(රොමේෂ් මධුෂංඛ)
උදා වූ වෙසක් පුන් පොහොය නිමිත්තෙන් උතුරේ බෞද්ධ බැතිමතුන් සියලු දෙනා එක්ව උතුරේ පිහිටි ආගමික සිද්ධස්ථාන වෙතට ගොස් ආගමික වතාවත්හි නිරත වූහ.
මේ අතර වෙසක් පුන් පොහොය නිමිත්තෙන් උතුරේ බෞද්ධ බැතිමතුන් මෙන්ම ආරක්ෂක අංශ විසින්ද අලංකාර වෙසක් පහන් කූඩු මෙන්ම වෙසක් තොරණද නිර්මාණය කර තිබුණි.
වෙසක් පුන් පොහොය නිමිත්තෙන් වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා මහතාගේ අධීක්ෂණයන් පරිදි එහි සෙබලුන් විසින් අලංකාර වෙසක් පහන්කූඩු නිර්මාණය කර තිබූ අතර එහි නිර්මාණ කටයුතු සිදු කරමින් පැවතුණි.
එමෙන්ම යාපනය බලකොටුව ආසන්නයේ යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය නාවික හමුදාව හා පොලීසය එක්ව වෙසක් කලාපයක් පැවත්වීමට සංවිධානය කර ඇති අතර එහි අලංකාර වෙසක්පහන් කූඩු හා වෙසක් තොරණ සංවිධානය කර තිබුණි.