මාගම්පුර වරාය හෙට බදු දෙන බව අගමැති කියයි


(රංජන් කස්තුරි/ මහින්ද නිශ්ශංක - ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක)

හම්බන්තොට මාගම්පුර වරාය චීනයේ ‘චයිනා මර්චන්ට්‘ සමාගමට බදුදීමේ ගිවිසුම වරාය හා නාවික අමාත්‍යංශයේ දී හෙට(29) අත්සන් කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(28) ශ්‍රී ලංකා මහ බැංකු ශ්‍රවණාගාරයේ   පැවැති   මාධ්‍ය  හමුවකදී  පැවසීය.

එහිදී අගමැතිවරයා කියා සිටියේ එමගින් රටේ ණය බර අඩුකර ගැනීමට පිටුවහලක්
වන බවත් ඉදිරියේ දී මත්තල ගුවන්තොටුපොළ ගැන ද ගිවිසුමක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් ය.

ශ්‍රී ලංකාවේ චීන තානාපති යී ෂියෑං ලියැං හා වරයා ඇමැති මහින්ද සමරසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අදාළ ගිවිසුම අත්සන් කිරීම සිදුවේ.

ඒ අනුව වසර 99ක් සඳහා මාගම්පුර වරාය බදු දීමට නියමිත අතර එමගින් එකඟවී ඇති ආයෝජන වටිනාකම ඇමරිකා ඩොලර් බිලියන 1.12කි.