ඉන්දික හේවාවිතාරණ
පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරින් යටතේ ධාවනය වෙන ඇතැම් බස් රථවල රියැදුරු අසුනට සවිකර තිබෙන ආසන බඳපටි ප්‍රමිතියෙන් තොර බව ලංකා පෞද්ගලික මගී ප්‍රවාහන සේවක සංගමය සඳහන් කරයි.
මගී ප්‍රවාහන කටයුතුවලට යොදාගන්නා බස් රථවල රියැදුරු අසුනට ආසන බඳපටි සවිකිරීම රජය විසින් අනිවාර්ය කර තිබීම අනුව ඉන්දියාවෙන් ගෙන් වූ ඇතැම් බස් රථවලවල රියැදුරු අසුන සඳහා ආසන බඳපටි සවිකිරීමට බස් හිමියන්ට සිදුව තිබෙන බව ද එම සංගමය පෙන්වා දෙයි.
මේ ආකාරයට බස් හිමියන් විසින් සවිකරන ඇතැම් ආසනපටි නිවැරදි ලෙස ලොක්වීමක් සිදුනොවන බවත් ඇතැම් බස් හිමියන් විසින් සාමාන්‍ය පටි පවා ආසනවලට සවිකර තිබෙන බවත් සංගමය සඳහන් කරයි.
මේ ආකාරයේ ආසන බඳපටිවලින් අනතුරක් සිදුවූ විට රියැදුරුට ලැබිය යුතු ආරක්ෂාව නොලැබී යන බවත් රියැදුරන් විසින් නීතිය ක්‍රියාත්මක විමෙන් වැළකී සිටීම සඳහා ප්‍රමිතියෙන් තොර ඇතැම් බඳපටි ශරීරය හරහා දමාගෙන සිටින බවත් ඔවුහු පෙන්වා දෙති.
ආසන බඳපටිවල පවතින හිඟය හා රියැදුරු අසුනට සවිකරන ප්‍රමිතියෙන් යුත් ආසන බඳ පටියක මිල ඉහළ අගයක් ගැනීම ඇතැම් බස් හිමියන් ප්‍රමිතියෙන් තොර ආසන බඳ පටි සවි කිරීමට හේතුවක් වී තිබෙන බවද බස් හිමියෝ සඳහන් කරති.
මේ නිසා පවතින ගැටලුකාරී තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර පවතින ගැටලුකාරී තත්ත්වය විසඳීමට කඩිනමින් කටයුතු කළ යුතු බව ද ඔවුහු පෙන්වා දෙති.