ලෝක ජනගහනයෙන් බිලියන එකකට මානසික ආබාධ


ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම වාර්තාවක් කියයි

උපුල් වික්‍රමසිංහ

ලෝක ජනගහනයෙන් බිලියන එකකට වැඩි පිරිසක් කාංසාව හා ආතතිය වැනි මානසික ආබාධවලින් පෙළෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය 2 වැනිදා නිකුත් කළ නවතම නිවේදනයක දැක්වේ.

එම වාර්තාව අනුව සෑම රටකම සියලු වයස් කාණ්ඩවලට අයත් පිරිස් මානසික ආබාධවලින් පෙළෙන බව සොයාගෙන ඇති අතර විවිධ මට්ටම්වල ආදායම් ලබන්නන් ද ඒ අතර සිටින බව හෙළි වී තිබේ.

දිගුකාලීන ආබාධ තත්ත්ව හට ගැනීමට සහ නිරෝගිමත් දිවිපෙවෙතක් අහිමිවීමට බලපාන හේතු අතර  මානසික ආබාධ දෙවැනි තැන ගන්නා බව ද එම වාර්තාවෙන් පෙන්වා දෙයි.