වෙඩි පහරින් අඹුසැමි යුවළ මරුට


(චන්ද්‍රෙස්න ගමගේ , සනත් ගමගේ  සහ පද්මසිරි ගාර්දියවසම්)

තංගල්ල උණාකූරුව වැව අසළදී අද (18 යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් අඹුසැමි යුවළක් වෙඩිතබා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි. 

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තංගල්ල, උණාකූරුව කපුහේන ලිපිනයේ පදිංචි  ජුවානා හැන්නදිගේ විජිතදාස (අවු: 68) සහ පසික්කු හැන්නදිගේ පුෂ්පා (අවු: 58) යන අඹුසැමියන් දෙදෙනාය.

මෙම දෙදෙනා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු බව කියන උණාකූරුවේ ශාන්ත නමැති අයගේ මවගේ මල්ලී (මාමා) සහ ඔහුගේ බිරිද බවට මූලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ. 

වෙඩික්කරුවන්  පිස්තෝල ගිණි අවියකින් වෙඩිතබා පලාගොස් තිබේ.

මෙම යුවළ උණාකූරුව වැව ඉදිරිපිට වෙළද සැලක් පවත්වා ගෙන යන අතර එම යුවළට වෙඩිතබා ඇත්තේ වෙළද සැළ තුල සිටියදීය. 

 තංගල්ල මූලස්ථාන පොලිසිය සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වයි.