ව්‍යාපාරික අංශයෙන් ඉදිරියට ගියත් වැඩි කැමැත්ත ගායනයට ගීතාංචලී ජයවර්ධන


හැමෝටම නොයෙක් බලාපොරොත්තු තිබෙනවා. ඒවා සාර්ථක  මෙන්ම අසාර්ථකද වනවා. සාර්ථක වුවත් අසාර්ථක වුවත් ඇතැමුන් නොසිතු ලෙසින් රටේ පිළිගත් ජනප්‍රිය මිනිසුන් කතාබහ කරන චරිත බවට පත්වන අවස්ථා ද සමාජයේදී බොහෝ විට දැක තිබෙනවා. උපතින්ම ගෙනා ඇතැම් දක්ෂතා ඔවුන් රටේ කතාබහ වන චරිත බවට පත් කරනවා. 

එවන් චරිතයක් පසුගිය දිනක අපට හමුවුණා. ඇය ගීතාංජලී ජයවර්ධන. ව්‍යාපාරික අංශයෙන් ජීවිතය සාර්ථක කර ගත්ත කාන්තාවක්. නමුත් ඇය පිළිබඳ කතාබහක් වන්නේ වෙනත් අංශයක දක්ෂතා ගැනයි. ගීතංජලී වෙෙළඳ දැන්වීම් නිරූපිකාවක්, ගායන ශිල්පිනියක් අන්තර්ජාලය හරහා ඇගේ ගීත රසවිඳින පිරිස බොහෝමයක් අද වනවිට සිටිති. 

ව්‍යාපාරික අංශයෙන් ඉදිරියට ගියත් ඇගේ වැඩි ආසාව තිබුණේ ගායනයට බවයි සඳහන් කර සිටින්නේ. මූලික අධ්‍යාපනය කොලොන්නාව බාලිකා විදුහලෙන්  ලබාගත් ඇය ඉන්පසු රාජගිරිය ජනාධිපති විදුහලෙන් හා පුද්ගලික විදුහලකින් වැඩිදුර අධ්‍යාපනය හදාරා  ඇත. 

අධ්‍යාපනය අවසන් කරන ගීතාංජලී ව්‍යාපාරික අංශයට යොමු වුණත් හිත තුළ තිබූ සංගීත ආසාව යටපත් කර ගැනීම නොහැකි විය. ගායන  ශිල්පිනියක් වීමට නම් සංගීතය හැදෑරිය යුතුයි යන්න ඒ සඳහා ප්‍රවීණයකු යටතේ ඉගෙනගැනීමට සිතූ ඇය නලීන් නාගොඩවිතාන ගුරුවරයා යටතේ සංගීතය හදාරා සංගීත දැනුමක් සහිතව ගායනයට යොමුවී ඇත.

තමන්ට කියලා ස්වනිර්මාණ තුළින් ජනතාව අතරට යන්න අවශ්‍ය වූ ඇය මුලින්ම ගීත 04ක් පටිගත කර තිබෙනවා. ඉන් ‘පොද වැස්සක්’ ගීතය හා ‘සිපගෙන නුඹ හද’ අන්තර්ජාලයට මුදාහැර ඇති අතර ඉතාමත් යහපත් ප්‍රතිචාර ලැබුණ බවයි සඳහන් කර සිටියේ. 

ගීතාංජලී ගී. 7-8ක්ම පටිගත කර තිබෙන අතර මෑතකදී අන්තර්ජාලයට මුදාහැර තිබෙන සිපගෙන නුඹ හද ගීතය විශේෂිත ගීතයක් වන බව ඇය සඳහන් කර සිටිනවා. මෙහි යුග ගායනයෙන් චන්දන ලියනාරච්චි ප්‍රවීණ ජනප්‍රිය ශිල්පියා එක්වනවා. 

මම ඉතාම ආසා කරන නවක ගායන ශිල්පියෙක්. සිපගෙන නුඹ හද ගීතය රචනා කළේ තිලක් ඉනියගේ. සංගීතය නලීන් නාගොඩවිතාන මහතාගේ. යුග ගායනය සඳහා චන්දන ලියනාරච්චි කැමැති වීමම මට විශාල සතුටක් වුණා. කිසිම පැකිළීමකින් තොරව ගීතය ගායනා කරන්න එකඟ වුණා. මේ ගීතය අන්තර්ජාලයේ නැරඹීමට පුළුවන්. ඉතාම ඉහළ ප්‍රතිචාර ලැබිල තියෙනවා. ඇය සඳහන් කර සිටියේ එලෙසයි.

ශාන් බන්දු වීරසිංහ