‘මයික් ප්‍රනාන්දු’ යනු කලා ක්ෂේත්‍රයේදී අපට හමුවන ඕල් රවුන්ඩර් කෙනෙකි. ගුවන් විදුලි හඬ කැවීම් ශිල්පියකු, වෙෙළඳ දැන්වීම් නිරූපණ ශිල්පියකු, වේදිකා, සිනමා හා ටෙලිනාට්‍ය නළුවකු ලෙස ඔහු තමා සතු ඒ හැකියාව අපූරුවට පෙන්නුම් කර ඇති ප්‍රවීණයෙකි. මයික් ගැන මේ දිනවල බොහෝ දෙනා කතා වන්නේ මහේෂ් මුණසිංහගෙ ‘‘සූර්යා’ ෆිල්ම් එකේ පියකු ලෙස රඟපාන චරිතය නිසයි. පිය සෙනෙහසට අරුතක් දුන් අපූරු රංගනයකැයි බොහෝ දෙනාගේ අදහසය. ඉතින් මයික් එක්ක කතා බහ කරන්න හොඳම වෙලාව තමයි මේ.
ප්‍ර ‘මයික්’ කලා ක්ෂේත්‍රයට ඇවිත් සෑහෙන කලක් වෙනව නේද?
අවුරුදු තිහකටත් වැඩියි. 88 දී විතර ආවේ.
ප්‍ර පටන් ගත්තෙ?
වේදිකාවෙන්. වේදිකා නාට්‍යයක රිහසල් කරමින් සිටි අතරවාරයේදි පොදවැස්ස ටෙලිනාට්‍යයේ රඟපෑමට ලැබුණා. ඒ එක්කම පොදවැස්සෙන් හිමගිරි අරණට ගියා. ඒ අතරවාරයේදීම වගේ බන්දුල විතානගේ සර්ගේ, වැනීසියේ වෙළෙන්දා (තුන්වැනි කණ්ඩායම) සෙනෙහෙබර ඩොලී, රෝමය ගිනි ගනී වැනි වේදිකා නාට්‍යවල දීර්ඝ කාලයක් රඟපෑවා. ඒ විදිහට ආ රංගන ගමනේදී මෑතකදී රඟපෑවේ සකූගේ කතාව සහ සකුගේ ලෝකය යන ටෙලිනාට්‍ය දක්වා රඟපෑමෙන් දායක වුණා.
ප්‍ර වේදිකා සහ ටෙලිනාට්‍ය බොහොමයක රඟපාලා තිබුණත් මයික් වඩා ජනප්‍රිය වුණේ වෙළෙඳ දැන්වීම් නිසා නේද?
හරියටම හරි. කිඹුලා උදැල්ල නිසා අදටත් බොහෝ දෙනාගෙන් ප්‍රතිචාර ලැබෙනවා. සුනිල් රත්නායකගේ හිමගිරි අරණ රඟපාලා ආවාට පස්සේ තමයි කිඹුලා උදැල්ල සහ ගොවිසෙත නිරූපණයට අවස්ථාව ලැබුණෙ.
ප්‍ර රඟපෑමට ඇවිත් සෑහෙන කලක් වුනත් රංගන ක්ෂේත්‍රයේදි මයික්ව දකින්න ලැබුණෙ ඉඳහිට? ඇයි ඒ?
ඒකට හේතුව මම රැකියාවක් කළා. සෙලින්කෝ රක්ෂණ සමාගමේ ජීවිත රක්ෂණ අංශයේ. ශාඛා කළමනාකාර, ප්‍රාදේශීය කළමනාකාර ලෙස කටයුතු කළා. පසුව ඒෂියන් එලායන්ස් සමාගමේ කොළඹ ප්‍රාදේශීය කළමනාකරු ලෙස කටයුතු කළා. ජනශක්තිත් හිටියා. සහකාර සාමාන්‍යාධිකාරි දක්වා රක්ෂණ ක්ෂේත්‍රයේ දි කටයුතු කරන්න ලැබුණා. රැකියාවේ කාර්ය බහුලත්වය නිසා දිගටම රඟපෑම් කටයුතුවල නිරතවෙන්න කාලය මදි වුණා. ඒ නිසා මුල් තැන දුන්නෙ රැකියාවට.
ප්‍ර මයික්ගෙ ගෙදර විස්තර?
නංගිලා-මල්ලිලා ඇතුළු කණ්ඩායම කලාවට සම්බන්ධ නැහැ. හැබැයි, අපේ පුංචි අම්මා කෙනෙක් බටහිර සංගීත අංශයේ ගායිකාවක ලෙස කටයුතු කළා. අපේ අම්මා සංගීත ගුරුවරියක්. ඇය ජීවතුන් අතර නැහැ.
ප්‍ර මයික් විවාහ වුණේ නැහැ?
මගේ අරමුණ තිබුණේ ඇමරිකාවට යන්න. ඇමරිකාවේ ගිහිල්ලත් හිටියා. ආයෙත් පදිංචියටම යන්න හිතාගෙන සිටියදි අපේ අම්මා මියගියා. ඒ එක්කම ඇමරිකා යාමට තිබූ අරමුණ වෙනස් කර ගත්තා. පාසල් යන කාලයේ සිට සබඳතාවක් තිබුණා. හැබැයි ඒවා අහිමිව ගියාට පස්සේ මගේ අරමුණ වුණේ ප්‍රජාප්‍රසාදිවරයකු (කතෝලික පූජකයකු) වීමටයි.
ප්‍ර මයික් අවංක පෙම්වතෙක් එදා?
එහෙම කිව්වොත් නිවැරදියි. මට ෆාදර් කෙනෙක් වෙන්න බැරි වුණත් මගේ මල්ලි අද ෆාදර් කෙනෙක්. ඒ ගැන මට සතුටුයි.
ප්‍ර මයික්ට ජීවිතේ පාළුවක් දැනෙන්නෙ නැද්ද?
කොහෙත්ම නැහැ. මොකද මම නිතරම මොනවාහරි වැඩක නියැළුණා. රැකියාව කරද්දි මට නිදාගන්නවත් වෙලාවක් තිබුණෙ නැති තරම්. එච්චරටම කාර්ය බහුල වුණා. වර්තමානයෙදි වැඩිපුරම මම දායක වෙන්නෙ හඬ කැවීම්වලට.
ප්‍ර මයික්ට තිබුණු ලොකුම හීනය?
මගේ ලොකුම හීනය වුණේ ගුවන් නියමුවකු වෙන්න. ඒත් ඒ අවස්ථාවට ළඟාවෙන්න මට බැරි වුණා. බදුල්ලෙ පදිංචිව සිටියදී උසස් පෙළින් පසුව මම පොලිස් සේවයට බැඳුණා. බදුල්ල පොලිසියේ අතිරේක පොලිස් පරීක්ෂකවරයකු ලෙස කටයුතු කළා. ඒ අතරවාරයේදි ගුවන් හමුදාවට අයැදුම්පත් යොමු කරලා එයින් සමත් වුණා. හැබැයි අම්මා ඒකට අකමැති වුණා. ඒ නිසා මම ගියේ නැහැ. පසුව අම්මාම තමයි ඩාර්ලි බට්ලර් සමාගමට මගේ අයැදුම්පතක් යොමු කළේ. එහි රැකියාව ලැබුණෙ අම්මා නිසයි. ඉන්පස්සෙ තමයි සෙලින්කෝ එකට ගියේ. එදා ඉඳලා මට ජීවිතේ පාළුවක් දැනුණෙ නැහැ. මම බොහෝම විවේකීව කලා කටයුතුවල දායක වෙනවා. මෑතකදිත් වෙළෙඳ දැන්විම්වලට පෙනී හිටියා.
ප්‍ර මයික්ගෙ සම්පූර්ණ නම?
මයික් ඇන්තනි ප්‍රනාන්දු.
ප්‍ර එතකොට ‘මයික්’ වුණේ?
මගේ පළමුවැනි ආටිකල් එක කළේ නාරද නිශ්ශංක. එතුමා තමයි මට ඒ විදිහට නම දැම්මෙ. ඉතින් ඒ නම නැගලා ගියා.
ප්‍ර මයික් නිතරම හඬ කැවීම් වෙනුවෙන් මයික් ඉදිරියේ නිතරම සිටින නිසා ඒ නම ගැළපෙනවා නේද?
මම හිතන්නෙ මිනිසුන්ට ලෙහෙසියෙන් අමතන්න පුළුවනිනෙ.
ප්‍ර සූර්යා මයික් රඟපාන කී වැනි ෆිල්ම් එකද?
මීට පෙර පෙම් රජදහන, සලෙලු වරම, දේදුනු ආකාසේ ඇතුළු ෆිල්ම් කීපයක රඟපාලා තිබුණා. හැබැයි මේ වගේ ප්‍රබල චරිතයක් ලැබුණෙ පළවැනි වතාවට. තාත්තා ලෙස රඟපාන දෙවැනි අවස්ථාව මේ චිත්‍රපටය. මහේෂ් මුණසිංහ අධ්‍යක්ෂවරයා විශේෂිතව හිතලාම මාව මේ චරිතයට තෝරාගෙන ඒ දිනවල මාගේ පාදයක අසනීප තත්ත්වයක් තිබූ නිසා මම එන්න බැහැ කිව්වා. කමක් නැහැ ඔයා මේ චරිතයට එන්නකො කිව්වා. එතුමා වගකීම බාරගන්නම් කීවා. ඒ නිසා මේ චරිතයේ සම්පූර්ණ ගෞරවය එතුමාට හිමි වෙන්න ඕනෑ සමාජ මාධ්‍ය නිසා වර්තමානයේ තරුණ පරපුර ක්‍රියා කරන ආකාරය සහ තවත් සමාජයීය කරුණු මුල් කරගෙන මෙහි කතාව ගලායන්නෙ. තරුණ පරපුර මුහුණ දෙන ව්‍යසනය ගැන කතා වෙනවා. පුතාට ඕනෑ දියුණුව ඉක්මනින් ලබන්න තාත්තාට කියලයි එයා පටන් ගන්නෙ. ‘‘ළමයො ඔයා සල්ලි හම්බ කරන්න කලින් දැනුම හොයපන්’’ කියලා තාත්තා එයාට උපදෙස් දෙනවා. ඒ වගේ ඉතා හොඳ දෙබස් මේ චිත්‍රපටයේ ඇතුළත්. රොනල්ඩ් දසනායක මහතාගේ තිර රචනය ඒ වගේම මේ වගේ සමාජයට ඉතා ආදර්ශවත් ෆිල්ම් එකක් නිෂ්පාදනය කළ දිනේෂ් මුතුගල මහතාට අපි ස්තුතිවන්ත වෙන්නම ඕනෑ. දේශපාලනඥයින්ට පවා යට නොවන පියෙකුගේ චරිතයක් රඟපාන්නෙ.
ප්‍ර සැබෑ ජීවිතයේදී මයික් මොන විදිහද?
රාජකාරි කිරීමේ දි පවා අවංකව, ප්‍රතිපත්ති ගරුකව කටයුතු කළ කෙනෙක්. ඒ නිසා මේ චරිතය මට ඉතා හොඳින් ගැළපුණා. මගේ සැබෑ ජීවිතේ ජීවන රටාවම තමයි මේ ෆිල්ම් එකෙත් තියෙන්නෙ. තමන් ගැන නොහිතා අනෙක් අයටත් හැකි විදිහට උදව් කරලා ජීවත්වන කෙනෙක්. එහෙම කරන්න ගිහින් පාඩු විඳලත් තියෙනවා. ඒත් ප්‍රතිපත්ති වෙනස් කර ගන්නෙ නැහැ. උදව් කරනවා.
සඳුන් ගමගේ