කමාන්ඩෝ සෙබළුන් හතළිස්පහක් මැරූ පලියගන්න කොටි හතළිස්පහක් දඩයම් කළ හැටි


 

මෙරට ජනතාවට උදේ ආහාරයට ගත් දේ හවස් වන විට අමතක වන බවට සමාජයේ කතාබහක් පවතී. රණවිරුවන් ගැන මහත් ඉහළින් කතා කළ යුගයක් අපේ රටේ පැවතිණ. ඔවුන්ගේ අඩු පාඩුවක් කතා කරන්නෙකු දෙස පවා දේශද්‍රෝහියෙකු ලෙස බලන්නට එකල බොහෝ දෙනා පෙළඹී සිටියහ. එහෙත් ඒ යුගය අවසන්ය. දැන් රණවිරුවන් ගැන කතා කරන්නෙකු දකින්නට නැති තරම්ය. එහෙත් තිස් වසරක යුද්ධයේ සාපයෙන් රට මුදාගත් රණවිරුවන්ගේ කාර්ය භාරය, ඔවුන්ගේ කැප කිරීම, පරිත්‍යාගය අමතක කළ හැක්කක් හෝ අමතක කළ යුත්තක් නොවේ. අපේ වෑයම ඔවුන් මේ රට වෙනුවෙන් මෙරට ජනතාව වෙනුවෙන් කළ කාර්ය භාරය නැවත සිහිපත් කරමින් ඔවුන්ට හිමි ගෞරවය නැවත ලබාදීමය. 

 

මේ කතාව අපට කියන්නේ විශ්‍රාමික මේජර් සුජිත් සිරංජීව රණ විරුවාය. ඔහු යුද හමුදා කොමාන්ඩෝ බළකායට බැඳුණේ 1986දිය. සාමාන්‍යයෙන් කොමාන්ඩෝ බළකායට බඳවා ගනු ලබන්නේ යුද හමුදාවේ කලක් සේවය කර අත්දැකීම් සහිත වූවන්ය. එහෙත් එකල පළමු වතාවට යුද හමුදාවට මුලින්ම බැඳෙන කණ්ඩායමක් කොමාන්ඩෝ බළකායට බඳවාගෙන පුහුණු කරනු ලැබීය. අයැදුම් පත් විසිපන්දහසක පමණ ප්‍රමාණයකින් එකසිය විසිදෙනෙකු සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වූ අතර ඔවුන් හා යුද හමුදාවේ එකල සේවයේ නියුතු සෙබළුන්ද ඇතුලුව තුන්සිය දෙනෙකු පුහුණු කිරීමෙන් පසු කොමාන්ඩෝ බළකායට හතළිස් පස් දෙනෙකු තෝරාගනු ලැබීය. ඒ හතළිස් පස් දෙනා අතරට එක්වීමට එදා සිරංජීවටද වාසනාව ලැබිණි. එදා සාමාන්‍ය සෙබළෙකු ලෙස කොමාන්ඩෝ බළකායට එක්වූ සිරංජීව විශ්‍රාම ගත්තේ මේජර් වරයෙක් ලෙසය. 
 
අපි ඒ කඳවුර පැත්තට ගියේ මහ රෑ. හඳ තියෙන දවස්වලට මෙහෙයුම් කරන්න බැහැ. තරු එළිය වුණත් ඇත්තටම අපිට කරදරයක්. ඒත් අපි හඳ බැහැලා යන වෙලාව බලලා බිම දිගේ බඩගාගෙන තමයි කඳවුරට ළං වුණේ. ඒ පොළොව බොරලු සහ කටු පඳුරු සහිත භූමියක්. ඒත් ඒවා අපිට බාධාවක් වුණේ නැහැ. ඒක පහසු නැහැ. කලුවරේ වුණත් තල් කොළයක් වත් පොඩි වෙන විදිහට අපිට යන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. 
 
ඔහු අප සමග බොහෝ අත්දැකීම් බෙදාගත්තේය. 
 
‘අපි 1991දී දිගු දුර විහිදුම් බළකාය හැදුවා. ඒ විදිහට දිගු දුර විහිදුම් බලකායක් හදන්න පදනම වැටුණේ එල්ටීටිඊ ත්‍රස්තවාදින් විසින් චාලි බළකායට පහර දී අපේ නිලධාරින් හතර දෙනෙක් ඇතුළුව කොමාන්ඩෝවරුන් හතළිස් පස් දෙනෙකු ඝාතනය කිරිමේ සිදුවීමයි. ඒක වුණේ 1990 වසරේ අවසාන කාලයේදියි. මේ ප්‍රවෘත්තිය අහන්න ලැබෙනකොට මම හිටියේ ගණේමුල්ල කඳවුරට අනුයුක්තවයි. 
 
ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයේ ආඥාපති ජෙනරල් සිරිල් රණතුංග සර් යනවා හැම සති අන්තයකම මාවනැල්ලේ ඔහුගේ ගෙදර. එදා යද්දී මමත් ඔහු සමග ගියා. අපි යන අතරමගදී තමයි දැන ගන්නට ලැබුණේ කොටි ගහලා කොමාන්ඩෝවරු හතළිස් පස් දෙනෙක් ඝාතනය කරලා කියලා. ඔහු එකවරම වාහනය නවත්වන්න කියලා අණදුන්නා. ආයෙම පණිවිඩය අහලා බැලුවා. ඔහු කිව්වේ කොමාන්ඩෝස්ලා මැරෙන්න විදිහක් නැහැ කියලයි. බොහොම කලබල වුණ ජෙනරල් ගමන නවත්තලා ආපහු ආවා යුද හමුදා මූලස්ථානයට. ඒ අැවිත් තවදුරටත් සොයා බලද්දි කතාව ඇත්ත කියලා දැන ගත්තා. එතැනින් දිවි බේරාගෙන පලාගිය නිලධාරින් හය දෙනෙක් බෝට්ටුවකින් යද්දි තායිලන්න මුහුදු සීමාවට ඇතුළු වෙලා තිබුණා. ඒ යන ගමනේදී ෆීලික්ස් රත්නායක සර්, මගේ මිතුරෙක් වුණ සුජීව මිය ගිහින් තිබුණා. තායිලන්තයෙන් ආපසු ලංකාවට ආවේ හතරදෙනයි. ඒ මගේ මිතුරෙක් වුණ ගීත දේව, සාජන් යමුනා අල්විස්, කෝප්‍රල් සුමනදාස හා ප්‍රනාන්දු කියන පිරිසයි. 
 
ජෙනරල් ගොඩාක් මේ සිදුවීම ගැන දුක්වුණා. ඒක යුද හමුදාවට වගේම කොමාන්ඩෝ බළකායටත් විශාල කැළලක්. මේක නැති කරගන්නේ කොහොමද කියලා ඔහු තදින්ම කල්පනා කළා. එහෙම හිතලා තමයි අපෙන් නැතිවුණ හතළිස් පහට ත්‍රස්තවාදින්ගෙන් හතළිස් පහක් ගන්න ඕන කියන සංකල්පයේ සිට දිගු දුර විහිදුම් බළකාය හදන්න තිරණය කළේ. ඒක හැදුවේ කර්නල් සරත් හඳපාන්ගොඩගේ අත්දැකීම් සමගයි. කර්නල් හඳපාන්ගොඩ කියන්නේ කොමාන්ඩෝ රෙජිමේන්තුවේ හිටපු දක්ෂතම නිලධාරියෙක්. ඔහු තමයි ලංකාවේ පළමු ස්නයිපර්. කර්නල් හඳපාන්ගොඩ, මේජර් ජෙනරල් ශ්‍රීනාත් රාජපක්ෂ, මේජර් වැලිකල, කපිතාන් රවීන්ද්‍ර වන්නිනායක, මේජර් ගුණසේකර එකතු කරගෙන තමයි මේ බළකාය හැදුවේ. මේකට කිව්වේ ඩෙල්ටා පෙට්‍රෝල් කියලා. 
 
ඒ කාලේ යාපනයේ ආඥාපතිව හිටියේ ජෙනරල් කොබ්බෑකඩුව. සර් තමයි සම්පූර්ණ වැඩේ මෙහෙයවූයේ. මේජර් වැලිකල සහ මේජර් රවින්ද්‍ර වන්නිනායකගේ නායකත්වය යටතේ අපේ කණ්ඩායම් හතරක් ක්‍රියාත්මක වුණා. ඒවායේ නායකයන් හැටියට කටයුතු කළේ මේජර් එස්.ඒ. ගුණසේකර, ලුතිනන් ජානක ෆොන්සේකා, නිලන්ත සිරිමාන්න හා ලෙෆ්ටිනන්ට් ලලන්ත ගමගේ කියන නිලධාරින් සිව්දෙනයි.
 
මේකට නිලධාරීන්ද ඇතුළුව කොමාන්ඩෝවරු 120ක් ඇතුළත් වුණා. මේකට සම්බන්ධ වුණේ ස්වයංව ඉදිරිපත් වුණ කොමාන්ඩෝ වරුන්ගෙන්. කට්ටපරිච්චාන්වල සිදුවිම ගැන කියලා කැමති අයට මේකට සම්බන්ධ වෙන්න කියලා ඉල්ලුම් කළා. එහෙම එකතු වුණ අයට කිව්වා මේකේදි කාටවත් විශේෂ වරප්‍රසාද ලැබෙන්නේ නැහැ, ඒ වගේම ආපහු එන්න ලැබෙයිද කියලා කියන්නත් බැහැ. මිය ගියොත් ගෙදර අයට මිනිය දකින්නවත් ලැබෙන එකකුත් නැහැ, අම්මා තාත්තා මළත් මෙහෙයුම දාලා එන්න බැහැ වගේ කරුණු ගොඩක් අපේ පැත්තෙන් කළ යුතු කැප කිරීම් ලෙස පෙන්වා දුන්නා. ඒ හැම දේකටම එකඟ වෙලා තමයි අපි ඒ බළකායට බැඳුණේ. අපිට දෙනවා කිව්වේ නයෙක් ඉන්න කළු ස්කාෆ් එකක් විතරයි. ඒත් ඒක අපිට අදත් හරිම වටිනවා. එදායින් පස්සේ අපි ඇන්ඳෙ ඒ ස්කාෆ් එක. අදත් කොමාන්ඩෝ සෙබළුන් අඳින්නේ ඒ ස්කාෆ් එක. 
 
බළකාය හදලා අපිට විශේෂ පුහුණුවක් දුන්නා. අපි මුලින්ම යාපනයට යන්න ලෑස්ති වෙද්දිත් අපිව අරන් ගිය බස් එක කඳවුරෙන් එළියට එනකොටම ප්‍රධාන ගේට්ටුවේ හැපුණා. ඒක අසුභ නිමිත්තක් වුණත් අපි එතරම් ගණන් ගත්තේ නැහැ. ඇත්තටම එදා අපිත් එක්ක ගිය අයගෙන් විශාල පිරිසක් ආපසු ආවේ නැහැ. ඒ අය මේ හතළිස් පහේ මෙහෙයුමේදි නැති නොවුණත් යුද්ධය අවසන් වෙද්දි අපිට අහිමි වුණා. අපිට තිබුණේ එකවර එක තැන ඝාතනයට ලක් කරපු අපේ හතළිස් පස් දෙනා වෙනුවට එල්ටීටිඊයේ හතළිස් පහක් ඉවර කිරීමටයි. ඒ සඳහා අපි කළේ කෙටි කලක් තුළ අපේ ඉලක්ක ගත ස්ථානයකට පහර දීමයි. 
 
ඒ කාලේ යාපනයේ ආඥාපතිව හිටියේ ජෙනරල් කොබ්බෑකඩුව. සර් තමයි සම්පූර්ණ වැඩේ මෙහෙයවූයේ. මේජර් වැලිකල සහ මේජර් රවින්ද්‍ර වන්නිනායකගේ නායකත්වය යටතේ අපේ කණ්ඩායම් හතරක් ක්‍රියාත්මක වුණා. ඒවායේ නායකයන් හැටියට කටයුතු කළේ මේජර් එස්.ඒ. ගුණසේකර, ලුතිනන් ජානක ෆොන්සේකා, නිලන්ත සිරිමාන්න හා ලෙෆ්ටිනන්ට් ලලන්ත ගමගේ කියන නිලධාරින් සිව්දෙනයි. 
 
අපි මේ ප්‍රහාරයේදි වැඩි වශයෙන් අනුගමනය කළේ පිටිපස්සෙන් ගිහින් පහර දීම. රෑ කාලේ අපි ත්‍රස්තවාදීන්ගේ කඳවුරුවල සීමාවට ගිහින් එළිවෙන පාන්දර වෙනකල් බලාගෙන ඉන්නවා. ඒ ඔවුන්ගේ ඡායා යන්තමට පේනකල් ඉන්න ඕන නිසා. ඔවුන් නැගිටලා ඈනුම් ඇරලා හිරිඅරිනකොට අපි ගහනවා. කොටි කඳවුරේ ආරක්ෂාවට ඉන්න අය හැමවෙලාවෙම බලාපොරොත්තු වෙන්නේ ඉස්සරහින් පහර දීමයි. ඒ නිසා ඔවුන් ඉන්නේ ඉදිරිය බලාගෙන. ඒ වෙලාවේ අපි පිටිපස්සෙන් ගිහින් පහර දෙනවා. පළමු වතාවට තමයි එවැනි පහර දීමක් සිදුකළේ. 
 
අපි මුලින්ම පහර දුන්නේ යාපනයේ කීරමලේ පිහිටි ත්‍රස්තවාදී කඳවුරකටයි. ඒක පිහිටා තිබුණේ කන්කසන්තුරේ පැත්තේ වෙරළ තීරයට ආසන්නයේයි. අපි ටික කලක් මේ කඳවුර සම්බන්ධයෙන් තොරතුරු එකතු කළා. ඔත්තුකරුවන් යොදවා ලබාගත් තොරතුරු අනුව තමයි පහර දීම සිදුකළේ. ඒක පිහිටා තිබුණේ අපි හිටපු තැන ඉඳලා මිටර් පන්සීයක් විතර දුරකින්. අපි ඒ කඳවුර පැත්තට ගියේ මහ රෑ. හඳ තියෙන දවස්වලට මෙහෙයුම් කරන්න බැහැ. තරු එළිය වුණත් ඇත්තටම අපිට කරදරයක්. ඒත් අපි හඳ බැහැලා යන වෙලාව බලලා බිම දිගේ බඩගාගෙන තමයි කඳවුරට ළං වුණේ. ඒ පොළොව බොරලු සහ කටු පඳුරු සහිත භූමියක්. ඒත් ඒවා අපිට බාධාවක් වුණේ නැහැ. ඒක පහසු නැහැ. කළුවරේ වුණත් තල් කොළයක් වත් පොඩි වෙන විදිහට අපිට යන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මොකද ඒකෙන් ලොකු සද්දයක් ඇහෙනවා. ඒක සතුරට ඇහෙන එකත් ගැටලුවක්. ඒ වගේම ඒ සද්දේ ගිනි අවියක් ප්‍රහාරයකට සුදානම් කරනවා වගේ හඬක්. ඒ නිසා අපි වුණත් ඒ හඬින් ගැස්සෙනවා. අපේ එකම අරමුණ ඉලක්කය කරා ළඟා වීමයි. අපි ගිහින් කඳවුර සීමාවේ නැවතිලා බලා හිටියා. ඔවුන් නැගිටලා එළියට එද්දි අපි ගහන්න පටන් ගත්තා. ඒ අයට හිතාගන්න බැරි වුණා මොකද වුණේ කියලා. එතන ත්‍රස්තවාදින් හතර දෙනෙක් විතර මිය ගියා. 
 
අපේ දෙවැනි ප්‍රහාරය එල්ල කළේ වාසවිලාන්වල. එ්කත් පිටිපස්සෙන් ගිහින් තමයි අපි පහර දුන්නේ. ඒ ප්‍රහාරයෙන් පස්සේ ත්‍රස්තාවදින් බය වුණා. කොයි වෙලාවේ පස්සෙන් ඇවිත් ගහයිද කියලා ඔවුන් කල්පනා කරන බව පෙනුණා. ඒකට ඔවුන් සුදානම් වන බවක් අපිට පෙනුණා. අපි එයින් පසු ක්‍රමය ටිකක් වෙනස් කළා. ඒ අනුව තුන්වැනි ප්‍රහාරය අපි එල්ල කළේ කුරුම්බචෙට්ටි වලට. 
 
 
එතනට අපි ගියේ දවල්. මොකද රෑට ගිහින් උදේ පහර දීම් කීපයක් කරපු නිසා ත්‍රස්තවාදින් ඒකට ටික ටික සූදානම් වෙන බව අපිට තේරුණා. ඒ නිසා අපි ඒ ක්‍රමය හිටිගමන් වෙනස් කළා. කුරුම්බචේට්ටිවලදි අපි පහර දුන්නේ ඒ දෙවැනි ක්‍රමයට. ඒ තමයි දවල් පහර දීම. දවල් පහර දීම පහසු නැහැ. මොකද අපිට ඔවුන්ව පේනවා වගේම ඔවුන්ටත් අපිව පේනවා. ඒ නිසා ඒක මුහුණට මුහුණ සටනක් බවට පත් වෙනවා. 
 
අපේ මේ ප්‍රහාරයේදි පැය දෙක තුනක් එක දිගට එකිනෙකා වෙඩි තියා ගත්තා. එයින් අපේ තුන්දෙනෙකුට තුවාල වුණා. අපේ සතුරන් කීප දෙනෙක්ම මිය ගියා. ඒකත් සාර්ථක ප්‍රහාරයක් හැටියට තමයි අපි දකින්නේ. 
 
ත්‍රස්තවාදින් නිතරම මේ ගමට පැනලා මිනිස්සු කපලා කොටලා මරනවා. අපි යන්න කලින් සුදු බණ්ඩා කියලා මනුස්සයෙක්ව ත්‍රස්තවාදින් පැහැරගෙන ගිහින් තිබුණා. මේ තත්ත්වය පදනම් කරගෙන තමයි ප්‍රතිප්‍රහාර එල්ල කරන්න කටයුතු කළේ. අපි නෙඳුන්කේනිවල ඉඳලා ත්‍රස්තවාදින්ගේ ‘වන් ෆෝ බේස්’ කියන ඔවුන්ගේ මධ්‍යස්ථානය තමයි අපේ ඉලක්කය වුණේ. අපි එතනට යන්න ගියේ ඔවුන්ගේ තොරතුරු සොයා ගැනීමට හා අවශ්‍ය වුවහොත් පහර දීමටයි.
 
හතර වැනි ප්‍රහාරය එල්ල කළේ එල්ටීටීඊයේ මේජර් සුන්දරිගේ මල්ලාකම්වල මධ්‍යස්ථානයට. එතන ගොඩක් හිටියේ කාන්තාවන්. ‘නිදහසේ කිරිල්ලියෝ’ කියලා තමයි ඒ කණ්ඩායම හඳුන්වන්නේ. මේකට අපි එල්ල කළ ප්‍රහාරයෙන් පිරිමි හා ගැහැනු විස්සක් විතර මිය ගියා. 
 
ඊට පස්සේ අපි ගියේ අලිමංකඩට. නමුත් එතන ඇතුල් වීමට හා පිටවීමට තිබුණ එකම තැනක්. ඒ නිසා එතන අපේ වැඩේ කරන්න අමාරුයි. ඒ නිසා අපි ආපහු ආවා වැලිඔයට. වැලිඔයදි වැලිවගුර තමයි අපි අන්තිම ටාගට් එක ගත්තේ. ලුතිනන් ජානක ෆොන්සේකා, කෝප්‍රල් දයාවංශ, ඇතුළු කණ්ඩායමක් තමයි ඒකට සම්බන්ධ වුණේ.’ ඒ වෙනකොට මමත් කෝප්‍රල් කෙනෙක්. ඒ පැත්තේ තිබුණේ නෙදුන්කේනි කියලා ගමක්. 
 
 
ත්‍රස්තවාදින් නිතරම මේ ගමට පැනලා මිනිස්සු කපලා කොටලා මරනවා. අපි යන්න කලින් සුදු බණ්ඩා කියලා මනුස්සයෙක්ව ත්‍රස්තවාදින් පැහැරගෙන ගිහින් තිබුණා. මේ තත්ත්වය පදනම් කරගෙන තමයි ප්‍රතිප්‍රහාර එල්ල කරන්න කටයුතු කළේ. අපි නෙඳුන්කේනිවල ඉඳලා ත්‍රස්තවාදින්ගේ ‘වන් ෆෝ බේස්’ කියන ඔවුන්ගේ මධ්‍යස්ථානය තමයි අපේ ඉලක්කය වුණේ. අපි එතනට යන්න ගියේ ඔවුන්ගේ තොරතුරු සොයා ගැනීමට හා අවශ්‍ය වුවහොත් පහර දීමටයි. 
 
 
 
අපි නෙදුන්කේනි පැත්තට කිලෝමීටර් විස්සක් විතර ගියා. ඒ යද්දි අඩි පාරක් හමුවුණා. එතැන අපේ කණ්ඩායමක් ස්ථාන ගත කරලා තවත් ටික දුරක් ගියා. එහෙම යද්දි අපිට කවුරු හරි කතා කරන හඬක් ඇහුණා. අපි එකවරම නැවතුණා. හඬ ආපු පැත්ත දිහා සැඟවිලා බලන් හිටියා. සැඟවිලා බලාගෙන ඉන්නකොට තුවක්කු ගත්ත පුද්ගලයෙක් කැලෑවෙන් මතු වුණා. ඊට ටිකකට පස්සේ තවත් කෙනෙක් ආවා. ඒ අය අපේ අයද කියලත් හිතුණා. නමුත් අපේ අය ඒ පැත්තේ නැහැ කියලා තොරතුරු තිබුණ නිසා අපි දැන ගත්තා මෙතන ඉන්නේ ත්‍රස්තවාදින් කියලා. ඊට පස්සේ අපි ඔවුන්ට වෙඩි තියන්න පටන් ගත්තා. එතනදි අපිට හමුවුණ හතර දෙනාම අපේ ප්‍රහාරයෙන් මිය ගියා. 
 
සමහර තැන්වල තවත් සතුරන් හිටියා. අපිට තවත් පහර දෙන්න තිබුණා නම් හොඳයි. නමුත් අපේ සැලසුම් ක්ෂණික ප්‍රහාරයක් එල්ල කර ආපසු පැමිණීම. ඒක සාමාන්‍යයෙන් උපරිම පැය දෙකක තුනක වගේ ප්‍රහාරයක් විය යුතු බවටයි අපි සැලසුම් කර තිබුණේ. ඒ නිසා අපි ගාව තිබෙන උණ්ඩත් එවැනි කාලයකදි අවසන් වෙනවා. ඒ නිසා අපි කොයි වෙලාවකවත් එතනින් එහාට පහර දෙන්න ගියේ නැහැ. අපි ඉහළ නිලධාරියා පසු බසින්න කිව්වාම පසු බැස්සා. පසු බහින්නේ අපේ ජීවිතයත් බේරාගෙන ඉදිරි මෙහෙයුම් කළ යුතු නිසයි. ඇත්තටම අපේ සමහර අය මුල් අවස්ථාවේදි එහෙම පසු බසින්න කැමති වුනේ නැහැ. පස්සේ අපේ ඉහළ නිලධාරින් ඒ ගැන බරපතළ විදිහට අපිට අවවාද කළා. පසුබැසීමේ වැදගත් කම පෙන්වා දුන්නා. ඊට පස්සේ එහෙම ගැටලු ඇති වුණේ නැහැ. 
 
වැලිඔය ප්‍රහාරයෙන් අපේ හතළිස් පහට හතළිස් පහේ ඉලක්කය සම්පූර්ණ වුණා. අපේ මේ ජයග්‍රහණයට බලපෑ කාරණා කිපයක්ම තිබුණා. එකක් තමයි අපේ කණ්ඩායමේ එකිනෙකා අතර තිබුණ මනා අවබෝධය. බැඳීම. ඒ නිසා වැඩ කරද්දි අපි එකිනෙකාට පරස් පර ක්‍රියාමාර්ග ගත්තේ නැහැ. අනෙක් කෙනාට බලපාන කිසිම දෙයක් කළේ නැහැ. ඒ වගේම මේ කණ්ඩායම මෙහෙයුමට දාන්න කලින් දුන්න පුහුණුව අපිට ගොඩක් වැදගත් වුණා. ඒ නිසා අපේ කණ්ඩායම ගෙන්වලා පොරොන්දු වුණ හැටියට ස්කාෆ් එක දුන්නා. ඒක අපිට සම්මානයක් දුන්නා හා සමානයි. 
 
සටහන: 
මුදිතා දයානන්ද සහ 
ඉන්දිකා රාමනායක