නුගේගොඩ රැළිය අද


 

(රංජන් කස්තුරි)

මාලිමා ආණ්ඩුවේ ක්‍රියා කලාපයට විරෝධය දැක්වීම සඳ ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන ජනරැලිය අද (21) පස්වරැ 2 ට නුගේගොඩදී පැවැත්වේ

ආණ්ඩුව පලවා හැරීමේ පළමු වෙඩි මුරය පත්තු කිරීම සඳහා එම රැලිය සංවිධානය කරන බවත් රට පුරා විවිධ ප්‍රදේශ වලින් අති විශාල ජනකායක් ඊට සහාය පළකරමින් නුගේගොඩට රැස්වන බවත් ඒකාබද්ධ විපක්ෂය සඳහන්ක් කරයි.

එම ජනරැලියට විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂවල නියෝජිතයන් හා ක්‍රියාකාරියන් සහභාගිවන බවද ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි.

පා ර් ලි මේන්තුව නියෝජනය කරන සහ ඉන් පිටත විපක්ෂයේ දේශපාලන පක්ෂ සියල්ලම පාහේ නුගේගොඩ ජනරැළියට එක්වන බවට දැනටමත් තීන්දු කර තිබෙන බවද ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන නායකයෝ පවසති