පෙරභවයේ ප්‍රබල සාක්කි
පුනර්භවය හෙළි කළ දරුවන් අතරින් විදේශවල ජීවත්ව සිටි බැව් අනාවරණය කළ දරුවෝ රැසක් පර්යේෂණ අතරට එක්වී සිටිති. ශ්‍රී ලංකාවේ උපත ලබා සිටින එවැනි දරුවෝ කීප දෙනෙක්ම අමෙරිකාව, එංගලන්තය ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව යන රටවල ජීවත්ව සිටි බැව් හෙළි කළහ. රටවල් දෙකක් අතර ඇතිවූ එවැනි පුනර්භව සාධක (INTERNATIONAL CASES) යනුවෙන් හඳුන්වනු ලැබේ. විදේශ රටවල් කීපයකින්ද මෙවැනි පෙරභව හමුවීම් වාර්තාවී ඇත.
විදේශයක තොරතුරු හෙළි කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම දරුවා උපත ලැබූවේ කොළඹදීය. රන්ජිත් නම් එම දරුවා පිළිබඳ පර්යේෂණයක් පැවැත්වූ මහාචාර්ය ස්වීවන්සන් Twenty raises suggestive of reincarnation නම් ඔහුගේ පුනර්භව පර්යේෂණ ග්‍රන්ථයටද ලියා පළ කළේය. 1961 දී පෙර තොරතුරු අනාවරණය කළ එම දරුවා පැවසුවේ පෙර භවයේදී එංගලන්තයේ ජීවත්ව සිටි බවකි. ඉතා කුඩා කල සිට ආහාර ගැනීමේදී හැඳි ගෑරුප්පු ඉල්ලීමද මෙම දරුවාගේ සිරිත විය.
මගේ ආච්චි තාත්තා ඉන්නේ එංගලන්තෙ යයි ඔහු තෙහැවිරිදි වියේදී දෙමාපියන්ට කීය. පෙර භවයේ සොහොයුරන් දෙදෙනෙක් සිටි බවත් නිවස කන්දක් උඩ පිහිටා තිබූ බවත් එම දරුවාට මතක තිබිණි. පෙර භවයේදී ආගමික කටයුතු සඳහා ගියේ පල්ලියකට බැව්ද ඔහු එදා අනාවරණය කළේය.
අපි එහෙදි පළතුරුවලට කෑවේ මුද්දරප්පලම් සහ ඇපල් යැයිද ඔහු කීය. එම දරුවා පෙරභවය අනාවරණය කිරීමේදී සිදුවූ අති විශේෂ සිදුවීමක්ද ඔහු පිළිබඳව සිදු කළ පර්යේෂණයේදී දැඩි අවධානයට යොමු කෙරිණි. එනම් ගුවන් විදුලියෙන් ඉංග්‍රීසි බසින් කතා කළ නිවේදිකාවකගේ හඬ ඇසී සිදුකළ ප්‍රකාශයකි. උපන් දින සුභ පැතුම් සඳහා නිවේදනය කරමින් සිටි නිවේදිකාව ඩාලින් යන වදන ප්‍රකාශ කිරීමත් සමග එම දරුවා පැවැසුවේ එංගලන්තයේ සිටියදී තම මව අමතන්නේ ඒ අයුරින් බවකි. අතිශය පුදුම අයුරින් එංගලන්තයේ ජීවත්ව සිටි බැව් මෙම දරුවා හෙළි කළේ දෙමාපියන් පුදුමයට පත් කරවමිනි. කිසිවෙකුගේ පුහුණු කිරීමක් හෝ සිදු නොවී හැඳි ගෑරුප්පුවලින් ආහාර ගැනීම ඔහු අනුකරණය කරනු ලැබුවේ විදේශිකයෙකු සිදු කරන ආකාරයට වීමද ඔහුගේ හැසිරීම් රටාවේ විශේෂත්වයක් විය.
ඕස්ට්‍රේලියාවේ පෙර භවයක් පිළිබඳව අනාවරණය කළ දරුවෙක් කලුතර ප්‍රදේශයේදී උපත ලැබීය. අජිත් නම් වූ එම දරුවා පැවසුවේ ඕස්ට්‍රේලියාවේ සිටින විටදී ඔහු විවාහකයෙකු ලෙස ජීවත්ව සිටි බවකි. ඔහුගේ බිරිය පිළිබඳව එදා ඔහුට ඉතා හොඳින් මතක තිබිණි. 1981 වසරේදී උපත ලැබූ අජිත් පිළිබඳව අප පර්යේෂණ පවත්වන විටදී ඔහු සිව්වැනි වියේ පසුවිය. ඔහුගේ පෙරභවය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ඉදිරිපත් කළ ප්‍රශ්නත් ඔහු දුන් පිළිතුරුත් ඒ අයුරින්ම මෙසේය.
ප්‍රශ්නය- ඔයා ඉස්සර හිටියෙ කොහේද?
පිළිතුර- ඕස්ට්‍රේලියාවේ
ප්‍රශ්නය- එහෙදි ඔයාගෙ නම මොකක්ද?
පිළිතුර- මතක නෑ.
ප්‍රශ්නය- එහෙදි හිටපු ගේ කොහෙද තිබුණෙ.
පිළීතුර- කන්දක් උඩ
ප්‍රශ්නය- ගෙදර වෙන කවුද හිටියෙ
පිළිතුර- නෝන හිටිය
ප්‍රශ්නය- නෝන මොනවගේද කළුද සුදුද
පිළිතුර- සුදුම සුදුයි
ප්‍රශ්නය- එයා ගෙදර හිටියද
පිළිතුර- නෑ
ප්‍රශ්නය- එයා මොකද කළේ
පිළිතුර- එයා ටයිපිස්ට් කෙනෙක්
ප්‍රශ්නය- එයාගෙ නම මතකද
පිළිතුර- ඔව්
ප්‍රශ්නය- එයාගෙ නම මොකක්ද
පිළිතුර- ක්ලැරිස්
ප්‍රශ්නය- එයා වැඩ කළේ කොහොද?
පිළිතුර- එහෙ කම්පැණි එකක
ප්‍රශ්නය- ඒ කම්පැණිය තිබුණේ කොහෙද
පිළිතුර- මතක නෑ
ප්‍රශ්නය- ඔයා එහෙදි මොකද කළේ
පිළිතුර- මමත් කම්පැණියෙ වැඩ කළා.
ප්‍රශ්නය- එහෙදි ඔයා ඇන්දෙ මොනවද
පිළිතුර- දිගු කලිසන්
ප්‍රශ්නය- වැඩ කළ කම්පැණියට ගියේ කොහොමද?
පිළිතුර- කාර් එකේ යනවා.
ප්‍රශ්නය- ඔයාගෙ කැලැරිස් වැඩ කළෙත් ඒ කොම්පැණියෙද
පිළිතුර- නෑ එයා එතකොට කොහේද යනවා එතකොට එයාගෙ බඩ හරි මහතයි. යනුවෙන් පැවසූ අජිත් සිය උදරයට අත තබා ක්ලැරිස් ගෙ බඩ හරිම ලොකුයි. යනුවෙන් පැවැසුවේ බිරියගේ දරු ගැබක් තිබූ අයුරු අනුකරණය කර පෙන්වමිනි. ඔහු බිරිය ගැන පැහැදිලිව ප්‍රකාශ කිරීම නිසා අප ඒ පිළිබඳව යළිත් ප්‍රශ්න කළෙමු.
ප්‍රශ්නය- කැලරිස් මොන වගේද?
පිළිතුර- එයා කොණ්ඩෙ කොටට කපල හිටියා
ප්‍රශ්නය- කැලැරිස් එක්ක ඔයා කොහේද යන්නෙ
පිළිතුර- කාර් එකෙ යනවා
ප්‍රශ්නය- කාගෙ කාර් එකේද?
පිළිතුර- මගේ කාර් එකේ
ප්‍රශ්නය- ඔයාට කාර් එළවන්න පුළුවන්ද?
පිළිතුර- එහෙදි පුළුවන් දැන් බැහැ.
ප්‍රශ්නය- එහෙදි ඔයාට මොකද වුණේ
පිළිතුර- මම දවසක් කාර් එකේ ගියා. කන්දක යනකොට හැප්පිලා මැරුණා.
ප්‍රශ්නය- ඔයා ලංකාවට ආවේ කොෙහාමද?
පිළිතුර- මතක නෑ. යනුවෙන් එදා කුඩා අජිත් අප සමග අනාවරණය කළේය. නැවත ඕස්ට්‍රේලියාවට යාමට කැමැති දැයි අප විමසූ විට ඔහුගේ පිළිතුර වූයේ එහෙ යන්න ආසයි යනුවෙනි.
ඉන්දියාවේ ජීවත්ව සිටි බැව් හෙළි කළ චම්පා නම් දැරියක්ද මීට වසර ගණනකට උඩදී මොණරාගලදී උපත ලැබීය. පෙර භවය හෙළි කරමින් ඇය මව සමග ප්‍රථම වරට අනාවරණය කර ඇත්තේ
එහෙදි මට අත්වලයි කනෙයි දාන්න ලස්සන ඒවා ගොඩක් තිබුණා.
යනුවෙනි. මව අප සමග පැවැසුවේ ඇය එමගින් හෙළි කළේ ඇයට ඉන්දියාවේදී ස්වර්ණාභරණ රැසක් තිබූ බැව් එමගින් අනාවරණය වූ බවකි. ඇය ජීවත්වූ ප්‍රදේශය දැරිය විසින් හඳුන්වා ඇත්තේ හයිල් ලෙසය. ඇගේ නිවස වාසගම් යන වදනකින් හැඳින්වූ බවක්ද මව එදා අප සමග පැවසුවාය. පෙර භවයේදී ඇගේ නමද එම දැරියට ඉතා හොඳින් මතක තිබිණි.
මට එහෙදි කියන්නෙ ඩිල්කි බවද පැවසූ දැරිය කමලා යනුවෙන් සොහොයුරියක් සිටි බවද ප්‍රකාශ කළාය. මෝර්හාන් යනුවෙන් හැඳින්වූ මල්ලී කෙනෙකු සිටි බවක්ද ඇය හෙළි කළාය. විශාල නිවසක සිටියදී සේවිකාවක් නිවසේ සිටි බවත් ඇයට අමතන ලද්දේ ලන්චි යනුවෙන් බවද මෙම දැරිය ඉතා පැහැදිලිව පැවසුවාය. පෙර භවයේ ඇගේ මරණය සිදුවූ අන්දම පිළිබඳව ඇයට එතරම් පැහැදිලි මතකයක් නොතිබිණි.
පියාට වෙළෙඳ සලක් තිබූ බවද වරක් ප්‍රකාශ කළ දැරිය මව දරු ප්‍රසූතියක් සිදුවන විටදී මරණයට පත්වූ බවත් මවගේ සිරුෙර් අවසන් කටයුතු සිදු කරන විටදී පියාගේ මරණය සිදුවූ බවත් අනාවරණය කළාය. පදිංචිව සිටි ප්‍රදේශය ඉන්දියාවේ හයිල් ප්‍රදේශය යනුවෙන් ඇය විසින් නම් කළාය. චම්පා නම් මෙම දැරිය උපත ලැබුවේ 1974 වසරේදී වූ අතර ඇය පිළිබඳව පර්යේෂණ පවත්වන විට ඇය පස්වැනි වියේ පසුවූවාය. ඇගේ පෙරභවය පිළිබඳව අප පර්යේෂණ පවත්වන විටදී ඇයට ඉදිරිපත් කළ ප්‍රශ්නත් ඇය දුන් පිළිතුරුත් මෙසේය.
ප්‍රශ්නය- ඉස්සර හිටපු හැටි මතකද?
පිළිතුර- ඔව් මම ඉන්දියාවේ එහෙදි ලොකු ගෙදරක හිටියා.
ප්‍රශ්නය- වෙන කව්ද ඒ ගෙදර හිටියෙ.
පිළිතුර- අම්මා තාත්තා මල්ලි නංගි
ප්‍රශ්නය- ඒ ගොල්ලන්ගෙ නම් මතකද?
පිළිතුර- මල්ලි මොහාන් නංගි නිටා
ප්‍රශ්නය- ඔයාගෙ නම මතකද
පිළිතුර- ඔව්
ප්‍රශ්නය- නම මොකක්ද?
පිළිතුර- ඩිල්කි
ප්‍රශ්නය- ඔයා මැරැණෙ කොහොමද
පිළිතුර- මතක නෑ
ප්‍රශ්නය- ඔයා හිටියෙ කොහේද
පිළිතුර- හයිල්
ජීවත්වූ ප්‍රදේශය පිළිබඳව ඊට වඩා තොරතුරක් ඇගෙන් අනාවරණය නොවිණි.
එංගලන්තයේ ජීවත්ව සිටි බැව් හෙළිකරමින් පෙරභවය අනාවරණය කළ දැරියක් උපත ලැබුවේ මහනුවර ප්‍රදේශයේදීය. උපතින්ම ඇගෙන් දර්ශනය වූයේ සුදු ජාතික දැරියකගෙ රුවය. ඇගේ සිරුරේ වර්ණය ඇස්වල වර්ණයත් සුදු ජාතික දැරියකගේ ලෙස දක්නට ලැබිණ. ඒ සමගම ඇය තුළින්ද දක්නට ලැබුණු හැසිරීම් රටාවද පුදුම උපදවන සුළුවිය. ඇයද ආහාර ගැනීමට හැඳි ගෑරුප්පු ඉල්ලා සිටියාය.
පියා ධනවත් අයෙකු ලෙස එංගලන්තයේ ජීවත්වූ බැව් පැවසූ එම දැරිය පැවසුවේ අපේ එංගලන්තෙ ගෙදර උණුවතුරයි සීතල වතුරයි වෙන වෙනම ටැප්වලින් ගත්තා යනුවෙනි. නිවසේදී ආහාර පිසීම සිදු කරනු ලැබුවේ විදුලි උදුන් මගින් බවටද ඇයට එදා මතක තිබුණි. පෙර භවයේ සිටි නිවස හැඳින්වීම සඳහා ඒ බැව් ප්‍රකාශ කිරීමේදී (X1 සහ 2) යනුවෙන් හඳුන්වනු ලැබුවේද පුදුමාකාර ලෙසටය. මෙම දැරියට කුඩා කලදී මව අතින් ආහාර කැවීමට උත්සාහ කරන විටදි එය ප්‍රතික්ෂේප කරමින් හැඳි ගෑරුප්පු ඉල්ලා සිටීම ඉතා කුඩා අවදියේ සිට කළ ක්‍රියාවන් ලෙස මව අනාවරණය කළාය. පෙර භවයේදී ඉංග්‍රීසි භාෂාව කතා කළ බැව්ද පැවසූ එම දැරිය ඇතැම් ඉංග්‍රීසි වදන් කීපයක්ද උච්චාරණය කරනු ලැබුවාය. එමගින්ද දක්නට ලැබුණේ ඉංග්‍රීසි ජාතිකයෙක් ලෙස වීමද විශේෂත්වයක් විය.
මම එහෙදි හෙළිකොප්ටර් එකකින් යනවා. අපේ තත්තාට ඇපල් වත්තක් තිබුණා. තාත්තා වැඩ කළේ ෆැක්ටරියක යනුවෙන් පෙර භවයෙ හෙළි කළ දරුවෙක් පැවසුවේ ඇමෙරිකාවේ ජීවත්වූ බවය. ඔහු හෙළි කළ වදන් අතර නෝර්ත් ඇමෙරිකා යන වදනක්ද විය. උතුරු අමෙරිකාව යනුවෙන් අැමෙරිකාවේ ප්‍රෙභ්ද පිළිබඳවද හෙළි කිරීමට එදා එම දරුවාට හැකියාව තිබිණි.
මම ඉගෙන ගත්තෙ නෝර්ත් ඇමෙරිකාවෙ යයිද ඔහු පැවසීය. ජෝර්ජ් යනුවෙන් මාමා කෙනෙක් සිටි බවක්ද ෙමම දරුවාගේ මතකයේ තිබිණි. ජෝර්ජ් අංකල් කිඹුලන්ට වෙඩි තියන්න යනවා. සත්ව උද්‍යානයක් ඔවුන්ගේ නිවසට යන මාර්ගයේ තිබූ බවක්ද ඔහු වරක් හෙළි කළේය.
තාරක නම් මෙම දරුවා පෙර භවය පිළිබඳව අනාවරණය කිරීම ආරම්භ කරනු ලැබුවේ ඔහුගේ දෙමාපියන් ඇමෙරිකාවේ සිටින බැව් ප්‍රකාශ කරමිනි. ඔහු ඒ බැව් කීවේ
මගේ මමියි ඩැඩියි ඉන්නෙ ඇමෙරිකාවෙ යනුවෙනි. උගුරේ ආබාධයක් ඇතිවීම නිසා රෝහල් ගත කළ බවක්ද ඔහු හෙළි කළේය.
ඕස්ට්‍රේලියාවේ පෙරභවයක් පිළිබඳව අනාවරණය කළ තවත් දරුවෙක් එක්දහස් නවසිය හැත්තෑ හතර (1974) වසරේදී උපත ලැබීය. චන්දන නම් එම දරුවා ප්‍රකාශ කළේ පෙර භවයේදී ගුවන් යානා අනතුරකින් මරණය සිදුවූ බවකි. ලෝන්ට් යනුවෙන් ඔහු ඇමතූ බවද මෙම දරුවාට මතක තිබිණි. චන්දන පැවසූ පරිදි ඔහු පෙරභවය අනාවරණය කිරීම ආරම්භවී ඇත්තේ වයස අවුරුදු තුනක් පමණ සිටය.
වරක් ගුවන් යානා අනතුරක් පිළිබඳව ගුවන් විදුලිය මගින් කළ ප්‍රචාරයක් අසා සිටි දරුවා නොනවත්වා හඬන්නට වූයේය. ඒ අවස්ථාවේ සිට ගුවන් යානාවක් පියාසර කරන හඬක් ඇසුණු විගස මිදුලට පිවිසෙන දරුවා අනේ දෙවියනේ කඩා වැටෙන්න එපා යනුවෙන් පැවසීම සිරිතක් ලෙස පැවතුනි. මෙම දරුවාටද කුඩා කල සිට ඉංග්‍රීසි වදන් කීපයක් ප්‍රකාශ කිරීමේ හැකියාවක්ද ලැබී තිබීම පුදුමයක් වූ බැව්ද දෙමපියෝ පැවසූහ.
විදේශයකින් පර්යේෂණයට ලක්කළ පුනර්භවය හෙළි කළ දරුවෙක් වූයේ නේපාලයේදී උපත ලද ඔසෙල් නම් දරුවෙකි. මහාචාර්ය ස්ටීවන්සන් විසින් පර්යේෂණයක් පැවැත්වූ මෙම දරුවා හෙළි කරනු ලැබුවේ ස්පාඤ්ඤයේ ජීවත්ව සිටි බවකි. ලාමාවරුන්ගේ පුනර්භව විශ්වාසය මත මියගිය ලාමාවරුන් සොයා ගිය විටකදී එම දරුවා පිළිබඳව අනාවරණය විය. මිය ගිය ඔෂිලාමා පරිහරණය කළ නාගුණ වැළද මෙම දරුවා විසින් හඳුනාගෙන ඇත්තේ පර්යේෂකයන් පුදුමයට පත් කරවමිනි. 1987 වසරේදී උපත ලද මෙම දරුවා පිළිබඳව රොයිටර් සේවාව මගින්ද ලොව පුරා ප්‍රචාරය කැරිණි.
මේ අයුරින් උපත ලැබූ රටවලින් බැහැරව වෙනත් රටක ජීවත්වූ බැව් හෙළි කළ දරුවන්ගේ පුනර්භව සාධක පෙරභවය පිළිබඳව ප්‍රබල සාක්කි බවට පත්වී තිබේ.
තිස්ස ජයවර්ධන