
(එම්.කේ.නන්දසේන)
යාල ජාතික වනෝද්‍යානයට මී කැඩීම සඳහා ඇතුළු වූ පුද්ගලයකු වෙඩි වැදී තුවාල සහිතව පැමිණ කතරගම කොච්චිපතාන ඝණ දේවාලය සීමාවෙි වැටී සිටියදී කතරගම පොලීසියට ලැබුණු දුරකථන ඇමතුමක් මත එම පුද්ගලයා හම්බන්තොට මහ රෝහලට යැවූ බව කතරගම පොලීසිය කියයි.
මෙලෙස තුවාල ලබා ඇත්තේ කතරගම කඳසුරිඳුගම ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි අයෙකි.
මෙම පුද්ගලයා මී කැඩීම සඳහා යාල උද්‍යානයට ඇතුළුවූ බවත්, මස් බෑගයක් සමඟ පැමිණි දෙදෙනකු ගෙන් අයකු බෙහෙත් කොටන ගිනි අවියකින් වෙඩි තැබූ බවත්, එම ස්ථානයේ ඇදවැටී පැයකීපයකට පසුව සෙමින් සෙමින් මෙලෙස පැමිණි බවත් ඔහු පොලීසියට පවසා ඇත.
පොලීසිය මගින් අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා කතරගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රථිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට යවා ඇත.

