් මහ රැජින තවමත් සූදානම් නැත. එහෙත් ඇය ඇගේ නිල රාජකාරී බොහොමයක් චාල්ස් කුමරුට පවරා දී ඇත.
එලිසබත් මහ රැජින සිය කිරුළ චාල්ස් කුමරුට ලබා දුන්නොත් හෝ ඇගේ අභාවයෙන් පසු චාල්ස් කුමරුට කිරුළ හිමි වුවහොත් හෝ චාල්ස් කුමරු එය විලියම් කුමරුට පවරා දිය යුතු යැයි යන්න බි‍්‍රතාන්‍ය ජනතාවගේ අදහස වී ඇත.
රජ පවුලේ අනන්‍යතාව රැක ගැනීමටත් එහි ජනපි‍්‍රයත්වය උදෙසාත් තරුණ රජකු හෝ රැජිනක බි‍්‍රතාන්‍ය රජ පවුලට අවශ්‍ය බවත් චාල්ස් කුමරු රැජිනගෙන් පසු කිරුළ බාර නොගෙන එය කෙළින්ම වැඩිමල් පුතු විලියම් කුමරුට පවරා දෙනු ඇති බවත් බොහෝ දෙනාගේ විශ්වාසයයි.
|
කෙන්සින්ටන් මාලිගයට විශේෂ පොලිස් ආරක්ෂාවක් |
අලූත් රජ කුමරු රෝහලෙන් පිටවෙයි

