ප්‍රේමකීර්ති රණතුංග
අනුර කුමාර දිසානායක ජනාධිපති තනතුරට පත්වූ පසු මේ වෙන තුරු රට අභ්‍යන්තරයේ ගමන්වලට හෙලිකොප්ටර් භාවිත කර නැතැයි රජය සඳහන් කරයි.
ඉකුත් සතියේ ජනාධිපතිවරයා යාපනයේ දින දෙකක නිල සංචාරය සඳහා කොළඹ සිටම ගමන් කළේ ඔහුගේ නිල මෝටර් රථයෙනි.මේ සම්බන්ධයෙන් විමසූ විට වැවිලි කර්මාන්ත ඇමැති සමන්ත විද්‍යාරත්න පැවසුවේ අනවශ්‍ය ගමන්වලටත් හෙලිකොප්ටර් යොදා ගනිමින් ජනාධිපතිවරුන් භුක්ති විඳි වරප්‍රසාද පිළිබඳව වත්මන් ජනාධිපතිවරයා රටට යහපත් පණිවුඩයක් ලබා දී ඇති බවය. අනාගතයේ දී අත්‍යවශ්‍යම අවස්ථාවක අවශ්‍ය වුවහොත් පමණක් ජනාධිපතිවරයා හෙලිකොප්ටර් පාවිච්චි කරනු ඇතැයි ද ඇමැතිවරයා පැවසීය.