යූටියුබ් හරහා මුදල් උපයන්න සරල ක්‍රමයක්​


යූටියුබි චැනලයක් හිට් කරන්නේ කොහොමද?

 

 

සෝෂල් මීඩියා හරහා සාර්ථක වන්නේ කෙසේද? කියන මාතෘකාව තුළ යූ ටියුබ් කෙනෙක් ලෙස ජනප්‍රිය වන්නේ කෙසේ ද? මිනිස්සු අතර බ්‍රෑන්ඩ් එකක් වන්නේ කෙසේද? ඒ වගේම ඔබේ යු ටියුබ් චැනලය ජනප්‍රිය කර ගැනීමට කළ යුත්තේ කුමක්ද ? ආදී බොහෝ දේවල් සමග යූ ටියුබ් චැනල් එකක් අලුතින්ම ආරම්භ කරන්නට ඉන්න ඔබ අවධානය යොමු කළ යුතු කරුණු වගේම ඔබ කළ යුතු, නොකළ යුතු දේවල් බොහොමයක් ගැන පසුගිය සති කිහිපය පුරාම ඔබට පැහැදිලි කළා.   


ඒ වගේම අලුත් යූ ටියුබර් කෙනෙකුට යු ටියුබ් ජීවිතයේ අමාරුම කඩ ඉමක් ගැන අද අපි කතා කරන්න සිතුවා. ඒ තමයි යූ ටියුබ් හරහා මුදල් සොයන්න. සාර්ථක වෙන්න නම් ඔබගේ යූ ටියුබ් චැනල් එකට Subscribers ලා අවශ්‍යයි. අලුත් යූ ටියුබ් කෙනෙකුට අමාරුම කඩඉමක් වන පළමු Subscribers ලා 1000 ලබා ගන්න ඔබ කළ යුත්තේ කුමක්ද? ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතු කරුණු රැසක් සමග අදත් ඩිජිටල් මීඩියා තොරතුරු තාක්ෂණය පිළිබඳ උපදේශක මෘදුකාංග ඉංජිනේරු Chanux bro අප හා සම්බන්ධ කර ගතිමු.   


‘‘අලුතෙන් යූ ටියුබ් චැනල් එකක් සඳහා ඕනෑම කෙනෙකුට තියෙන අමාරුම දේ විදිහට අපි දකින්නේ චැනල් එකට පළමු Subscirbers ලා 1000 ලබා ගන්න එක. මේක ඉතාම සංකීර්ණ දෙයක්. ඒකට අපි අතින් සිදුවන සුළු සුළු වැරදි කිහිපයක් බලපානවා. මේ මුල් Subscribers ලා 1000 කියන්නේ ඔයාගේ යූ ටියුබ් චැනල් එකේ බේස් එක. ඒ කියන්නේ ශක්තිමත්ම පදනම. මේ පදනම හදාගන්න එක තමයි අමාරුම කටයුත්ත වෙන්නේ. ඔබ ෂෝෂල් මීඩියා තුළ ජනප්‍රිය කෙනෙක් නම් මේ පදනම හදාගන්න ඉතාම පහසුයි.   


යූ ටියුබ් ජීවිතේ කටුකම අවධිය වන මේ පළමු Subscribers ලා 1000 ඔබ සොයා ගන්නවා කියන්නේ එතනින් එහාට ඔබේ යූ ටියුබ් ජීවිතේ ඉතාම සුන්දර වෙනවා. අද අපි කතා කරමු. ඔබේ යූ ටියුබ් චැනල් එකට පළමු Subscribers ලා 1000 ඉතා කෙටි කලකින් ලබා ගන්නේ කොහොම ද කියලා.   


පළවෙනිම දේ තමයි ඔබ යු ටියුබ් චැනල් එකට අප්ලොඩ් කරන වීඩියෝ ඔබේ ෆේස් බුක් ගිණුම, ෆේස් බුක් පේජ් එක, ඉන්ග්‍රෑම් ගිණුම, ටුවිටර් හරහා ෂෙයාර් කරන්න ඕනෑ. පුළුවන් තරම් මේ සමාජ මාධ්‍ය හරහා ඔබ කරන වීඩියෝ ශෙයාර් කිරීමෙන් ඔබට බොහෝ අය අතරට යන්න අවස්ථාව ලැබෙනවා. යාළුවන්ට කියන්න පුළුවන් මගේ ෆේස් බුක් පේජ් එකට ලයික් කරන්න. ඉන්ටග්‍රෑම්වල මාව follower කරන්න කියලා යාළු හිත මිතුරන් අතර බෙදාහරින්න පුළුවන්.  


නිතරම කාලීන මාතෘකා පිළිබඳ වීඩියෝ හැදිය යුතුයි. මොකද ඒවා බලන්න ගොඩක් මිනිස්සු හරිම කැමතියි. ඒ වගේම කෙටි කාලයක් තුළ වැඩි වීඩියෝ ප්‍රමාණයක් අප්ලෝඩ් කිරීම මගිනුයි චැනල් එකේ Subscribers ලා වැඩි කරන්න ප්‍රධාන සාධකයක් වෙනවා.  


විශේෂයෙන් චැනල් එකට නම සහ චැනල් එකට යොදන වීඩියෝ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන්න ඕනෑ. පසුගිය සතියේ චැනල් එක ජනප්‍රිය කරන්න පුළුවන් මාතෘකා ටිකක් අපි කතා කළා. ඒවාත් උත්සහ කරලා බලන්න කියලත් යෝජනා කරනවා. ඊළඟ එක තමයි වීඩියෝ එකේ Tittle එක සහ Descrption එක වගේම Thunbnail එක. ඔයාලා වීඩියෝ එකක් අප්ලෝඩ් කරද්දි Descrption එක වගේම Tittle එක Type කරනවා ඇති. එහෙම ටයිප් කරද්දි නම කෙටි වෙන්න ඕන. ඒ වගේම ඔබ දාන වීඩියෝ එකේ සම්පූර්ණ විස්තරයක් Descrption එකේ ටයිප් කරන්න පුළුවන්නම් වීඩියෝ එක අරමුණ ඇතුළත් වෙලා තියෙන දේවල් දැනගන්න ලොකු උදව්වක් වෙනවා. විශේෂයෙන් වීඩියෝ එකට Ttttle එක යොදා ගනිද්දි මිනිස්සු තේරුම් ගන්න පුළුවන් විදිහට යොදා ගන්න වගබලා යුතු වෙනවා.  


මොකද වීඩියෝවලට ලැබෙන Views වැඩි වෙන්න අඩුවෙන්න දෙකටම බලපාන දේ තමයි මේ Tittle එක කියලා කියන්නේ. විශේෂම දේ තමයි Tittle යොදා ගනිද්දී කුතුහලය දනවන, වීඩියෝ එක බලන්න ආස කරන විදියේ Tittle යොදා ගැනීම Subscribers ලා වැඩි කරන්න ප්‍රධාන සාධකයක් වෙනවා. ලොකු Tittle වීඩියෝවලට යොදා ගන්න එපා වගේම වීඩියෝ කියවෙන්නේ නැති දේවල් Tittle එකට පාවිච්චි කරන්නත් එපා. ඒ වගේම ඉතාම කෙටියෙන් වීඩියෝවේ Thumbnail එක හදන්න. හොඳ Thumbnail එකක් හදාගන්න පුළුවන්නම් Subscribers ලා වැඩිකරගන්න ඉතාම පහසු වෙනවා.  


විශේෂයෙන්ම කියන්න ඕනෑ කවදාවත් සල්ලි බලාගෙන යූ ටියුබ් චැනල් එකක් හදන්න එපා. මුල් කාලේ චැනල් එක දියුණු කරගන්න උපරිම මහන්සි වීම තමයි වැදගත්.

  
ඒ වගේම අපි බලමු යූ ටියුබ් චැනල් එකේ පළමු View 1000 ට මුදල් ලැබෙන්නේ කොහොමද කියලා.  
ඇත්තටම යූ ටියුබ් එකෙන් Views වලට ගෙවීමක් කරන්නේ නැහැ. මේ Views මත Plye වන ඇඩ් ප්‍රමාණය මත තමයි අපිට ගෙවීම් කරන්නේ. අපි කරන්න ඕන අපේ චැනල් එක නිතරම අප්ඩේට් එකේ තබාගෙන Views ලා ගෙන්න ගන්න එක. ඊට පස්සේ මේ වීඩියෝවලට අදාළව ඒකට සපෝට් කරන ඇඩ් පුළුවන් තරම් ඒ චැනල් එකට යොමු කරනවා. මේ මත පදනම් වෙලා තමයි අපට මුදල් ලැබෙන්නේ. Viwes මත Plye වන ඇඩ් මත පදනම් වෙලා තමයි අපිට මුදල් ලැබෙන්නේ.  


දැන් නිල වශයෙන් යූ ටියුබ් එකෙන් ශ්‍රී ලංකාවේ ඇතුළේ ඉන්න ඕනම කෙනෙකුට මුදල් උපයන්න අවස්ථාව යූ ටියුබ් ආයතනය කටයුතු කරලා තියෙනවා. යූ ටියුබ් එකේ වීඩියෝ හදලා අප්ලෝඩ් කරාට පස්සේ මේ වීඩියෝස් ගොඩක් අය බලනවනම් ඔයාගේ මහන්සිය වෙනුවෙන් යම් මුදලක් ගෙවන්න යූ ටියුබ් ආයතනය කටයුතු කරගෙන යනවා. මම ඉහතින් කතා කරපු විදිහට යූ ටියුබ් එකට ඇඩ් ලබා දෙන අය සල්ලි ගෙවනවා. ඒ ඇඩ් එකේ ඔයාගේ වීඩියෝ එකේ display වුණොත් ඔයාට යූ ටියුබ්ලා මුදල් ගෙවනවා. මේ මුදල් ශ්‍රී ලංකාවේ බැංකුවකට නීත්‍යානුකූල වශයෙන් ගෙන්වා ගැනීමේ හැකියාවක් තියෙනවා.  

 


ඔයා අනුන්ගේ දේවල් කොපි කරන්නේ නැතුව ඔයාට දේවල් කරන්න පුළුවන්නම්, යූ ටියුබ්ලගේ නීති මාලාවට අනුව නීත්‍යානුකූලව ඔයාට වැඩ කරන්න පුළුවන්නම් ඔබට පුළුවන් යූ ටියුබ් හරහා මුදල් උපයන්න.  
ඔයාගේ යූ ටියුබ් චැනල් එකට ගිහින් youTube Studio කියන එකට එන්න. youTube Studio කියන එකේ යට තියෙනවා Monetization Option එකක්. Monetization කරනවා කියන්නේ අපි කරන දෙයක් මුදල් උපයන විදිහට හදා ගන්නවා කියන එක.  


මේ Option එකට ගියහම you are not eligible for monetization ඒ කියන්නේ ඔයා මේ වෙනකොට මේ සල්ලි උපයන්න සුදුසු නැහැ කියලා පණිවිඩයක් ඒවි. ඒ මොකද ඔයා මේක මොන රටේද තියෙන්නේ කියලා යොදලා නැති නිසා. ඔයා Update location කියන එකට ගිහිල්ලා ඔයා ඉන්න රට යොදන්න. ඊට පස්සේ ඔයාට එනවා Grow with youtube කියලා. යූ ටියුබ් එකත් එක්ක අපි ගොඩ නැගෙමු යන මාතෘකාව යටතේ.  


විශේෂයෙන් ඔයා යූ ටියුබ් එකක් Monetization කරන්න සුදුසුකම් තියෙන්න ඕන. ඔයා යූ ටියුබ් චැනල් එකක් හදාගෙන මුකුත්ම නොදා හිටියොත් ඔයාට මුදල් උපයන්න බැහැ. ඒ වගේම ඔයා අප්ලෝඩ් කරන වීඩියෝස් මිනිස්සු බලන්නේ නැත්නම් ඒත් ඔයාට සල්ලි ලැබෙන්නේ නැහැ. යූ ටියුබ් එකෙන් බලනවා ඔයා සාර්ථක කෙනෙක්ද කියලා. ඒ මනින්න පුළුවන් සාධක 2ක් දීලා තියෙනවා. එකක් තමයි අඩුම තරමේ ඔයාගේ චැනල් එකට Subscribers 1000 වත් ඇවිත් ඉන්න ඕනෑ. Subscribers කරනවා කියන්නේ ඔයාට කැමති මිනිස්සු ඔයා වටේ එකතු වෙනවා කියන එක.  


ඔයා හරි දෙයක් හදනවනම්, යූ ටියුබ් එකට නිවැරදි දේවල් එකතු කරනවානම් ඔයාගේ යූ ටියුබ් එකට Subscribers ලා 1000 ක් එකතු කරගන්නවා කියන එක ලොකු දෙයක් නෙමෙයි. අනිත් දේ තමයි Public watch hours අඩුම තරමේ 4000 ක්වත් තිබිය යුතු වෙනවා. මේක ගොඩක් අය පටලවගන්න දෙයක්. මේ watch hours 4000 අවුරුද්දක් ඇතුළත තමයි ගන්න ඕන.  


මම ඒක සරලව කියලා දෙන්නම්. ඔයා පැය 1000 දිග වීඩියෝ එකක් හැදුවොත් එතකොට watch hours 4000 හැදෙන්නේ මේ වීඩියෝ එක හතර දෙනෙක් බැලුවම. ඔයා විනාඩි ගාණක එකක් හැදුවොත් බලන විනාඩි ගණන එකතු වෙලා තමයි මේ පැය 4000 හැදෙන්න ඕනැ.  


මේක Monetization කරනවනම් ඔයාගේ ඔළුවේ තිබිය යුතු ප්‍රධානම දේ සල්ලි හොයන එක නෙමෙයි. මිනිස්සු ඔයා වටා එකතු කරගන්න එක තමයි ප්‍රධානම දේ. මොකද මිනිස්සු ඔයා වටේ එකතු වුණොත් තමයි මේක සාර්ථක වෙන්නේ. සල්ලි ඕනවට මේ දේල් හොර ක්‍රමවලින් හැදුවට ඔයාට මුදල් එන්නේ නැහැ. මොකද ඒ ඉන්නේ ස්වාභාවික සෙනඟක් නොවෙයි කියලා පෙන්වන නිසා.  


මේ වෙනකොට ශ්‍රී ලංකාවේ ටී.වී., රේඩියෝවල ඉන්න නළු නිළියෝ පවා අද යූ ටියුබ්වලට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ලංකාවේ ටියුෂන් ගුරුවරු ටියුෂන්වලට අමතරව යූ ටියුබ් හරහා විවිධ දේවල් කරන්න පටන් අරගෙන තියෙනවා. මේ විදිහට එක පාරටම විශාල පිරිසක් යූ ටියුබ්වලට ආපු නිසා තමයි යූ ටියුබ් එකෙන් මේ Monetization පහසුකම හදලා දීලා තියෙන්නේ.  


මේ සියල්ලම වුණාට පස්සේ යූ ටියුබ් එකෙන් මේල් එකක් එනවා ඔයාව Monetization කරන්න සූදානම් කියලා. එතැනින් පස්සේ ඔයාට ඔයා අප්ලොඩ් කරන වීඩියෝවලට මුදල් ලැබෙන්න පටන් ගන්නවා.  
වංචා කරන්නේ නැතුව නිවැරදි විදිහට යූ ටියුබ් කෙනෙක් වෙන්න නම් පසුගිය සති​ කිහිපය පුරාවට කියපු දේවල් හොඳට අධ්‍යයනය කරන්න. ඒ තුළින් ඔබට ෂෝෂල් මීඩියා එහෙම නැත්නම් යූ ටියුබ් හරහා සාර්ථක වෙන්න ඉතාම පහසු වේවි.

 

 

 

නදීශා අතුකෝරළ