හැටන් වෙසක් අසිරිය


 

 

සුදත් එච්. එම්. හේවා

වෙසක් උත්සවය නිමිතිකර ගෙන හැටන් මුලස්ථාන පොලිසිය විසින් සංවිධානය කරන ලද වෙසක් කලාපය හැටන් පොලිස් ස්ථානය ආශ්‍රිතව පැවැත්විණි.

හැටන් පොලිස් අධිකාරි රවින්ද්‍ර අබේපිටිය මහතාගේ උපදෙස් මත පැවති මෙම වෙසක් කලාපය සඳහා හැටන් කොට්ඨාසයේ පොලිස් ස්ථානවලින් හා පාසල් විසින් නිර්මාණය කරන ලද වෙසක් කුඩු ප්‍රදර්ශනය කැරිණී.