නෝර්වුඩ් ප්‍රා.ලේ සේවකයින් උද්ඝෝෂණයක


(රංජිත් රාජපක්ෂ   )           

නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයින් සහ එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය ලබා ගන්නා සේවා ලාභීන් එක්වඅද (27) දින දහවල් එම කාර්යාලටය ඉදිරිපිට උද්ගෝෂණයක නිරතව සිට පසුව නිවාඩු ලබා සේවා ස්ථානවලින් බැහැරව ගියහ.

එම ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලය තුල සේවය කරන නිළධාරින් සහ සේවකයින් 150ක් පමණ ප්‍රමාණවත් ඉඩ පහසුකම් නොමැති විම හමුවේ සේවා ලාභීන්ට නිසි සේවාවක් ලබා දිය නොහැකි බවත්, වැඩ කරන සේවකයින්ට සහ නිළධාරින්ට ප්‍රමාණවත් වැසිකිලි පද්ධතියක් නොමැති බවත්, එවන් තත්වයක් මත සේවා ලාභීන්ට උපරිම සේවාවක් සිදු කිරිමට නොහැකි නිසා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙනත් ස්ථානයකට හෝ දැනට පවතින  ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ලට පහසුකම් වැඩි කරන ලෙසට ඉල්ලා මෙම උද්ගෝෂණය සිදු කරනු ලැබුවේය.

නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ හැටන්, නෝර්වුඩ්, මස්කෙළිය, බගවන්තලාව, නල්ලතන්නිය යන පොලිස් බල ප්‍රදේශවල ලක්ෂයකට අධික සේවා ලාභීන් පිරිසක් සේවය ලබා ගනියි.

ඉකුත් රජය සමයේ පළාත් පාලන සීමා නිර්ණයත් සමග අඹගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ පැවති පොලිස් බල ප්‍රදේශ 05ක අයත් පදිංචිකරුව්න නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනියුක්ත කරනු ලැබුවෙිය.

මේ සම්බන්ධයෙන් නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උසස් නිළධාරියෙකුගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දැනට පවතින ගොඩනැගිලිපහසුකම් ඇතුලු අනෙකුත් පහසුකම් ලබා දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරියට ලිඛිතව දැනුම් දුන් බවයි.