හුංගම අනතුරින් ටිපර් රියැදුරු මරුට:35කට තුවාල


(සනත් ගමගේ)

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම කිවුල ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයක් හා ටිපර් රථයක් මුහුණට මුහුණ ලා ගැටීමෙන් සිදු වූ අනතුරකින් ටිපර් රථ රියදුරා මියගොස් 35 දෙනකු පමණ තුවා ලබා ඇතැයි හුංගම පොලීසිය කියයි.

පෞද්ගලික බස් රථය මාතර සිට සූරියවැව දක්වා ධාවනය වූ අතර, වැලි පටවාගත් ටිපර් රථය තංගල්ල දෙසට ධාවනය වී ඇති බව පොලීසිය කියයි.

කිවුල ප්‍රදේශයේ වංගු සහිත ප්‍රධාන මාර්ගයේ දී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පපසයි. අනතුරත් සමග ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමනය පැයකට ආසන්න කාලයක් නතර වී තිබූ බවද පොලීසිය කියයි.

ටිපර් රථයේ සහ බස් රථයේ රියදුරන් දෙදෙනා මහත් පරිශ්‍රමයක් දරා එළියට ගැනීමට සිදු වූ බවත් තුවාලකරුවන් හම්බන්තොට සහ අම්බලන්තොට රෝහල්වලට ඇතුළත් කර ඇතැයි ද පොලිසිය කියයි.

----------------------------------------

හුංගම දී ටිපර් - බස් ගැටේ

(සනත් ගමගේ)

කොළඹ - කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම කිවුල ප්‍රදේශයේදී පෞද්ගලික බසයක් සහ වැලි ටිපරයක් ගැටීමෙන් එම මාර්ගයේ වාහන ධාවනය සම්පූර්ණයෙන්ම ඇණ හිට ඇතැයි පොලිසිය කියයි.

බස් රථයේ ගමන් ගත් පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇත.