මෝටර් රථයේ සුක්කානමට තම අත දරුවාව ගැටගසා සුක්කානම කැරකවූ තායිවාන ජාතික පියෙකුට එරෙහිව කාන්තා හා ළමා අයිතිවාසිකම් සංවිධානයන් අවි අතට ගෙන තිබේ.
ගැටගැසූ දරුවා ඇති සුක්කානම ඔහු වටයක් කරකවනුත් එක් අවස්ථාවක දරුවා උඩු යටිකුරව සිටිනුත් දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලය වෙත පෙර අවස්ථාවකදී එක් කර තිබුණි.දැන් එය ඉවත් කර ඇත.
වීඩියෝව එක්කර ඇත්තේ මෙම දරුවාගේ මව බව පැවසේ.බොහෝ දෙනා මෙය වරදවා වටහාගෙන ඇති බවක් පෙනෙන හෙයින් වීඩියෝව ඉවත් කළ බව ඇය සඳහන් කර ඇත.
කලබල වෙන්න වුවමනා නැහැ.ඒ වෙලාවේ වාහනය තිබුණේ නතර කරලා.දරුවාට හානියක් කරන්න අපේ කිසිම අදහසක් තිබුණේ නැහැ.විනෝදයට වගේ තමයි මේ වගේ දෙයක් කළේ.දරුවාත් සතුටෙන් හිටියේ. ඇයගේ සටහනේ දැක්වේ.
කාන්තා හා ළමා හිමිකම් සංවිධාන චෝදනා කරන්නේ මෙම යුවළ ඔවුන්ගේ දරුවාට අන්තරායක් විය හැකි කටයුත්තක නියැළී ඇති බව කියමිනි.එනිසා ඔවුන්ව වහාම අත්අඩංගුවට ගත යුතුව තිබෙන බව එම සංවිධාන පවසයි.
නමුත් තායිවාන බළධාරීන් මේ ගැන වැඩි අවධානයක් යොමු කර නැත.දරුවාට අන්තරායක් විය හැකි බව සත්‍ය වුවත් මේ දෙමව්පියන් සිතාමතා එවැනි දෙයක් කර ඇතැයි නොපෙනෙන නිසා ඔවුන්ට දඩුවම් පැමිණවීමේ හැකියාවක් නැති බව බළධාරීන්ගේ අදහසයි.


