(විමුක්ති එස් රුද්‍රිගු)
ඉරානය න්‍යෂ්ටික අවියක් නිපදවීම වැළැක්වීමේ උත්සාහයක් ලෙස ඊශ්‍රායලය තම දිගුකාලීන සතුරාට එරෙහිව මෙතෙක් සිදු කළ විශාලතම ගුවන් ප්‍රහාර මාලාව ඊයේ(13) දියත් කිරීමෙන් පසුව අද(14) අලුයම සහ ඊයේ(13) රාත්‍රියේ ඊශ්‍රායලය ඉරානයටත්, ඉරානය ඊශ්‍රායලයටත් මිසයිල සහ ගුවන් ප්‍රහාර එල්ල කර ගත්තේය.
ඊශ්‍රායලයේ විශාලතම නගර දෙක වන ජෙරුසලම සහ ටෙල් අවිව් හි අනතුරු ඇඟවීමේ නලා ඊයේ(13) රාත්‍රියේ සහ අද(14) අලුයම නාද වී තිබූ අතර ඉරානය ඊශ්‍රායලය ප්‍රදේශ කීපයකට මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර තිබිණි. ඉරානය බැලස්ටික් මිසයිල 100ක් පමණ ඊශ්‍රායලයට එල්ල කළ බවත් ඉන් බොහොමයක් බිම දැමීමට ඇමෙරිකානු හමුදාව සහාය වූ බවත් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රකාශ කළේය.
එම ප්‍රහාර මාලාවෙන් ටෙල් අවිව් සහ ජෙරුසලම නගරවල පිපිරීම් හටගත් බවත් ඉන් ඊශ්‍රායල ජාතිකයන් 2 දෙදෙනකු මියගොස් තවත් 60 ක් පමණ තුවාල ලැබූ බවත් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පැවැසුවේය. තුවාල ලැබූ ඇතැම් පුද්ගලයන්ගේ තත්වය බරපතළ බවත් ඒ හේතුවෙන් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රකාශ කළේය.
එසේම ඉරාන මිසයිල ප්‍රහාරයන්ගෙන් විනාශ ගොඩනැගිලිවල ඊශ්‍රායල වැසියන් සිරවී සිටින බවත් ඔවුන් මුදා ගැනීම සඳහා සහන කණ්ඩායම් ක්‍රියාත්මක බවත් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පැවැසුවේය.
මෙම ලිපිය ලියන මොහොතේද ඊශ්‍රායලයේ අරාවා පළාතේ අනතුරු ඇඟවීමේ නලා නාද වී තිබූ අතර ඊට හේතුව වී තිබුනේ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබීමය.
ඉරානය ප්‍රතිප්‍රහාර එල්ල කිරීම ආරම්භ කරමින් අනතුරු අඟවා තිබුණේ ඊශ්‍රායලයට සහාය දෙන රටවලටද ඉරානය ප්‍රහාර එල්ල කරන බවටය.