
(විමුක්ති එස් රුද්‍රිගු)
නීති විරෝධී සංක්‍රමණ වැළැක්වීමේ පියවරක් ලෙස 2029 වසරේ සිට එක්සත් රාජධානියේ රැකියාවක් කිරීම සඳහා එරට රජය නිකුත් කරන ඩිජිටල් හැඳුනුම්පත ළඟ තිබීම අනිවාර්ය කර තිබේ.
ඩිජිටල් හැඳුනුම්පත් ක්‍රමය හඳුන්වා දෙමින් අග්‍රාමාත්‍ය කීර් ස්ටාර්ම ප්‍රකාශ කර ඇත්තේ ඩිජිටල් හැඳුනුම්පත මගින් එක්සත් රාජධනියට නීති විරෝධීව පැමිණ රැකියා කිරීම අපහසු වනු ඇති බවත් ඊට අමතරව එමගින් ජනතාවට විශේෂ ප්‍රතිලාභ ගණනාවක් අත්වනු ඇති බවත්ය.
කෙසේ නමුත් විරුද්ධ පක්ෂය පවසා ඇත්තේ ඩිජිටල් හැඳුනුම්පතින් නීති විරෝධී සංක්‍රමණිකයන් පැමිණීම වැළැක්වීමට නොහැකි බවයි.
අග්‍රාමාත්‍යවරයා ඩිජිටල් හැඳුනුම්පත් ක්‍රමය නිවේදනය කිරීමත් සමග අත්සන් ලක්ෂ 16 කට වැඩි ප්‍රමාණයකින් යුතු පෙත්සමක් ඊට විරුද්ධව ඉදිරිපත් වී ඇත . රජය විසින් නිකුත් කරනු ලබන හැඳුනුම්පතකට ලියාපදිංචි වන ලෙස කිසිවකුටත් බල නොකළ යුතු බව එම පෙත්සමේ සඳහන් වේ. රජය ජනතව පාලනය කිරීම සහ නිරීක්ෂණය කිරීමේ පළමු පියවර ඩිජිටල් හැඳුනුම්පත බවද එම පෙත්සමේ දැක්වේ.
එරට සම්ප්‍රදාය අනුව ලක්ෂයට වැඩි අත්සන් ප්‍රමාණයකින් පෙත්සමක් ඉදිරිපත් වුවහොත් එය පාර්ලිමේන්තුවේදී විවාදයට ගත යුතුය. නමුත් ඉන් ප්‍රතිපත්ති තීරණය කිරීමට කිසිඳු බලපෑමක් එල්ල නොවේ.

