කැරකෙන ලෝකේ
කිලෝමීටර 347ක් (සැතපුම් 216 දිග දිය යට පිහිටි ගුහාවක් නැගෙනහිර මෙක්සිකෝවෙන් සොයා ගැනීමට දිය යට පර්ෙය්ෂණයක නිරත වූ පුරාවිද්‍යාඥයන් පිරිසකට හැකි වී තිබේ. එය පෘථිවියේ දිය යට ඇති දිගම ගුහාව විය හැකි යැයි ඔවුහු විශ්වාස කරති. මෙම දීර්ඝ ගුහා පද්ධතිය සුවිශේෂී වනුයේ එතුළින් මායා ශිෂ්ටාචාරයට අයත් තොරතුරු රැසක් අනාවරණ කර ගැනීමට හැකි වී ඇති බැවිනි.
මෙම පර්ෙය්ෂණයේ නිරත වූ පුරාවිද්‍යාඥයන් පිරිස ‘ග‍්‍රෑන් ඇකියුෆෙරෝ මායා’ නම් ව්‍යාපෘතියට අනුබද්ධ කණ්ඩායමකි. මායා ශිෂ්ටාචාරය පිළිබඳ විවිධ පර්ෙය්ෂණවල නිරත වූ ඔවුහු මෙක්සිකෝවේ යුකතාන් අර්ධවීපය අවට සාගරයේ පර්යේෂණවල නිරත වූහ. මෙම ගුහාව සොයා ගැනීමට හැකි වූයේ එකී පර්ෙය්ෂණයේ ප‍්‍රතිඵලයක් ලෙසිනි.
මෙය ගුහා දෙකක් එක්ව තැනුණක් ලෙස ඔවුන් සඳහන් කර තිබේ. එක් ගුහාවක් සැක් ඇක්ටන් ලෙසින් හැඳින්වෙන අතර එහි දිග කි.මී. 263කි. ඩොස් ඔජෝස් නමින් හැඳින්වෙන අනෙක් ගුහාව කි.මී. 83ක දිගින් යුතුය. මෙම දූපත් ද්වය පිහිටා ඇත්තේ ටූලූම් වෙරළ ආසන්න සාගරයේය.
දිය යට පර්ෙය්ෂණයේ නිරත පුරාවිද්‍යාඥ කණ්ඩායමේ ප‍්‍රධානී ගුයිිලර්මෝ ඇන්ඩා මෙම සොයාගැනීම තුළින් මෙම කලාපයේ පැවැති පොහොසත් සංස්කෘතිය වර්ධනය වූ ආකාරය පිළිබඳව හඳුනා ගැනීමට හැකි වනු ඇතැයි සඳහන් කර තිබේ. ස්පාඤ්ඤ ආක්‍රමණයට පෙර පැවැති මායා ශිෂ්ටාචාරයේ ඇදහිලි සහ වන්දනාමානයට පාත‍්‍ර වූ ස්ථාන සහ පූර්ව හිස්පැනික් ජනාවාස පිළිබඳව බොහෝ තොරතුරු අනාවරණ කරගත හැකි බවද ඔහු පෙන්වා දෙයි.
යුකතාන් අර්ධවීපය පුරා මායා ශිෂ්ටාචාරයට අයත් ස්මාරක රැසක් දැකිය හැකිය. සින්කෝල්ස් නමින් හැඳින්වුණු ඔවුන්ගේ නගර ජල මූලාශ‍්‍ර තුළටද ව්‍යාප්ත කර තිබූ අතර එකී දිය යට නගර හැඳින්වූයේ සෙනොටස් නමිනි. ඇතැම් නගර මායා ශිෂ්ටාචාරයේ ආගමික කටයුතු සඳහා වෙන් වී තිබූ අතර බොහෝ නගර ජනාවාසව පැවැති බැව් සඳහන්ය.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා