මුසාලි මොහොමඩ් (92) , ඉරාකයේ ගොවියෙකි.
ඔහු පසුගියදා සිය දෙවැනි විවාහය සැමරුවේ වයස අවුරුදු 22 හැවිරිදි මූනා මුක්හිල්ෆ් සමඟිනි.
එදිනම සිය මුණුබුරන් දෙදෙනාගේ විවාහ උත්සවය ද සැමරිණි.
ප්‍රථම විවාහයේ බිරිය මියගොස් වසර තුනකින් මුසාලිගේ මෙම දෙවැනි විවාහය සිදුවිය.
පැය හතරක පමණ උත්සව සභාවක් පැවති අතර අලංකාර නර්තන , වාදන හා ගායන ආදිය ඊට ඇතුළත් විය.
මංගල උත්සවයට ඉරාක ගොත්‍රිකයන් පිරිසක් සමඟ ආගමික නායකයෝ පිරිසක් ද පැමිණ සිටියහ.
“මට දරුවන් 16 ක් හිටියත් මගේ කාය ශූරත්වය 20 කොල්ලෙක් වගේ “ කියා මුසාලි කීවේය.

