(එච්. චන්දන)
පුත්තලම පිටවට රවුම් මාර්ගයේ කිරිවැව තුළ ඉවතලන ප්ලාස්ටික් බෝතල් භාවිතා කරමින් රුවන්වැලි සෑ අනුරුවක් ඉතා අලංකාර ලෙස නිර්මාණය කර ඇත.
මෙවර වෙසක් උළෙල වෙනුවෙන් ප්‍රදේශවාසීන් සහය ඇතිව කුඩා කම්බි , කුකුල් දැල් භාවිතා කරමින් ප්ලාස්ටික් බෝතල් 3500 – 4000 පමණ ප්‍රමාණයක් මෙම නිර්මාණයට භාවිතා කළ බව එහි නිර්මාණකරු වන සරත් වීරකොන් මහතා සඳහන් කරයි. මෙහි උස අඩි 12 ½ වන අතර වට අඩි 19 වේ.




