සිරංගිකා ලොකුකරවිට
ගාල්ල හපුගල බටුවන්තුඩාව හන්දියේ කොටසක් අද උදෑසන හදිසියේම ගිලා බැසීමෙන් විශාල වළක් සෑදී තිබිණි. කාපට් අතුරා තිබූ එම ස්ථානයේ මාර්ගයේ එක් කොටසක් කැඩී ගොස් තිබූ අතර පාරේ තැන් කිහිපයක ඉරි තැලීම් ද දක්නට ලැබිණි.
ප්‍රදේශවාසීන් කියා සිටියේ ගිලා බැසීමත් සමග විශාල ජල කඳක් ද පිටවූ බවයි. ඔවුන් පවසන්නේ මාර්ගයට යටින් දිවෙන ජල නලයක් පුපුරායාම හේතුවෙන් මේ ගිලා බැසීම සිදුවන්නට ඇති බවයි.