අඟහරු පෘෂ්ඨය සිදුරුකළ ඡායාරූප කිහිපයක් කියුරියෝසිටි රොබෝ රෝවරය අඟහරුමත සිට පෘථිවියට එවා ඇත. රොබෝ රෝවරය තම ශක්තිමත් අඬු උපයෝගී කරගනිමින් අඟහරු සිදුරුකර මෙලෙස නිදර්ශක ලබාගෙන ඇත. අඟහරු පෘෂ්ඨයේ පරම්ප් හිල්ස් නමැති ස්ථානයකින් මෙලෙස පස් ලබාගෙන ඇත. එය සමතලා අව පැහැ ප්‍රදේශයකි.
මේ පස් සාම්පල රෝවරයේ පර්යේෂණාගාරයට ගෙන ගොස් පර්යේෂණ කිරීමට නියමිතය. දැනට රෝවරය රැඳී සිටින මවුන්ට් ශාර්ප් ප්‍රදේශයේ කුඩා කඳුගැටයක් නැගීමට ද නියමිතය.
පර්යේෂකයන් බලාපොරොත්තු වන්නේ අඟහරු පෘෂ්ඨයේ ගල් පර්වතවල හා භූමියේ රසායනික දත්ත මෙන්ම අඟහරුගේ පාරිසරික ඉතිහාසය පිළිබඳ වැදගත් සාක්ෂි සොයාගත හැකිවනු ඇති බවයි.
මීට වසර කෝටි ගණනකට පෙර ගංඟා හා ජලාශ ලෙස තිබූ ප්‍රදේශවල ද කියුරියෝසිටි යානයේ රෝබවන් ස්ථාපිත කැර තිබේ.
විද්‍යාඥයන් පවසන්නේ එකළ තිබූ පරිසරික තත්ත්වයන් යටතේ ක්ෂුද්‍රජීවින් අඟහරු මත සිටින්නට ඇති බවයි.
පොළොව විද ලබාගත් මේ පස් කොටස්වල ද සිලිකා වැඩි ප්‍රතිශතයක් තිබෙන්නට හැකිබව පර්යේෂකයෝ විශ්වාස කරයි. මේ කියුරියෝසිටි යානය අඟහරු මත ගතකරන දෙවන අවුරුද්දයි. එහි පර්යේෂණ කටයුතු දැන් වඩාත් වැදගත් සංධිෂ්ඨානයකට පැමිණ ඇතැයි විද්‍යාඥයෝ කියති.
අඟහරු ග්‍රහයා තෙත් තත්ත්වයේ සිට අද පවතින වියළි තත්ත්වයට පත්වූයේ කෙසේ ද යන්න විද්‍යාඥයන්ට විසඳා ගැනීමට තිබෙන ප්‍රබල ගැටළුකි.




