සුද්දා ප්ලේන් හදන්න කලින් ගිනි බෝම්බ අහසින් හෙළුෑ ආදි හෙළයෝ


යටගියාවෙන් වැසුණු ආදි හෙළය

 

 

බටහිර විද්‍යාව විසින් නොමග යවන ලද අප විසින් දැන් අපේ ආදි මුතුන් මිත්තන් හිරු ශක්තියෙන් වැඩගත් යුගය හඳුන්වන්නේ ‘‘ගල් යුගය’’ ලෙසටය. අප ආදි යුගයේ දී හිරු ශක්තියෙන් වැඩ ගැනීමක් ගැන දැන සිටි බව කී විට එය බල රහිත කිරීම සඳහා ගොළුබෙල්ලන්ගේ කටුව දෙපසින් හිල්කර ගොළුබෙලි සාරය උරාබිව් බවට පුරා විද්‍යාඥයන් සාක්ෂි ඉදිරිපත් කළේ කාගේත් ඇසට පෙනීමටය. ඇටි කුකුලා විසින් ගොළුබෙල්ලන් රැගෙනවුත් එක් පාදයකින් උෟ පොළවට තදකරගෙන හොටයෙන් කටුවට කොටා හිල්කර (දෙපසින්) සාරය උරාබීම අදත් ඇටි කුකුලාගේ පුරුද්දයි. මහා රාවණයන්ගෙන් පසු හෙළ ඉතිහාසයේ සාක්ෂි අඩුවීම නිසා ‘‘මයෝසීන වැද්දා (දඩයක්කරු)’’ ලංකාවට සංක්‍රමණය වී විකාශයන වී ගිය අයුරු දැක්වීමට තවත් අය පුරා විද්‍යා ගවේෂණයන් කරති. නමුත් රසදිය යෙදූ මර්කරි දඬු මොණර වර්ගයේ වෝටෙක්ස් ඇන්ජිම යොදා දැන් ලොව ඇති අති බලසම්පන්න ගුවන් යානය එක්සත් ජනපදය විසින් නිපදවූ විට මෙම පුරා විද්‍යාඥයෝ තුෂ්නිම් භූත වී සිටිති.   


අද දින අප හමුවේ ඇත්තේ ද්‍රව්‍යමය යුගයයි. ඊට විද්‍යා තාක්ෂණ යුගය යැයි නමක් ද පටබැඳි ඇත. ද්‍රව්‍යය බිහිවන්නේ ශක්තියෙනි. ශක්ති යනු සූර්ය ශක්තිය මිස වෙනත් යමක් නොවේ. ග්‍රහ ශක්තිය වන්නේ ද සූර්ය රශ්මිය ග්‍රහලෝක මතට වැටී ඉන් පසු පොළව මත ඇති ගස්වැල්, සතුන් හා මිනිසුන්ට බලපෑමය. ද්‍රව්‍යයට අවස්ථා 3ක් ඇත. එනම් ඇතිවීම, පැවතීම හා නැවතීම යනුවෙනි. සියලු ද්‍රව්‍යමය වස්තූන් යම් දිනෙක නැතිවීමට ලක්වේ. නමුත් ‘‘ශක්ති’’ එලෙස නැති නොවේ. හිරු ශක්තිය අඩංගු හිරුරැස් වායු ගෝලය හරහා පොළවට ඒම හා ඊට සම්බන්ධ සංසිද්ධි අහස් + සතර (ආකාශ විද්‍යාව) නම් වේ. එසේ සුර්ය ශක්තිය ඍජුව හා වක්‍රව ගහකොළ, සතුන් හා මිනිසාට බලපාන අන්දම හැදෑරීමේ ශාස්ත්‍රය ‘‘දෝ + සතර’’ (ජෝතිෂ්‍යය) නම් වේ.   
රාවණ ඍෂි පාලකගේ සුවිශේෂී බව නම් මෙම සූර්ය ශක්තියෙන් වැඩ ගැනීමට දැනගෙන සිටීමය. මේ ‘‘ශක්ති ශාස්ත්‍රයයි’’ ශක්තිය ද්‍රව්‍යය බවට පත්වනතුරු බලා සිටීමට එවිට අවශ්‍ය නැත. රා යනු සූර්‍යයාය. ‘‘වණ’’ යනු පිරිසයි. එවිට ‘‘රා+වණ’’ යනු සුර්්‍යය කණ්ඩායම නොහොත් සූය්‍යර්‍ වංශයයි. මේ රාවණාගේ පෙලපතම විය හැක. සිංහල සාහිත්‍යයේ ඔහුගේ නම ‘‘රවුළු’’ ලෙස ද, රාමායණයේ ‘‘දසිස්’’ ලෙස ද යක්ෂ ගෝත්‍රිකයාගේ වර්ග පූර්ණිකාවේ ‘‘රණබා’’ ලෙස ද සඳහන් වී ඇත.   


මීට පෙර විසූ මහළ ඍෂි පාලක විසින් හිරු රැස් ග්‍රහ ලෝකවලට වැදී නැවත අවකාශයට පරාර්වර්ථනය වීමත් පෘථිවියට ලැබුණ එම රැස් ජීවීන්ට බලපාන අන්දමත් හෙළිදරව් කර තිබුණි. ඉන් සිදුවන අයහපත් ප්‍රතිඵල නැතිකර ගැනීමට ‘‘බලි යාගය’’ සිදුකරන හැටිද ප්‍රසිද්ධ බලි අැදුරු ජේ.ඊ. සේදරමන් මහතා තම කෘතියෙහි විස්තරකර ඇත. ජන්ම පත්‍රය අනුව දසාව අතුරුදසාව සොයාගෙන කුමන ග්‍රහයෙක් කුමන කිරනින් අයහපත සිදුවේදැයි පළමුව දත යුතුය. 

 
මුළු විශ්වයම හිරුගේ බලයෙන් (රැස්වලින්) පාලනය වන බව විග්‍රහ කරමින් ඒ ඇසුරින් පෘථිවි ක්‍රියාවන් ද ඒ අනුව හැසිරවෙන බව දක්වන ‘‘සූය්‍යර්‍ සිද්ධාන්ත’’ රාවණයන්ගේ මාහැඟි සම්පාදනයකි. ආයුර්වේදයේ එන ‘‘ද්‍රව්‍ය ගුණ’’ සංකල්පයෙන් එහාට ගිය ‘‘ශක්ති සිද්ධ’’ සංකල්පය එහි එයි. ඖෂධීය ද්‍රව්‍ය ශරීරගතකරගෙන ද්‍රව්‍ය ගුණ අවශෝෂණය කරගන්නා සේ ‘‘ශක්තිගුණ’’ ඇඟට අවශෝෂණය කරගත් විට ඔහු තුළ ශක්තිය ක්‍රියාත්මක වේ. ශක්ති ආදේශ වන්නේ මනසටය. ‘‘කෘත යුගයේ දී’’ මිනිස්සු ‘‘ශක්ති ශරීර’’ ඇතිව සිටියහ. ද්‍රව්‍යමය වූ ශාරීරික අවශ්‍යතා සිතිවිල්ලකින් පමණක් ඉටුකරගත හැකි විය. ආහාර, නිවාස හා ඇඳුම් ආදී අවශ්‍යතා මේ යටතේ දැකිය හැක. මෙකල නිෂ්පාදනය අවශ්‍යතාවයක් නුවූයේ සියල්ල ශක්ති මගින් ඉටුවූ නිසාය. කෘත යුගය මෙබඳුය. මෙම ඓතිහාසික වූ මිනිස් ස්වභාවය බයිබලයේ දැක්වෙන්නේ ප්‍රථම මිනිසා හා ගැහැණිය වූ ආදම් හා ඒව ඇසුරින් වූ සිදුවීම් සම්බන්ධ කතා ප්‍රවෘත්ති ලෙසටය. ද්‍රව්‍යයට ඇති ඇලීම් වැඩිවන්ට වන්ට ශක්ති ශරීරය සැඟවී ගියේය. වර්තමාන ‘‘කලි යුගයේ දී’’ අපි සියයට දෙසීයක් ද්‍රව්‍යමය වන අතර ‘‘ශක්ති ශරීර’’ මිත්‍යා අදහසක් ලෙස පළිගැනීමට ද පුරුදුවී සිටින තරමට අවිද්‍යාවේ ගැලී ඇත.   


සූය්‍යර්‍ ශක්තියේ විවිධ ප්‍රබේධ හඳුනා ගැනීම රාවණාගේ ‘‘දෝ සතර’’ තුළින් අදත් සිදු කෙරේ. තීථි, කරණ, නැකත්, පුර හා අව පක්ෂ, පංච පක්ෂී ආදී විවිධ හැඳින්වීම් තුළ සූය්‍යර්‍ ශක්තියේ ඒ ඒ අංග සහ ඒවා උරාගත හැකි අවස්ථාවන් අදත් හැඳිනගනු ලැබේ. ගොවිතැනට මෙම ශක්තීන් තෝරා බේරාගෙන ජලය, පොහොර, කෘමිනාශක හෝ වල්පැළ නාශක නැතිව ගොවිතැන, වල් සතුන්ගෙන් වගාවනට සිදුවන අලාභහානි නැති ගොවිපලක් තිලක් කන්දේගම මහතා විසින් අදත් මාතලේ පවත්වාගෙන යයි. මෙහි ඇත්ත නැත්තද අප පරීක්ෂාවට ලක්විය. සුය්‍යර්‍ කිරණෙහි ඇති වර්ණාවලිය හැඳිනගෙන පැළවී මුල් ඇදීමට, කඳ වැඩීමට, මල් හටගැනීමට, ඵලය මෝරා පැසීමට සුදුසු වන ආකාරයට ධාන්‍ය, එළවළු, පලතුරු ආදිය ‘‘කල්යල් බලා’’ වගා කිරීම කෙරේ. මේ එදා රාවණා ඇතුළු ඍෂිවරුන් විසින් නිෂ්පාදනය අනුදැන වදාළ අයුරුය. මෙම දැනුම ලබා ගත්තේ ධාන්‍ය තුළිනි. චින්තනය විසින් ද්‍රව්‍යමය ශරීරයෙන් වෙන්වී දැතටම ලබාගන නැවත ශරීර කූඩුවට බද්ධ වේ. අද දින මෙය විශ්වාස කිරීමට පවා අපහසුය.   


ශක්ති ප්‍රතිකාරවලදී ද අදත් කෙරෙනුයේ රෝගයට බෙහෙත් කිරීම නොව මුළු ශරීරය එකක් සේ නිරෝගී කිරීමය. කුමන ඉන්ද්‍රියක් හෝ කුමන ශරීරාංගයක් ආශ්‍රිතව රෝගය ඇතිවූයේ ද යන්න ශක්ති ප්‍රතිකාරවල දී නොවැදගත්ය. එමෙන්ම අද දින විද්‍යාවෙන් අප දැනුවත්කර ඇති පරිදි පොළවට යට වී උණුසුමට හා පීඩනයට භාජනය වූ වනාන්තර විශාල කාලයක් ගතවීමේ දී ගල් අඟුරු හා ඛනිජ තෙල් සෑදේ. ඒවා හාරාගෙන කර්මාන්තයට අවශ්‍ය ඉන්ධන සැපයේ. නමුත් ‘‘සූය්‍යර්‍ සිධාන්තයට’’ අනුව එම දැවීමට හේතුවන ශක්තිය මාණ බලයෙන් ලබාගත්තේ ඍජුවම හිරු රැස්වලිනි. එබැවින් එම හිරු රැසින් ගස් වැවීම හෝ ස්ඵටිකීකරණය වීමත් අනවශ්‍යය. මෙය නවීන විද්‍යාවට වඩා දහස් ගුණයකින් ඉදිරියට ගිය විද්‍යාත්මක ක්‍රමයකි.   


වාල්මිකි ඍෂිවරයා විසින් සිදුවීමක් හා ප්‍රවෘත්ති ලෙස රචිත ‘‘රාමායණය’’ ශක්ති හා ද්‍රව්‍ය ගැටුමක් ලෙස ද සලකන්නට පුළුවන. ඇතිවීම > පැවතීම > නැතිවීම යන ද්‍රව්‍යයේ ස්වභාවය හින්දු දර්ශනය විසින් බ්‍රහ්ම > විෂ්ණු > ඊශ්වර ලෙස දෙවිවරුන්ගෙන් මූර්තිමත් කර ඇත. බ්‍රහ්ම නොහොත් ඇතිවීම ඉක්මන්ය. ඊශ්වර නොහොත් නැතිවීම ද ඉක්මන්ය. විෂ්ණු නොහොත් පැවැතීම ඉතා දීර්ඝ කාලීනය. ද්‍රව්‍යමය වූ එම දීර්ඝ ක්‍රියාවලිය ශක්ති මගින් සුළු වේලාවකට කෙටි කරන විට එය ද්‍රව්‍යයට අපහාසයකි. එමෙන්ම අගය අඩුවීමකි. සූය්‍යර්‍ වංශික හිරන් කසුබ් යුගයේ දී නර අවුත් හෙළයන් පරාජය කළ බව හින්දු වෘතාන්තයයි. මේ ශක්ති හා ද්‍රව්‍ය ගැටුමයි.   

 


පැරණි ඍෂිවරුන් අතර ඒ ඒ අය විවිධ විශේෂඥතා ඇත්තෝ වූහ. බ්‍රහ්ම, අංගීරස, පුලස්ති, ධන්වත්තරී ආදීහු වෛද්‍ය කර්මයට ද, අත්‍රි, මය, වාසුදේව, නාර ද ආදීන් වස්තු විද්‍යාවට ද, සූය්‍යර්‍, විෂ්ණු, වෛශ්‍රවණ, අගස්ති වැනි අය ​ජ්‍යොතිෂයට ද විශේෂඥයන් වූහ. එහෙත් රාවණා මේ සෑම අංශයකම විශේෂඥ දැනුම ඇත්තේ විය. ඉහත විෂයයනට අමතරව සංගීත, පාලන නීති, ගණිත ශාස්ත්‍ර, මූර්ති, හටන් වැනි බොහෝ ක්ෂේත්‍රවල විශේෂඥතා ඇතිව සිටියේය.   


රාවණ පියා වන විශ්‍රවස් මුණිද ජ්‍යොතිෂය විශාරදයෙකි. ඔහුගේ ‘‘ළමා ​ජ්‍යොතිෂය’’ එම විෂය ලොවට හඳුන්වා දුන් වැදගත්ම කෘතිය විය. ශිවගේ බිරිය උමා ලෙස සංස්කෘත සාහිත්‍යයේ දැක්වේ. ශිවගිරියේ සිටි රජු ඉන්දියාවට යැවීමට එක හේතුවක් නම් ලොව මැවූ දෙවියෙක් ඇත යන වැරදි සංකල්පය ඉදිරිපත් කිරීමය. මේ ආදී හේතු නිසා ශිව යනු විශ්‍රවස් මුණි බවට මතයක්ද ඇත. ඉසුරුමුනි පෙම් යුවල යනු ඔවුන් බවද මතයකි.   
සූර්ය සිධාන්ත හැරුනු විට ශිවා ලිඛිතය, දඬු මොණරය, යට පිම්ම, ගුරුළු පිම්ම, පංච පක්ෂි, ඉඳුරු ගුරුළුව, යට කාලය යන විවිධ වූ දෝසතරේ අංග ලක්ෂණ එම දැනුමට එකතුකර සංග්‍රහ කිරීම (ග්‍රන්ථ) රාවණා අතින් ඉටුවිය. (දඬු මොණරය යනු මේ අනුව නැකතකි). විවිධ ශක්තීන් ශබ්ද තරංග මගින් ස්පර්ශ කිරීමට මුමුණන මන්ත්‍ර මේ අතර විශාල ගණනක් ඇත. යම කාලය හා පංච පක්ෂිය අනුව ශුභ අශුභ මුහුර්ත තෝරා ගැනීම අදත් දකුණු පළාතෙහි විශේෂයෙන්ම වැදගත්ය. ඇතැම් අයගේ පිළිගැනීම නම් රාවණයන්ට පෙර ද පැවති මේ දැනුම් එකට සංග්‍රහ කර අනුපිළිවෙළකට ගලපා ධාරණයට වඩා පහසු සේ සැකපිට මහා රාවණයන් සිදුකළ බවය.   


රාවණ හෝරාවයනු යුද්ධයට හා සතුරන් විනාශ කිරීමට යොදා ගත් බලවත් හෝරාවකි. වගාවන්හි කෘමින් වඳ කිරීමට ද මෙම නැකත උපයෝගී කරගෙන කෙම් කිරීම සාර්ථක බව මාතලේ ගොවි මහතෙක් ප්‍රකාශ කරන ලදී. ඔහු විසින් කිහිප වතාවක් එය අත්හදා බලා ඇත. සතියේ දවස් හත තුළ විවිධ වේලාවන්හිදී එම හෝරාව යෙදේ. 19 සියවස වන විට ලොව ප්‍රබලම යුද සේනාංකයක් වූ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ 51 වැනි හා 19 වැනි සේනාංක දෙකින් 1000 ක් සමග 3000 ක යුද සෙනඟක් 1803 දී මහනුවර ආක්‍රමණය කර තිදෙනෙක් පමණක් ආපසු කොළඹට හැරී ආහ. පෙබරවාරි 20 දින මහනුවරට ඇතුළු වූ ඔවුන් මාස 4 ට පසු කල්යල් බලා ජුනි 24 දා ගරිල්ලන් 300ක් විසින් පැය 10 දී (පූ:භා: 4.30 - අ:භා: 2.10) සටනින් පරාජය කළ බව කොළඹ කොටුවේ යුද දේවස්ථානයේ ප්‍රධාන පූජක ජේම්ස් කෝඩිනර් විසින් තම වාර්තාවේ දක්වා ඇත. පසුව පිළිමතලාව මහ අදිකාරම ප්‍රකාශ කළේ සටන ඇරඹුවේ රාවණ හෝරාවෙන් බවය.  


අග්නිතන්ත්‍ර හා අග්නිමාලා නම් සම්පාදනයන් (ග්‍රන්ථ) දෙකෙහි තේජෝ (ගිනි) නොහොත් උණුසුම ශක්තිය ලෙස යොදාගෙන කළහැකි විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම් විස්තර කරයි. ලග්ගල අසල පිහිටි මාලිගාතැන්න හා ගිනිකෙලියාව ආශ්‍රිතව කළ අත්හදා බැලීම්වලින් පසු මේවා සම්පාදනය විය. විශාල පිපිරීම් මගින් විනාශ කිරීම් සඳහා මන්ත්‍ර හා ද්‍රව්‍ය බල සංයෝග කරන ආකාරය මෙම ග්‍රන්ථවල ඇතුළත්ය. රසදිය මගින් ගුවන් යානාවල යන්ත්‍රයන් ක්‍රියාත්මක කිරීම ද අග්නි තන්ත්‍ර යටතට එයි. එම යානාවලින් ගොස් විශාල පිපිරවීම් කිරීම යනු බෝම්බ හෙළිමයි. රාවණට පෙර ඔහුගේ මිත්තනි මන්දාතද එසේ කළාය. 

 
ෆ්‍රැන්සිස්කෝ නෙග්රෝ නමැති පෘතුගීසි පූජක තැන I විමලධර්මසූරිය රජුගේ අවසරය මත උඩරට රාජ්‍යය පුරා ඇවිද එකතු කළ තොරතුරු ක්වේරෝස් විසින් ප්‍රසිද්ධ කළ Temporal and Spiritual Conquest of Ceylon කෘතියේ අැත. එහි එන එක් කරුණක් නම් ‘‘රාවණා රජු’’ ගණිතයේ හා දෝ සතරේ කෙළ පැමිණි අයෙකු බවය. පෘථිවිය අංශක 360 ට බෙදා මැනීම කරන ලද අතර මූලික දේශාංශකය (අංශක 0 = අද ග්‍රිනිච්) ලෙස ඉලක්කගල (ලග්ගල) යොදාගත් බව ලග්ගල වැසියන් නග්‍රෝට පවසා ඇත්තේ 1600 අවට කාලයකදීය. මේ රාවණාගේ ඓතිහාසිකත්වය තහවුරු වන තවත් ප්‍රබල සාක්ෂියකි. රාවණ දවස බිහි වූ ‘‘තෙල්මේ නැටුමින් ද’’ තහවුරු වන්නේ සූය්‍යර්‍ා වටා පෘථිවියේ 23 1/2ං ඇළය ගැන දැන සිටි බවයි. (පසු ලිපියක විස්තර ඒ)  
ලංකාවට දකුණින් ඇති නිරක්ෂයේ සිට ස්වකීය උත්තරායන ගමනේ දී ලංකාව පළමුවෙන්ම ස්පර්ශ කරන දෙවුන්දර තුඩුව රාවණාගේ පරීක්ෂාවට ලක්වූ තවත් ස්ථානයකි. අද මෙම පරීක්ෂණ මධ්‍යස්ථානය ‘‘ගල්ගනේ’’ (ගල්ගේ) නමින් හැඳින්වේ. දෙවුන්දර දේවාලය අසල ‘‘ගල්ගනේ පාර’’ දිගේ ඉහළට ගමන් කළ විට කඳුගැටය මත ඇති ගල්ගෙය හමුවේ. මේ ගල්ලෑලි (slabs) වලින් සැදූ හිස් දේවාලයකි. පුරා විද්‍යා කම්බි රෝල්, කම්බි කණු, ගල්කටු, තාච්චි ආදිය අද ඒ තුළ ඇත. මේ ගොඩනැගිල්ල සැදූ කාලයක් විනිශ්චය කළ නොහැකි නමුත් රාවණ යුගය තෙක් පැරණි නැති බව කිව හැක. රුහුණු විශ්වවිද්‍යාලය පිහිටි ඒ අසල ‘‘රස්සදෙණිය’’ ගම මුල්කර ඉංග්‍රීසීන් විසින්​ මෙයට ව්‍යාජ ජනකතාවක් ගොතා ඇත. එනම් රාජ්‍ය + දෙණියේ තම රකුස් හමුදාව රාමාගේ වඳුරු හමුදාව හා යුද කරන විට ගල්ගනේ සිට එය බලාසිටි බවය. පැරණියේ මෙම හිරුදෙවිනුවර අදත් දෙවිනුවර වේ. නැගෙනහිර වෙරළේ හිරු කෝවිල (තිරුක්කෝවිල්) ඇත. අරිසෙන් අහුබුදු සූරීන් පවසන පරිදි ලංකාවේ අග්නිදිග වෙරළ දිගට දෙවුන්දර සිට ඊසානට බරව ඇදෙන රේඛාව, නැගෙනහිර වෙරළේ හිරු දෙවොල (තිරුක්කෝවිල්) සිට ඍජුව දකුණට එන රේඛාව කැපෙන තැන රාවණගේ බල මධ්‍යස්ථානයක් වූ බවය. මේ ඇතැම්විට මුහුදට ගිලාබැසි ලංකාපුරය පිහිටීම විය හැක. කුඩා රාවණා කොටුව මේ පිහිටීම හා සමාන්තරව එයි.  


‘‘මහා භාරතය’’ කෘතියට අනුව ගෝතණණ (ත්‍රි’මලය) වරාය අසල පක්ෂීන් බහුල විල (සේරුවිල විය හැක) අසල ‘ශූලපානිගේ’ අසපුවේ භාවනාවෙන් සමාධිගත ‘‘මාරීච ඍෂි’’ මුණගැසී හිරු කිරණ සාකච්ඡාවකට මහා රාවණයන් ගිය බව කියවේ.  


රාවණයන්ගේ දෝ සතරෙහි රාශි චක්‍රයේ පළමුවැනි රාශිය ‘‘හෙළ නොහොත් එළු’’ රාශියයි. එය උච්චවන්​නේ සූය්‍යර්‍ නොහොත් සිංහ රාශියේය. අපගේ සිංහ කොඩියේ ඇති අමුතු ආකාර සිංහයා කුමක්දැයි රාශි චක්‍රයේ එන සිංහ රූපයෙන් පැහැදිලිය. දෝ සතර අපගෙන් ගිලිහී භාරතයට ගියවිට එළු රාශිය ‘‘එළුවා’’ විය. සිංහයාගෙන් සංකේතවත් හිරු රාශිය එසේම සිංහයා ලෙස පැවතුණි.  


දේව ආගමේ අවශ්‍යතාවක් සඳහා ලියැවුණු රාමායනයේ කර්තෘ වැල්මිකි රාමා සහ සීතා මිත්‍යාවක් බව බුධිමත් ලෙස කියාපායි. එනම් රාමා යනු විෂ්ණුගේ පස්වැනි අවතාරය හා සීතා යනු හී මිටෙන් උපන් කුමරිය බව කීමෙනි. රාවණගේ ශාස්තඥ බව වෛද්‍ය හා ජ්‍යොතිෂ ඥාණයෙන් පෙනේ.

 

 

ආචාර්ය සූරිය ගුණසේකර