මේ දිනවල දේශපාලන කරලිය උණුසුම් වී ඇති නිසා කාලීන මාතෘකාවක් සේ සලකා මෙම ලිපිය ඉදිරිපත් කරමි. බොහෝ ඡන්ද අපේක්ෂකයින් මේ දිනවල තම කේන්ද්‍ර සටහන් රැගෙන ජ්‍යොතීර්වේදීන් හමුවට යන බව නොරහසකි. එසේම තමන් ඡන්දයෙන් ජයග්‍රහණය කරයිද? තමන්ගේ ග්‍රහ තත්ත්වය මේ දිනවල කෙසේද? බාධක තිබේද? තිබේ නම් ඒවා මගහැර ගන්නේ කෙසේද? යනාදී ප්‍රශ්න ගණනාවකට පිළිතුරු සොයාගැනීමට ඔවුහු උත්සාහ කරති.
ඡන්ද අපේක්ෂකයන්ට පමණක් නොව ඕනෑම අයෙකුට තමන්ට රාජයෝග තිබේදැයි දැනගැනීමට මෙම ලිපිය ප්‍රයෝජනවත් වේ. රාජයෝග යනු රජවීමම පමණක් නොවේ. හොඳ ආර්ථික තත්ත්වයක් තිබේද? යාන වාහන, ගේ දොර, ඉඩකඩම් සහිතව සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමට හැකියාව තිබේද කියා මේ මගින් දැනගත හැක. පහත තත්ත්වයන් ඔබගේ කේන්ද්‍ර සටහනේ තිබේදැයි බලන්න.
1. ග්‍රහයින් හයදෙනෙක් උච්චව සිටියදී උපන්නේ, බොහෝ දේශයන්ට අධිපති අධිරාජ්‍යයකු හෝ දර්ශනවාදියකු වෙයි.
2. ග්‍රහයින් පස් දෙනෙක් උච්චව සිටියදී ලග්නයෙහි ගුරු සිටි කල්හිද දේශදේශාන්තර කීර්තිමත් අධිරාජ්‍යයකු වේ. ශාස්ත්‍රඥානයෙන්ද කීර්තියෙන්ද භාග්‍යයෙන්ද යුක්ත වූවෙකි.
3. කුම්භ ලග්නය වී ශුක්‍ර එහි සිට, ග්‍රහයින් සතර දෙනෙක් උච්ච වූවිට රාජ යෝගයකි. එම ග්‍රහයින් නීච නවාංශකය නොසිටිය යුතුය. කෲර ශෂ්ට්‍යාංශකවල නොසිටිය යුතුය.
4. වෘෂභ ලග්නය වී චන්ද්‍රයා එහි සිට, චන්ද්‍රයා සමග ග්‍රහයින් සයදෙනෙක් උච්චවූ විට රාජයෝගයකි.
5. මුල ත්‍රිකෝණ රාශිවල හෝ මිත්‍ර රාශිවල හෝ වක්‍රවූ ග්‍රහයෝ කුමන ස්ථානයක හෝ නීච අංශකයෙන් තොරවේද රජකු හා සමාන කෙනෙකු වේ.
6. මිත්‍ර ග්‍රහයෙකු විසින් දක්නා ලද එකම ග්‍රහයෙක් උච්චව සිටියදී උපන් අය මිත්‍ර මණ්ඩලයන් විසින් පිරිවරා ගන්නා ලද බොහෝ ධන සම්පත්තියෙන් යුත් ප්‍රදේශයක රජකු හා සමාන වේ.
නීච අස්ත ආදියෙන් යුත් පාපයන් සිටියදී උපන් අය ධන, සැප ආදියෙන් තොර දුක නිසා බන්ධනාගාර ගතවී විපත් සිදුකර ගන්නා අයකු වෙයි.
7. ශුභ ග්‍රහයකුගේ රාශියක් වර්ගෝත්තම ලග්නයව එහි ශුභයෝද වෙශිස්ථානයේ හෙවත් රවිගෙන් දොළොස් වැන්නේ කාරක ග්‍රහයෙක්ද ශුභ ග්‍රහයෝ කේන්ද්‍රගත ස්ථානයේ සිටියෝද ඒ කල්හි උපන්නෝ රජ වන්නේය.
8. අධියෝගයෙන් උපන් අය සැප, වස්තුව, කීර්තිය, සතුරන්ගෙන් විනිර්මුක්ත වේ. දීර්ඝායුෂ, නිරෝගීභාවය නිර්භය බව සේනාපතිභාවය, මන්ත්‍රීත්වය හෝ රජ බව ලබන්නේය. අධියෝගය යනු චන්ද්‍රයාගෙන් හය හත අට යන ස්ථානවල බුධ ගුරු හා ශුක්‍ර යන ග්‍රහයින් සිටීමයි.
9. ලග්නාධි යෝගයෙන් උපන් අයද ධනය, සැප, කීර්තිය ඇති කරයි. ලග්නාධියෝගය යනු ලග්නයෙන් හය, හත, අට යන ස්ථානවල සුබ ග්‍රහයින් තිදෙනෙකු සිටීමයි. ධනය, සැප, කීර්තිය ඇති කරයි.
10. ලග්නයෙහි චන්ද්‍රයාද සිවුවැන්නේ ගුරුද දස වැන්නේ ශුක්‍රද ශනි උච්ච හෝ ස්වක්‍රීය රාශියෙහිවීද එකල උපන්නේ රජකු සමාන තැනැත්තෙක් වේ.
11. ශුභයින් කේන්ද්‍රස්ථානවල සහ ත්‍රිකෝණගතවද, පාපයින් 6, 11 සහ 3 වැන්නේද සිටියදී ලග්නාධිපති බලවත්ව සිටියදී උපන්නේ රජකු සමාන වන්නේය.
12. දස වැන්නාධිපති උච්ච, මිත්‍ර ලෙස 9 වැන්නේ සිටිමින් උපන් අය දේශපාලනඥයින්ට අනුශාසනා කරන්නකු වෙයි.
13. ගුරු පස්වැන්නේද චන්ද්‍රයා ඔහුගෙන් කේන්ද්‍රගතවද, ලග්නය ස්ථිර රාශියක් වද එහි අධිපති 10 ද සිටියදී උපන් අය රජකු වන්නේය.
14. ගුරු දොළොස්වැන්නේද, ශනි, රවි හෝ තුන්වැන්නාධිපති එකොළොස් වැන්නේද, ලග්නාධිපති ගුරුගෙන් 12 වැන්නේද සිටියදී උපන්නේ රාජාධිරාජයෙකි.
15. රාහු කේතු හැර අන් සියලු ග්‍රහයින් පූර්ව රාශි හයේ සිටි කල නව වැන්නාධිපති විසින් චන්ද්‍රයා දකිනු ලබත්ද එකල උපන් අය දේශපාලඥයකු වෙයි.
16. චන්ද්‍ර කුජ දෙවැන්නේ හෝ තෙවැන්නේ සිටියදී රාහු පස්වැන්නේ වීද එකල උපන් අය රජකු හා සමාන අයෙකි.
17. සියලුම ග්‍රහයෝ දස වැන්නාධිපති සිටි රාශිය මෙන් රාශි හයක සිටියෝද එකල්හි උපන්නා අධිරාජ්‍යයෙකි.
18. තුන්වැන්නාධිපති ගුරු 12 ද ශනි හෝ රවි 11 ද ලග්නාධිපති 12 ද සිටියදී උපන් අය රාජාධිරාජයෙකි.
19. නීච ග්‍රහයකු සිටින රාශියේ අධිපති සිටින නවාංශකයේ අධිපතියා ලග්නයෙන් කේන්ද්‍ර හෝ ත්‍රිකෝණගතද ලග්නය චර රැසක් වී එහි අධිපති චර රැසක ද එකල උපන් අය රජකු වෙයි.
20. නව වැන්නාධිපති විසින් දකින ලද රාහු සහ ශනි 10 වැන්නේ සිටියදී ලග්නාධිපතියා නීච ග්‍රහයෙකු සමග සම්බන්ධද එකල උපන් අය රජකු වැනි අයෙකි.
21. යමෙකු උපදින කල රවි සිංහයේද, චන්ද්‍ර කටකයේද, ශනි මකරයේද, ගුරු මීනයේද, බුධ මිථුනයේද, කිවි තුලාවේද, කුජ මේෂයේද සිටියේද එකල උපන් අය රජ වෙයි.
22. යමෙකු උපදින කල රවි සිංහයේද චන්ද්‍ර වෘෂභයේද, කුජ මේෂයේද බුධ කන්‍යාවේද, ගුරු ධනුවේද ශුක්‍ර තුලාවේද ශනි කුම්භයේද වී නම් රජෙක් උපදී.
23. ලග්නයෙහි බලවත් ග්‍රහයෙක් සිටි කල සඳු සමග ගුරු කටකයේත් හිරු ධනුවේත්, බුධ කන්‍යාවේත් සිටියදී උපන් අය රජකු වේ.
24. ලග්නය කටක වී ගුරු එහි සිට, ශනි, සිකුරු, කුජ යන මොවුන් 7 ත් 4 ත් සිටියහොත් එකල උපන් තැනැත්තාද රජකු වේ.
25. මේෂ රාශිය ලග්නය වී එහි රවි සහ ගුරුද, නවයේ බුධ, චන්ද්‍ර සහ ශුක්‍ර යන තිදෙනාද දහයේ කුජද සිටියදී උපන් අය රජකු වේ.
26. රාහු කේතු හැර අනෙකුත් ග්‍රහයෝ කේන්ද්‍රගතව මිත්‍ර, උච්ච, ස්වක්ෂේත්‍රව වූවෝද එකල උපන් අය ප්‍රසිද්ධ රජකු වේ.
27. නවවන දසවන අධිපතීන් බල ඇතිව මාරුවී සිටීම රාජ යෝගයකි. පින් රැස්කරන ධනවත් ප්‍රඥා සම්පන්න දේශපාලඥයෙකි.
28. ලග්නාධිපති බල ඇතිව නව වැන්නේත්, නව වැන්නාධිපති බල ඇතිව දහයේත් දහය අධිපති බල ඇතිව ශුභයකුත් සමග පහේත් පස්වැන්න අධිපති ශුභයකු සමග ධනු රාශියේත් හෝ 10 වැන්නේත් සිටී නම් හේ කීර්ති ධන ගුණ සම්පන්න රජකු වෙයි.
29. කටක රාශියේ හෝ 10, 4, 7 යන එක තැනක බලවත් ගුරු සිටියේද, හිරු මේෂයේත් බල ඇතිව සිටිත්නම් නීතිය දන්නා දක්ෂ නිර්භීත දේශපාලඥනයෙකු වෙයි.
30. කුම්භය ලග්නය වී එහි ශනිද සත්වැන්නේ ගුරුද අටේ බුධද දහයේ කුජද සිටියදී උපන් අය රජෙකි.
31. තුලාව ලග්නය වී එහි ශුක්‍ර ශනි දෙදනාද දොළොස් වැන්නේ රවි බුධ දෙදෙනාද සත්වැන්නේ කුජද දහයේ ගුරුද සිටි කල උපන් අය රජ වේ.
32. වෘෂභ ලග්නය වී එහි චන්ද්‍රයාද පස්වැන්නේ රවි සහ බුධද සත්වැන්නේ සිකුරුද, දොළොස්වැන්නේ කුජද තුනේ ගුරුද සිටි කල උපන් අය රජ වේ.
33. තුලා ලග්නය වී එහි ශනිද තුනේ රවි චන්ද්‍ර දෙදෙනාද පස්වැන්නේ කුජද සිටියදී උපන් අය දක්ෂ දේශපාලඥයකු වේ.
34. ලග්නය මේෂය වූ කල එහි රවිද, නවයේ ගුරුද හතේ ශනි චන්ද්‍ර දෙදෙනාද යෙදී උපන් අය දේශපාලඥයෙකි.
35. ලග්නය මකරය වී ශනි එහිද තුනේ සඳුද සයේ කුජද නවයේ බුධද දොළොස්වැන්නේ ගුරුද සිටිකල උපන්නා අනුශාසනා කරන්නකු වේ.
36. වෘෂභ ලග්නය වී එහි චන්ද්‍රයාද ශනි හයේද ගුරු සත්වැන්නේද රවි හතරේද සිටියදී උපන් අය දේශපාලඥයෙකි.
37. මීන ලග්නය වී ශුක්‍ර එහිද, ගුරු සහ සඳු දස වැන්නේද කුජ එකොළොස්වැන්නේද සිටි කල උපන් අය දක්ෂ දේශපාලඥයෙකි.
38. කන්‍යා ලග්නය වී බුධ එහිද සඳු ගුරු හතරවැන්නේද කුජ පස්වැන්නේද සිටියදී උපන් අය රජ වේ.
39. කන්‍යා ලග්නය වී එහි බුධද, පස් වැන්නේ කුජද, ශනිද සිව්වැන්නේ ගුරු සහ සිකුරුද සිටි කල උපන් අය දේශපාලනඥයෙකි.
40. මීන ලග්නය වී සඳු එහිද, දොලොස්වැන්නේ ශනිද, එකොළොස්වැන්නේ කුජද හයේ රවිද සිටියදී උපන් අය දේශපාලඥයෙකි.
41. මේෂ ලග්නය වී කුජ ලග්නයේද ගුරු හතරේද සිටියදී උපන් අය රජවේ.
42. කන්‍යා ලග්නය වී එහි බුධද සත්වැන්නේ ගුරු හා සඳුද දහයේ ශුක්‍ර ද පස්වැන්නේ කුජ හා ශනිද ඇති කල උපන් අය දේශපාලඥයෙකි.
ඉහත දක්වා ඇත්තේ රාජයෝග කිහිපයක් පමණි. තවත් එවැනි යෝග ගණනාවක් තිබේ. ඔබගේ කේන්ද්‍ර සටහනේ මෙවැනි යෝග තිබුණද එමගින් ඔබට ජය ලැබී නොමැතිනම් සුළු සුළු දෝෂ ඊට බලපෑවා විය හැක. එම දෝෂ මගහරවා ගැනීමට අදාළ ප්‍රතිකර්ම කරගැනීමෙන් ඔබට ජය, ධනය සහ වාසනාව ළඟාකර ගත හැක.
පාඨශාලාචාර්ය අත්තනගල්ලේ
හේමසිරි විජේසිංහ
0777940181