යාපනයේ වෙසක් අසිරිය



(සිතුම් චතුරංග)


යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කළ වෙසක් කලාපය යාපනය නගර කේන්ද්‍රකරගනිමින් පැවැත්විණි.

ආගමික සංහිදියාව තුළින් ජාතික සමගිය ඇතිකිරීම අරමුණු කරගනිමින් මෙම වෙසක් කලාපය සංවිධානය කර තිබිණි.

යාපනය යුද හමුදා ආරක්ෂක සේනා අඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මගපෙන්වීම යටතේ සංවිධානය කළ අතර යාපනය මහධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන්, යාපනය ඉන්දිය මහ කොමසාරිස් එස්. බාලචන්ද්‍රන් යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් යාපනය වෙසක් කලාපය විවෘත කෙරිණි.

පලාලි මූලස්ථානයේ හමුදා සෙබලූන් විසින් විදුලි බුබුළු 20000 යොදාගෙන නිර්මාණය කරන ලද ස්වර්ණ හංස ජාතක වෙසක් තොරණ හා යුද හමුදා සෙබලූන් යාපනය දෙමළ හා මුස්ලීම් පාසල් සිසු සිසුවියන් විසින් ගායනා කරන ලද බැති ගී ප‍්‍රසංගයක්ද,දන්සල්ද මෙහිදී පැවැත්විණි.

මෙවර වෙසක් කලාපය සඳහා ප‍්‍රථම අවස්ථාවට ජනතාව වෙත දැකබලා ගැනීම සඳහා සර්වඥ ධාතු ප‍්‍රදර්ශනයක්ද යුද හමුදාව විසින් සංවිධානය කර තිබූ අතර යාපනය යුද හමුදා සෙබලූන්ගේ නිර්මාණ රැගත් අලංකාර පහන්කූඩු විශාල ප‍්‍රමාණයක් වෙසක් කළාපය සදහා එක්කර තිබිණ.