මම සෙක්සි තමයි


රැල්ල

මෝස්තර නිරූපිකා රංගන ශිල්පිනී 
සප්නා කරීම් 

 

  • නයිට් ක්ලබ්වලටත් යනවා
  • මගේ ලයිෆ් එක හොඳට එන්ජෝයි කරනවා
  • “ලිවිං ටු ගෙදර්” දැන් ට්‍රෙන්ඩ් එකක් වෙලා

 

රංගන ශිල්පිනියක් ලෙසින් කලා ක්ෂේත්‍රයට එක්වූ ඇය අද දවසේදී දක්ෂ චිත්‍රපට හා ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක් මෙන්ම ජනප්‍රිය මෝස්තර නිරූපිකාවක් වී හමාරය. උපතින් මැලේ ජාතික තරුණියක් වන ඇය එහි බැමි බිඳ දමමින් රංගන ක්ෂේත්‍රයට එක්ව තමන්ගේ ජීවිතය නිදහසේ ගෙවමින් සිටින්නීය. ‘, අන්ඩවර්ල්ඩ්, උකුසු ඇස්, ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ’ වැනි චිත්‍රපටවලින් කතාබහට ලක්වූ ඇය හැමෝටම උදව් උපකාර කරන නිහතමානී කලාකාරිනියකි. සෙක්සි චරිතයක් ලෙසින් තමන්ගේ අඩ නිරුවත් හා කොටට අඳින ලද ඇඳුම්වලින් ගත වසාගත් ඡායාරූප මුහුණු පොතේ හා ඉන්ස්ටග්‍රෑම් හි පළ කිරීම නිසා බොහෝ දෙනාගේ අවධානයට පාත්‍රවී සිටී. ඇය නමින් සප්නා කරීම්ය. මෙවර ‘රැල්ල’ කතාබහ ඇය සමගය. 


සප්නා, ඔයා මේ දවස්වල මොනවද කරන්නේ? 


මේ දවස්වල මගේ ‘ඉවෙන්ට්ස්’ වැඩ කටයුතු කරගෙන යනවා. ඒ වගේම ව්‍යාපාරික පැත්තෙන්ද පොඩි වැඩවගයක් කරනවා. රංගනයේ පැත්තෙන් නම් චිත්‍රපට 2-3කට ආරාධනා ලැබී තිබෙනවා. ගොඩාක් දුරට ඒවායේ මම රඟපාන්න පුළුවන්. ඒත් ඉතිං කියන්න බැහැ මොනවා වෙයිද කියලා නේද? 


ඔයා මොඩ්ලිං ක්ෂේත්‍රයෙන් ඉදිරියට පැමිණි කෙනෙක්. එතනදී කොහොමද ඔයාට බලපෑම් එල්ල වුණාද? අයුතු යෝජනා ආවාද? 

 

මෙහෙමයි. මට ඒ කාලේ එහෙම කියලා අයුතු යෝජනා නම් ආවේ නෑ. බොරු කියන්නේ මොකටද? 


එහෙම නැතිවුණාම ඉදිරියට යන්න අමාරුයි නේද? 


දැන් තිබෙන ට්‍රෙන්ඩ් එක අනුව තමයි එහෙම දේවල් වෙන්නේ. ඒ නිසා තමයි සමාජයට ඔවැනි කතා ගිහිල්ලා තිබෙන්නේ. ඒ කාලයේ නම් එහෙම අයුතු යෝජනා, ලිංගික අල්ලස් අපට නම් ආවේ නැති තරම්. මොඩ්ලිං ෆීල්ඩ් එක හරි වෙනස්. එය ටෙලිනාට්‍යයෙන්. චිත්‍රපට ෆීල්ඩ් එකට හාත්පසින්ම වෙනස්. එතනදී අපටිඩිරෙක්ට්’ ප්‍රශ්න එනවා අඩුයි. මොකද ඒඉවෙන්ට්ස්’ බොහෝ වෙලාවට කම්පැනි තමයි මෙහෙයවන්නේ. 


එතනදී ඔයාලා කොට ඇඳුම් අඳිනවා. බිකිනි අඳිනවා. අඩ නිරුවත් විදිහට තමයි තමන්ගේ හැකියාවන් පෙන්වන්නේ. එතනදී දකින අයගෙන් යම් යම් යෝජනා එන්නේ නැද්ද? 


‘ඉවෙන්ට්ස්’ වලදී එවැනි දේවල් එන්නේම හැකිතරම්. එවැනි දේවල් බොහෝ විට එන්නේ පැෂන් ෂෝ’ වලදී. මොකද අඩ නිරුවත් ඇඳුම් අඳින්න වෙන්නේ එතැනදී තමයි. මම ඒවා ගොඩාක් අඩුවෙන් කරලා තිබෙන්නේ. බ්‍රයිඩල් නම් මම සෑහෙන්න කරලා තිබෙනවා. ඒවායේ නම් සම්පූර්ණයෙන්ම ඇඟ වැහෙන්න ඇඳුම් අඳින්නේ. මට නම් එහෙම අයුතු යෝජනා නම් ආවේ නෑ. 


ඔයා ඉන්ස්ටග්‍රෑම්වල හා මුහුණු පොතේ දාන පිංතූරවලට නම් බොහෝ දෙනා ඉල්ලීම් කරනවා ඇති නේද? 
ඔව්. ඒක ඇත්ත. ඒවායේ මම කොටට ඇඳලා ඉන්න ඡායාරූප දැකලා එක එක යෝජනා ඉල්ලීම් කරනවා. මම ඒවාට උත්තර දෙන්න යන්නේ නෑ. හැබැයි එතනදි විවාහ වෙලා ඉන්න අය කරන යෝජනාවලට නම් මට පුදුම තරහක් එන්නේ. තමන්ගේ බිරිඳට සලකන්නේ නැතුව අනෙක් ගැහැනුන්ට එක එක යෝජනා කරන්නේ ඇයි? ඒ අය ගැන මට ඇත්තේ පිළිකුළක්. 


රංගනයට ආවාට පස්සේ ඔයාට අයුතු යෝජනා ආවාද චරිත ලබාදෙන්න? 


රංගනයට ආවත් එහෙම කියන්න තරම් ලොකු අයුතු යෝජනා ආවේ නෑ. මොකද ඒ කාලයේ හොඳ අධ්‍යක්ෂවරු යටතේ මම රඟපෑවේ. සමහරු පොඩි පොඩි විහිලු කළත් ඒවා ලිංගික අල්ලස් වුණේ නම් නෑ. 


ඔයා නිතරම කොටට අඳින්නේ, ඇඟ පොඩ්ඩක් පේන්න අඳින්නේ ඔයාගේ ආසාවටද? එහෙම නැත්නම් මේ ෆීල්ඩ් එකේ තැනක් හදා ගන්නද? 


නෑ. මම එහෙම කියලා නොවෙයි මම හරි ආසාවෙන් අඳින්නේ. අපි ජිවත්වෙලා ඉන්නකොට අපි ලස්සනට අඳින්න ඕනේ. හොඳට කන්න බොන්න ඕනේ. හොඳට ජිවිතය විඳින්න ඕනේ. අපි ඉතුරු කරලා තිබෙන දේවල් කවදාවත් මැරෙනකොට අරන් යන්නේ නෑ. ඒ නිසයි මම පැෂන් කරන්නේ. ඒ විතරක් නොවෙයි නටන්න ආසයි. සිංදු කියන්න ආසයි. මට ගැලපෙනවා කියලා හිතනවා නම් කොටට අඳිනවා. බිකිනි එකක් වුණත් අඳිනවා. මට නොගැලපෙනවා නම් අඳින්නේ නැ. ඒක මගේ හැටියක්. අනෙක් අය මොනවා කිව්වත් මට ප්‍රශ්නයක් නෑ මම අඳින්නේ මට ඕන විදිහටයි. 


එහෙම අඳින ඒවාට සමාජයේ ඉන්න අයගෙන් කොහොමද ලැබෙන ප්‍රතිචාර? 


ගොඩක් අය ලස්සනයි කියනවා. සමහරු විවාහ වෙන්න යෝජනා පවා කරනවා. 


ඇත්තටම එයාලා මෙහෙම අඳින්නේ මුදලට විකිණෙන්නද? 


මෙහෙමයි අපි කොටට ඇන්ඳා කියලා ඇඟ පොඩ්ඩක් පේන්න ඇන්ඳා කියලා මුදලට විකිණෙන්නේ නෑ. ඒක බොරු කතාවක්. අපේ රටේ අය හිතන විදිහ හරිම පටුයි. අපි එළියට ගියත් කොටට ඇන්ඳත්, කාත් එක්ක හරි කතා කළත් හිතන්නේ අපි එයා එක්ක මුදලට යනවා කියලා. ඒක හරි වැරැදි ආකල්පයක්. මට නම් ඔය කවුරු මොනවා කිව්වත් ප්‍රශ්නයක් නෑ. මම කරන්නේ මොනවද කියලාමම දන්නවා. මට ඕන විදිහට අඳින්නේ. අනෙක් අයගේ වචනයක්වත් කතාවක්වත් මට අදාළම නෑ. මට ඕන විදිහට මගේ ලයිෆ් එක ගෙනියනවා. 


ඔයා ඇත්තටම සෙක්සිද? 


මම හිතනවා මම සෙක්සි කියලා. සමහරුත් එහෙම කියනවා. 


ඔයා නයිට් ක්ලබ්’ වලටත් යනවා නේද? 


බොරු කියන්නේ මොකටද මම නයිට් ක්ලබ්වලට යනවා. මගේ ලයිෆ් එකේ හැටියට මම ජිවිතේ විඳිනවා. මට විඳවන්න ඕනේ නෑ. නයිට් ක්ලබ් ගියා කියලා අපි නරක චරිත කියලා කියන්නේ කොහොමද? ඒක හොඳට විනෝද වෙන්න පුළුවන් තැනක්. මගේ යාළුවොත් එක්ක තමයි ඒවාට යන්නේ. 


ඒ වුණත් ඔයාලගේ අයම ඒවාට යන අය විවේචන කරනවා නේද? 


ඒක නම් ඇත්ත. ඔය පත්තිනි අම්මලා වගේ ඉන්න චරිත ඉන්නවා. බොරුවට මම යන්නේ නෑ කියලා රටට හොඳ පත්තිනි අම්මලා වගේ ඉන්න බව පෙන්වමන් සමහරු නයිට් ක්ලබ්වල ගිහින් පිස්සු නටලා අපිව විවේචනය කරනවා. මම ඒවා ගණන් ගන්නේ නෑ. මට අද හිතුණොත් එළියට යනවා. එතනදී ජීවිතය විඳිනවා. පිටරවල මිනිස්සු ඒවා ගණන් ගන්නේවත් නෑ. 


ඕවාට යන්නේ ව්‍යාපාරිකයෝ, මැති ඇමැතිවරු හමුවෙලා මුදල් ලබාගැනීමේ හා වෙනත් අයුතු යෝජනාවලට එකඟ වෙන්න කියලයි. ඇත්තද ඒ කතාව? 


එහෙම නෑ. මට නම් එහෙම අමාරුවක් නෑ. මට ඕනේ ජිවිතේ හොඳට එන්ජෝයි කරන්න. පිට ඉන්න මිනිස්සු එහෙම හිතනවා ඇති. ඒක වැරැදි ආකල්පයක්. එතනදී අපි හොඳ යාළුවෝ විදිහට සතුටු වෙන්නේ. කවදාවත් මැති ඇමැතිවරු ඇවිත් හොඳට එන්ජෝයි කරලා යනවා. හැබැයි නයිට් ක්ලබ් එකෙන් පිට සමාජයේදී නම් මට යොජනා විවාහ යෝජනා ඇවිත් තිබෙනවා විවිධ අයගෙන්. 


ඔයා රංගන ක්ෂේත්‍රයේ වැඩිපුර දකින්න ලැබුණේ නැත්තේ ඒ අයගේ ආශාවන් ඉෂ්ට කර ගන්න ඔබෙන් ඉඩක් නැතිවූ හින්දද? 


එහෙම එකක් කියලා කියන්න බැහැ. මම පිටරට යන්න අයින් වුණා. මගේ ව්‍යාපාරික කටයුතු හින්දා මම ඒවායින් ඈත්වුණා. ඒවාත් එක්ක රංගනයේ යෙදෙන්න අමාරුයි. අධ්‍යක්ෂවරු සමඟ යහන්ගත වෙලා රඟපාන්න මට කවදාවත් ඕනේ නෑ. එහෙම මම කරලත් නෑ. කරන්නෙත් නෑ. 


ඔයා මැලේ ජාතික තරුණියක්. ගෙදරින් විරුද්ධ වුණා නේද ඔයා මේ කරන වැඩවලට? 


ඔව්. අම්මයි තාත්තයි අද ජීවතුන් අතර නෑ. තාත්තා මේ ළඟදී මියගියේ. කාලයක් තාත්තා මාත් එක්ක කතා කරන්නේවත් නැතුව හිටියා, මම රඟපානවාට. නැදෑයෝ නම් ආගම අනුව මේකට විරුද්ධයි. මොකද මම මැලේ ජාතික තරුණියක් හින්දා. තාත්තාත් අකමැතියි


 ඒ වුණාට මම ගත්ත තීරණය තුළ හිඳිමින් මේ ගමන ඉදිරියට යනවා. 


ඔයා තනිකඩව නිදහසේ ජීවිතය ගෙවන තරුණියක්. එහෙම ඉන්න පුළුවන් වාතාවරණයක් අද සමාජයේ තිබෙනවාද? 


මෙහෙමයි. තමන් ඉන්න විදිහ හැසිරෙන විදිහ අනුව තමයි එය තීරණය වෙන්නේ. මම දන්නවා මම ඉන්න ඕන විදිහ කොහොමද කියලා. ඒ හින්දා මට අහළ පහළින්වත්, ගමෙන්වත්, සමාජයෙන්වත් වැරැදි විදිහට යෝජනා ඇවිත් නෑ. එහෙම දෙයක් දැනිලවත් නෑ. හැහෝම වගේ මාව දැක්කාම හරිම පිංවන්තයි කියනවා. ඇත්තටම මට නැත්නම් ඒ දේවල් කොහෙන් හරි ලැබෙනවා. ඒ පිංවන්තකම මට තිබෙනවා. ඒ හින්දා මිනිස්සු මාව දැක්කාම පොඩි ළමයි පවා මාව දැක්කාම හරිම සතුටින් කතාකරන්නේ. 


ආදර සබඳතාවලට මොකද වුණේ? 


ඒවා ගැලපෙන්නේ නැති හින්දා සමාදානයෙන් අයින් වුණා. දැන් මේ ගෙවන ජීවිතේ හොඳයි කියලා මට හිතෙනවා. බූට් කෑමක් නොවෙයි. යාළුවෙලා ඉන්නකොට එයාට මාව ගැලපෙන්නේ නැත්නම් මට එයාව ගැලපෙන්නේ නැත්නම් අපි කතා කරලා ඒක ඉවරයක් කර ගන්න ඕනේ. ඒක තමයි හොඳම ක්‍රමය. 


ඔයා ‘ලිවිං ටු ගෙදර්’ සංකල්පයට කැමතිද? 


මම ඒක විවේචනය කරන්නේ නෑ. ලොකුවට වෙඩින් අරන් මාස 2-3 යන්න ඉස්සෙල්ලා සමහරු දික්කසාද වෙනවා. ඒක තමයි දෙන්නට දෙන්නාගේ නොගැලපීම. දැන් බෝයි ෆ්‍රෙන්ඩ්ල ගර්ල් ෆ්‍රෙන්ඩ් කියලා බොහෝ විට දෙන්න ලිවිං ටු ගෙදර් ඉන්නේ. ඒත් රටට කියන්නේ නෑ. ඒක දැන් ට්‍රෙන්ඩ් එකක් වෙලා තිබෙන්නේ. ලිවිං ටු ගෙදර් පිළිබඳව මම වරදක් දකින්නේ නෑ. මොකද එතනදී දෙන්නගේ ගැලපීම් අවබොධ කර ගන්න පුළුවන් වෙනවා. 


ඇත්තටම ඔයා මොනවගේ කෙනෙක්ද සප්නා? 


මම හිත හොඳ කෙනෙක්. ගොඩක් අයට උදව් උපකාර කරනවා. යාළුවොත් මට ගොඩක් ආදරේ ඒ හින්දයි. 
මම සෙක්සි තමයි...



ඔයා විවාහ වෙන්න අදහසක් නැද්ද? නැත්නම් තනිකඩව ඉන්නද බලාපොරොත්තු වෙන්නේ? 


හොඳ කෙනෙක් ලැබුණොත් විවාහ වෙනවා. නැත්නම් තනිකඩව ඉන්නවා. ඒත් ලංකාවේ එහෙම ඉන්න බැරිවෙයි නේද? විදේශිකයෙක් වුණත් හොඳ කෙනෙක් නම් හොඳට හොයලා බලලා තීරණයක් ගන්නවා. 


ඔයා විවාහ වෙන්න කැමති කොයි වගේ කෙනෙකුත් එක්කද? 


හැන්ඩ්සම් කෙනෙක් වෙන්න ඕනේ. හොඳ උසක්ද තිබෙන්නෙ ඕනේ. විශේෂයෙන් හොඳ ගතිගුණ අනිවාර්​ෙ‌යන් තිබිය යුතුයි. මට ආදරය කරන්න, මට ලෙඩකදි දුකකදී ළඟින් ඉන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ.

 
ඔයාට කටකතා, ගොසිප් හැදිලා තිබෙනවා නේද? 


අපේ ඔව්. ඕන තරම් මට මඩගහලා තිබෙනවා. මම ඒවා ගණන් ගත්තේ නෑ. අනෙක රංගනය කියන්නේ මවාපෑමක්. ඒකවත් සමහරු තේරුම් අරන් නෑ, ඉතිං මම ඒවාට උත්තර දෙන්න යන්නෙත් නෑ.

 
ඔයා ලංකාව අතහැර යන්නේ විදේශිකයකු සමග විවාහ වෙන්නද? 


අපෝ නෑ. මම ලංකාවට ආදරෙයි. මේක මම ඉපදුණු රට, ඒත් මම ආසයි පිටරටකට යන්න. මොකද ඒ අය හිතන විදිහ, හිතන ක්‍රමය හරිවෙනස්. ඒ වෙනසට මම කැමතියි. අනෙක ඒ රටකට ගියොත් අපේ ජීවිතය තව කාලයක් හොඳින්, ලස්සනට ගෙනියන්න පුළුවන් වෙනවා. ඒ හින්දයි මම රට යන්න හදන්නේ. යන්න පුළුවන් වෙයිද බැරි වෙයිද කියලා දැන්ම කියන්න බැහැ. මම ආසා මැරෙනකම් සතුටින් කාලා බීලා ජිවිතේ ගෙනියන්නයි. 

 

කතාබහ කළේ 
සමන්ත යහම්පත්