උපදෙස් - ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනි
තිසාරා ප්‍රියදර්ශණී
දාඩිය පෙරාගෙන මේක්අප් කරන්න බැහැ,
මුලින්ම ඔබේ සම සූදානම් කරගන්න
මුලින්ම මුහුණ සෝදා පිරිසිදු කර ටිෂු එකක් ආධාරයෙන් තෙත මාත්තු කර මොයිස්චරයිසර් එකක් ආලේප කර මුහුණ හොඳින් සම්භාහනය කරන්න. තත්ත්පර කීපයකින් පසු - හොඳ ප්‍රයිමර් Primer එකක් ආලේප කරන්න. මෙයින් සම ආරක්ෂා වෙනවා වගේම, සමේ ආසාදන, කුරුලෑ තත්ත්වයන් මතු නොවී මේක් අප් එකට හොඳ නිමාවක් ගැනීමටත්, Makeup එක බොහෝ වේලාවක් සුරක්ෂා ගැනීමටත් හැකියාව ලැබෙනවා.
BB ක්‍රීම් එකක් හෝ ෆවුන්ඩේෂන්
ඕනෑම මේක් අප් එකක ආකර්ෂණීය භාවය තීව්‍ර කරන ප්‍රබලතම සාධකය මේකප් එකක දි ආලේප කරන Foundation එක. ප්‍රයිමර් එකකින් පසුව ඊළඟට ආලේප කර යුත්තේ Foundation එකක් හෝ Foundation එකක් වෙනුවට BB ක්‍රීම් එකක්.
කුරුලෑ ලප කැළැල් වලවල් වහ ගන්න කන්සීලර් Concealer
කන්සීලර් එකක් යනු - සමේ හෝ මුහුණේ අඩුපාඩුවක් ගැටළු සහිත ප්‍රදේශයක් ඇස් වටා ඇති අඳුරු ගති හෝ මුහුණේ ඇති තද කැළැල් වසා ගැනීමට භාවිතා කළ හැකි ආලේපනයක්. ඇස් යට කළු ගතිය, කම්මුල් වල රතු ලප, කුරුලෑ කැළැල් වැනි ස්ථාන ආවරණයට මෙම කන්සීලර් යොදා ගනු ලබන අතර, මෙය භාවිතා කිරිමට හොඳම ක්‍රමය වන්නේ ඇඟිලි තුඩු භාවිතය යි. මෙමගින් කැළැල් සැඟ වී සම වඩාත් පැහැදිලි සහ අලංකාර ලෙස දිස්වේ.
මේක්අප් එක සීල් කරන්න පවුඩර් එකක් අනිවාර් යෙන් භාවිතා කරන්න
ෆවුන්ඩේෂන් කන්සීලර් යොදා ගැනීමෙන් පසු ඊලඟ පියවර වන්නේ මුහුණටම පවුඩර් යොදා සීල් කර ගැනීම ය. වර්ණ කීපයකින්ම මෙම පවුඩර් එක ලබාගැනිමේ හැකියාව ඇත. මේ පවුඩර් එක මේක් අප් එකක දි යොදා ගැනීමෙන් තෙල් මතුවීම අවම කරගත හැකි අතර, මේක් අප් එක වියළීමකින් හෝ ඉරිතැලීමකින් තොරව නැවුම් පෙනුමක් මුහුණට ලබා දෙනු ඇත. විශේෂයෙන් ඔබ තෙල් සහිත සමක් ඇති අයෙක් නම්, සමේ අතිරික්ත තෙල් ස්‍රාවය වීම පාලනය කරන මැට් පව්ඩර් වර්ග තෝරා ගත යුතුය. දිලිසෙන පවුඩර් තෙල් සහිත සමක් ඇති අයට නුසුදුසුය. මීට අමතරව පවුඩර් මිල දී ගැනීමට පෙර එය පවුඩර් වල දහඩිය දැමීම සහ ජල ආරක්ෂිත හැකියාවක් තිබේ දැයි පරීක්ෂා කර බැලිය යුතුය.
ලස්සනට අඳින්න පළඳින්න හැකියාව අති බොහෝ දෙනාට තනියම මේක්අප් එකක් කරගන්න නම් අපහසු බවයි ඇත්ත. මොකද ඒ පිළිබඳ දැනුම අවමයි.
ගෙදර දොරේ දෛනික වැඩ රාජකාරි ඉටු කරන අතරතුර - රැකියාවට, සාමාන්‍ය ගමනට යන යුවතියන්ට කාලය ද කළමනාකරණය කරගෙන, විනාඩි පහක් ඇතුළත සරල මේක් අප් එකක් දා ගන්න ආකාරය යි මේ කියන්නෙ.
මුහුණේ ලුක් එක වැඩි කරන අයි මේක් අප් එක (Eye Makeup)
මුලින්ම අයිබ්‍රෝ පෙන්සිල් එකක් මගින් ඔබේ ඇහි බැමි වල හැඩය ඔප් නැංවෙන ආකාරයට ඉතා සරලව එය ඇඳ ගන්න. ඉන් පසුව ඇඳුම් වලට ගැලපෙන ආකාරයේ වර්ණයකින් ඔබ ඇසේ අභ්‍යන්තරයේ සිට ලා වර්ණ ආලේප කර බාහිරට එන විට තද වර්ණ ආලේප කරන්න.
ඇහිබැමේ ලස්සන තවදුරටත් මතු කර දෙන ටිප්ස් එකක්
අයි මේකප් එක අවසානයේ දී ඔබේ ඇහි බැමේ කොන ප්‍රදේශයට තරමක් දීප්තිමත් වර්ණයක් ආලේප කරන්න. දිලිසෙන ගොල්ඩ් වැනි වර්ණයක් නම් වඩාත් හොඳයි. මෙයින් ඇහි බැමේ තියුණු බව කැපී පෙනෙයි. ඔබේ අයි මේක් අප් එක අවසානයේ Eye Liner එක ඇඳ ගැනීම බොහෝ දෙනාට අපහසු කාර්යක්. ඔබේ ඇස් දිගැටි කර පෙන්වීමට Eyeliner එක තරමක් දිගට ඇඳීමෙන් වගේම ඔබේ ඇස් කුඩා කර පෙන්වන්නට අවශ්‍ය නම් Eyeliner එක ඔබේ ඇස තරමටම ඇඳීමෙන් දිස් වනු ඇත .ඇස තවත් කැපි පෙනෙන ආකාරයට සකසා ගැනීම අවශ්‍ය නම් Mascara, Kajal වැනි නිෂ්පාදන Eye Makeup එකට හොඳ නිමාවක් ලබා ගත හැකිය.
Lipstick තොල් ආලේපන
ඕනෑම වර්ගයේ මේක් අප් එකක පෙනුම අඩු හෝ වැඩි කරන්නට සමත් වෙන පියවර වන්නේ තොල් ආලේපනයයි. භාවිතා කරන Lipstick වර්ණය අනුව මේක් අප් එකේ පෙනුම වෙනස් කල හැකියි. ලා පැහැයකින් යුතු, මැට් වර්ගයේ ලිප්ස්ටික් වැඩි කාලයක් පුරා රඳා පවතින නිසා රැකියාවට යන ඔබට මැට් වර්ගයේ ලිප්ස්ටික් සුදුසු වේ.
මුහුණට ප්‍රාණවත් පෙනුමක් දෙන හයිලයිටර් Highlighter එහෙම නැත්නම් ෂිමර්
හයිලයිටර් එකක් ෂිමර් එකක් කියන්නේ ආලෝක පරාවර්තන නිෂ්පාදනයක්. මේවා දියර, ක්‍රීම් සහ කුඩු ආකාරයෙන් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. හයිලයිටර් එකක් භාවිතයෙන් ඔබේ සමේ පැහැය , සමට දීප්තිමත් පෙනුමක් ලබා ගැනිමේ හැකියාව තිබෙනවා. Highlighter කම්මුල් මත ආලේප කිරීමෙන් කම්මුල් වලට වඩාත් කැපී පෙනෙන පෙනුමක් ලබා ගත හැකියි. ඒ වගේම සමේ අඳුරු හෝ වයස්ගත සමට ප්‍රාණවත් පෙනුමක් ලබා දීමටත් මුහුණේ සුවිශේෂී ස්ථාන සියුම් ස්වාභාවික ආකාරයකින් උද්දීපනය කර, ඔබේ මුහුණට අමුතු ආලෝකයක් ගෙනදිමටත් උපකාරි වෙනවා.
ඒ වගේම නාසය පටු කර පෙන්වන්නටත්, කම්මුල් වලට නළලට පිරුණු පෙනුමක් ලබා දෙන්නටත් නිවැරදි හයිලයිට් ආලේප කිරිමකින් හැකියාව ලැබෙනවා.
Setting Spray
මෙය අත්‍යවශ්‍යම පියවරක් නොවුණත් ඔබේ මේක් අප් එකට හානියක් නොවී වැඩි කාලයක් තියා ගැනීමේ පියවරක් ලෙස සෙටින් ස්ප්‍රේ භාවිතා කළ හැකියි. ඒ වගේම සෙටින් ස්ප්‍රේ එක හොඳ වෙළඳ නාමයක් යටතේ ගුණාත්මකභාවයකින් යුතු නිෂ්පාදනයක් භාවිතා කිරිම පිළිබඳවත් සැළකිලිමත් විය යුතුයි.
මේක් අප් එකක පදනම වෙන්නේ ෆවුන්ඩේෂන් එක. මේක් අප් එකකට ගැළපෙන ෆවුන්ඩේෂන් එකක් තෝරා නොගත්තොත් - ඔයා බලාපොරොත්තු වෙන විදියේ මේක් අප් එකක් ලැබෙන්නේ නෑ.
නදීශා අතුකෝරළ