වෛද්‍ය වාර්තාවලට උපරිම ගාස්තු පනවයි


නිලු‍කා කුමාරතුංග

පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය රසායනාගාරවලින් අයකරනු ලබන ගාස්තු සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය උපරිම ගාස්තු සීමාවක් පනවා තිබේ. 

ඒ අනුව සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් සඳහා පෞද්ගලික අංශයෙන් අය කළ හැකි උපරිම ගාස්තුව රුපියල් 400 කි. මින් පෙර අවස්ථාවක නිකුත් කෙරුණු නිවේදනයකට අනුව ඩෙංගු රෝග නිර්ණ රුධිර පරීක්ෂාවක් සඳහා අයකළ හැකි උපරිම ගාස්තුව වූයේ රුපියල් 1200 කි.

උපරිම මිල ඉක්මවා පරීක්ෂණ සිදුකරන්නේ නම් තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව පාරිභෝගික සේවා පිළිබද අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් පවසයි.

නියමිත ගාස්තුව ඉක්මවා මුදල් අයකරන අවස්ථා පිළිබඳ කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි දුරකථන අංකය ඔස්සේ මහජනතාවට පැමිණිලි කළ හැකි බව සභාපතිවරයා පැවසීය.