සතුන්ගේ කිනිතුල්ලන්ගෙන් මිනිස් මොළයට හානි කරන වයිරසයක්


 

 

සතුන්ගේ ශරීරයේ සිටින කිනිතුල්ලන් සපාකෑම හේතුවෙන් මිනිසාගේ මොළයට හානි කරන රෝගී වයිරසයක් ව්‍යාප්තවෙමින් පවතින බව ඇමෙරිකාව කළ අධ්‍යයනයකින් පළමුවරට හඳුනාගෙන තිබේ.   


ටික් බොර්න් එන්සෆලයිටීස් වයිරසය ලෙස මෙම රෝගය හඳුන්වා දී ඇත. 


ඇමෙරිකාවේ බොහෝ ප්‍රදේශ කිනිතුල්ලන් සහිත පෙදෙස් වන අතර, ඔවුන් සිටීම සාමාන්‍ය තත්ත්වයක් බවද, මුවන්ගේ වර්ධනය හේතුවෙන් කිනිතුල්ලන්ගේ වර්ධනයක් දැකගත හැකි බවද ඔවුහු පෙන්වා දෙති. මුවන්, බළලු‍න්, බල්ලන්ගේ සිරුරුවල සිටින කිනිතුල්ලන් කඳුකර පෙදෙස්වල සැරිසරණ මිනිසුන්ගේ ශරීරයේ රැඳී, සැඟව සිටිමින් සපන අතර මේ නිසා ආසාත්මිකතා මෙන්ම රෝග ද සෑදෙන බව තහවුරු කරගෙන ඇත. විශේෂඥයන් පවසන්නේ, මෙම කිනිතුල්ලන් සංචාරක කුරුල්ලන්ගෙන් බෝ​ෙවන්නට ඇති බවය. කෙසේවුවත් කිනිතුල්ලෙක් කෑ පමණින් අසනීප ​ෙවන්නේ යැයි බිය නො​ෙවන ලෙසද ඔවුහු පවසති. 


කිනිතුල්ලන් සපාකෑම අවම කරගැනීම සඳහා සම ආවරණය කරගන්නැයිද, සපා කෑ විට එම ස්ථානය හොඳින් සෝදා හරින්නැයිද, කිනිතුල්ලන් සපාකෑම නිසා ඇති වූ බව සිතිය හැකි රතු ලප, උණ රෝග, පසුගිය මාසයක පමණ කාලයක් තුළ දැකිය හැකි වූයේ නම් ප්‍රතිකාර ලබාගැනීමට යොමුවන්නැයිද වෛද්‍යවරුන් පවසා ඇත. 
 මේ ​ෙවනවිට මෙම රෝගය යුරෝපය, ස්කැන්ඩිනේවියාව සහ ආසියාවටද බලපෑම් කරමින් තිබේ. 


ගාඩියන් ඇසුරෙනි.

 

තිළිණි ද සිල්වා