අභ්‍යාවකාශයේ සිදුවූ ප්‍රථම අපරාධය ගැන නාසා ආයතනයෙන් පරීක්ෂණ


අභ්‍යාවකාශයේ සිදුවී ඇති බව පැවසෙන ප්‍රථම අපරාධය සම්බන්ධයෙන් නාසා ආයතනය පරීක්ෂණ ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

නාසා ආයතනයේ අභ්‍යාවකාශගාමිනියක වන ඈන් මැක්ලේන් මෙම අපරාධයට සම්බන්ධ බව පැවසේ.

අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිට අනවසරයෙන් වෙනත් අයෙකුගේ බැංකු ගිණුමකට ඇතුළු වීම පිළිබඳ ඇයට චෝදනා එල්ල වී ඇත.

කෙසේ වුවත් ඒ සම්බන්ධයෙන් වන චෝදනා ඇය ප්‍රතික්ෂේප කරයි.

පරීක්ෂණ අවසන් වන තෙක් ඒ ගැන අදහස් දැක්වීමෙන් වළකින බව ඇය පැවසුවාය.

 -226-