මියගිය නීතිඥයාගේ නිවෙසින් ගිනි අවි උණ්ඩ


(අජිත්ලාල් ශාන්තඋදය)

රත්නපුර අධිකරණවල සේවය කරමින් සිටියදි දින කිහිපයකට පෙර දි මියගිය නීතීඥවරයකුගේ නිවසේ තිබූ ගිනි අවි සහ උණ්ඩ තොගයක් සොයාගත් බව රත්නපුර පොලිසිය කියයි.

පොලිසියට ලද තොරතුරක් මත අද (17) අලුයම නිවෙස පරීක්ෂා කළ රත්නපුර මූලස්ථාන පොලීසියේ නිලධාරින් ගිනි අවි සහ  උණ් තොගයක් සොයා ගෙන ඇත.

රිවොල් වරයක් වැනි අවියක්, බෝර 12 උණ්ඩ යෙදිය හැකි අවියක්, අඩි 2ක් පමණ දිග යකඩ බැරලයට සවි කරන ලද ස්ප්‍රිබන් එක සහිත හා අඩි 2.11ක් දි, ලී බට් එක සහිත තුවක්කුවක්, අඩි 2.6ක් දිග යකඩ බැරලයක් හා අඩි 1.9ක් දිග ලී බට් එක සහිත තුවක්කුවක්, රයිපලයක්, තුවක්කු සහ රිවොල්වර වල යැයි සිතිය හැකි කොටස්ල පෙට්ටි කිහිපයක බහාලු බෝර 12 උණ්ඩ 383ක්ල පෙට්ටි කිහිපයක බහාලු බෝර 16 උණ්ඩ 82ක්, මූණිස්සං 24ක් අඩංගු ටින් එකක් මෙලෛස සොයාගෙන තිබුණි.