
(යොහාන් භාසුර)
පාකිස්තාන් තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ලෙස රාවල්පින්ඩිහිදී අද (20) පැවැති තරගයේදී සිම්බාබ්වේ ක්‍රීඩකයෝ ලකුණු 67 කින් ශ්‍රී ලංකාව පරාජය කිරීමට සමත් වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 163 ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා පිල ඕවර 20 කදී ලකුණු 95 කට සීමාවිය.
සිම්බාබ්වේ පිල ඕවර 20 කදි කඩුලු 8 ට 162 (බ්‍රයන් බෙනට් 49, ශිකන්දර් රාසා 47, ඒෂාන් මාලිංග 27/2, වනිදු හසරංග 32/3) ශ්‍රී ලංකා පිල ඕවර 20 කදී සියලු දෙනා දැවී 95 (භානුක රාජපක්ෂ 11, දසුන් ශානක 34, බ්‍රැඩ් එවන්ස් 9/3)

