අවිගත් දඩබ්ම
එස්.ටී.එෆ්.පාතාල දඩයම
තරුණ පරපුර විසින් අන්තර් ජාලය උපයෝගී කරගෙන මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිදුකරන නොයෙක් සාද අද වනවිට රට තුළ විලාසිතාවක් බවට පත්ව ඇත.
මෙම පාටි සංස්කෘතිය ට වයස අවුරුදු 18 - 24 අතර ළාබාල තරුණ තරුණියෝ ෆේස්බුක් හරහා දැන හඳුනාගෙන ගොඩනගාගත් මිතුරු සම්බන්ධතා භාවිත කරන අතර එම සබඳතා හරහා ඉතාමත් රහසිගතව මෙම සාදවලට එක්වෙති.
මෙම සාදවලදී මත්පැන්, ෙහරොයින්, මත්පෙති, හෂීස්, කොකේන් නමැති මත්ද්‍රව්‍ය වලින් ගජරාමෙට ත්‍රිල් එක ලබාගන්නා අතර අපචාර ක්‍රියාද බහුල වශයෙන් මෙම ස්ථානවලදී සිදුවෙයි. එම නිසාම ළාබාල යුවතියන් පවා කිසිදු බියක් සැකකක් නොමැතිව මෙම සාදවලට වැඩි නැඹුරුතාවක් දක්වති.
අපේ අරමුණ සැමදාමත් අසන්නට දකින්නට ලැබෙන වෙරළ සාද පිළිබඳව කතා කිරීමවත් ඒවා සමාජගත කිරීමවත් නොවේ.
වෙනස්ම ආකාරයේ ගෘහස්ත සාද අන්තර්ජාලය ඔස්සේ සංවිධානය කරමින්, ඒවාට සහභාගි වන ළාබාල තරුණ තරුණියන්ට අවශ්‍ය හෂීස්, කොකේන් ඇතුළු වෙනත් මත්ද්‍රව්‍ය ඉහළ මිල ගණන්වලට සපයන 22 හැවිරිදි ළාබාල තරුණයකු පිළිබඳව හෙළි කිරීමයි.
මොහු කොටුකර ගත්තේ පොලිස් විශේෂ කාර්ය බළකා විශේෂ මෙහෙයුම් ඒකකය විසින් වසර ගණන් මාස ගණන් පුරා සිදුකළ බුද්ධි මෙහෙයුම්වල ප්‍රතිඵලයක් වශයෙනි.
විශේෂ කාර්ය බළකාය සිදුකරන පාතාල මෙහෙයුම්වලට පරිබාහිරව ගොස් ළාබාල වයසේ සිටම සමාජයට වින කරන මෙවැනි නරුමයන් ද නීතියේ රැහැනට කොටුකර ගැනීමට සමත් විය.
සුඛෝපභෝගී මහල් නිවෙස්වල පමණක් පැවැත්වෙන මෙම සාද සඳහා එම නිවෙසක් පැය 24 ට වෙන්කර ගැනෙන අතර එසේ එම සාද පැවැත්වෙන්නේ කිසිවකුටවත් සැකයක් ඇති නොවන පරිද්දෙනි.
මෙම සාද සංවිධානය කරන සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරන මහ මොළකරු ග්‍රෑන්ඩ්පාස් පදිංචි ඉතා ධනවත් පවුලක 22 හැවිරිදි තරුණයෙකි. ඉතාමත් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්නෙකි. අත්අඩංගුවට පත්වනතෙක්ම ඔහුගේ දෙමාපියන් මොහු සිදුකරන්නේ කුමක් ද කියා දැන නොසිටීම පුදුමයකි.
පොලිස් විශේෂ කාර්ය බළකායේ මූලස්ථාන කඳවුෙර් මෙහෙයුම් ඒකකයට මෙම ගෘහස්ත සාද සහ ඒවාට හෂීස් සහ කොකේන් නමැති මත් ද්‍රව්‍ය සපයන මෙම සැකකරු පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබුණි.
ඒ අනුව ඔහු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම්වලට පිඹුරුපත් සකස් කෙරිණි. මේ සඳහා විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්‍ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ්, ජ්‍යෙෂ්‍ඨ පොලිස් අධිකාරි වරුණ ජයසුන්දර යන මහත්වරුන්ගේ උපදෙස් නොඅඩුව ලැබුණි.
මෙහෙයුම් කටයුතු ආරම්භ කළ ද භට පිරිස් වෙත ප්‍රධාන බාධකය වූයේ මෙම සැකකරුවන් සියලු කටයුතු සිදු කරන්නේ අන්තර්ජාලයේ වීම හේතුවෙනි.
අන්තර් ජාලය හරහා ඉතාමත් රහසිගතව මෙම ක්‍රියාව සිදු වන බැවින් නිශ්චිත තොරතුරු සොයා ගැනීමට නිලධාරීන්ට බොහෝ කාලයක් වෙහෙස වීමටත් කැප වීමටත් සිදු විය. ඔවුහු වසරකට අධික කාලයක් පුරා තැන තැන රැඳී සිටිමින් මෙම මහ මොළකරු පිළිබඳ තොරතුරු රැස්කළහ. එම තොරතුරු රැස්කිරීමේදී මෙම ළාබාල ජාවාරම්කරු ග්‍රෑන්ඩ් පාස් ප්‍රෙද්ශයේ පදිංචි 22 හැවිරිදි තරුණයකු බවට හඳුනාගෙන තිබුණි.
සැකකරු සතුව තිබු කොකේන්
ඉතා සුපිරි ජීවිතයක් ගත කරන මෙම තරුණයාට දෙමාපියන් විසින් ඉතා සුඛෝපභෝගී මෝටර් රථයක් ද තිළිණ කර දී ඇත. එය උපයෝගී කරගෙන මොහු මෙම ජාවාරම්වල නිරතව සිටියේය.
ඔහුට අයත් මෝටර් රථය උපයෝගී කරගෙන කුලී ගමන් යන මුවාවෙන් මත් ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ ජාවාරම මොහු විසින් සිදු කරගෙන ගොස් ඇත. මොහු පිළිබඳ ඉවවැටුණු නිලධාරීන්ට ඔහුගේ මෝටර් රථයෙන් කුලී ගමන් රැසක් ගියද මොහුගේ මෙම ජාවාරම පිළිබඳ නිශ්චිත තොරතුරක් අනාවරණය කර ගැනීමට හැකියාව ලැබුණේ නැත.
පොලිස් විශේෂ කාර්ය බළකායේ අණ දෙන නිලධාරි ජ්‍යෙෂ්‍ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාගේ අධීක්ෂණය යටතේ, ජ්‍යෙෂ්‍ඨ පොලිස් අධිකාරි වරුණ ජයසුන්දර යන මහත්වරුන්ගේ උපදෙස් මත සැකකරු කොටුකර ගැනීමේ මෙහෙයුම් කටයුතු වෙනතකට යොමු කළහ.
එම උපදෙස් මත විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීහු මොහුගේ දුරකතන අංකය ඔස්සේ පරීක්ෂණ පැවැත්වීමට තීරණය කළහ.
වෑන් රථයේ සිට නිල ඇඳුමෙන් බසින විශේෂ කාර්ය බළකායේ භටයින් දැක බියට පත් සැකකරු ඇයි සර් මොකක්ද මම කරපු වරද යැයි වෙව්ලන ගතියෙන් යුතුව ප්‍රකාශ කළේය.
අපිට තමන් පරීක්ෂා කරන්න තියනවා. කරුණා කරලා වාහනයෙන් බහින්න. ඒ අනුව සැකකරු සහ සැකකාරිය මෝටර් රථයෙන් බැස්ස අතර සැකකරු වාහනයේ පිටුපස අසුනට නංවා ගෙන එක් නිලධාරියෙක් මෝටර් රථය පදවාගෙන ඉදිරියට රැගෙන ගිෙය්ය.
නිලධාරීන් මඳ දුරක් වාහනය රැගෙන ගොස් පසුව නවත්වා අත්අඩංගුවට ගන්නා ලද සැකකරු පරීක්ෂා කළේය. එම අවස්ථාවේ සැකකරුගේ සාක්කුවේ කොකේන් ග්‍රෑම් 5 කට අධික ප්‍රමාණයක් තිබී ඇත.
ඒ අනුව ඔහු නිතරම කතා කරන දුරකථනයක් පිළිබඳ තොරතුරු හෙළි කරගෙන ඇති අතර එම අංකය පරීක්ෂා කිරීෙමන් එම ජංගම දුරකථන පිළියන්දල මඩපාත පදිංචි 19 හැවිරිදි තරුණියකට අයත් එකක් බවට අනාවරණය විය.
එම තරුණිය සැකකරුගේ පෙම්වතිය බවට තොරතුරු හෙළි කර ගැනීමට එම නිලධාරීහු සමත් වූහ. රූමත් තරුණියක් වූ ඇය ඉතාමත් ඉහළ පැලැන්තියක ධනවත් පවුලක සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්නියක් බවද පැවසේ.
මෙම තරුණිය ද නොයෙක් සාදවල මෙන්ම රාත්‍රි සමාජ ශාලාවල කාලය ගත කරන්නියක වන අතර ඇය තදින්ම කොකේන් හා හෂීස් නමැති මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි ව සිටින්නියකි.
වසර 5 ක එනම් අවුරුදු 15 සිට අැය මේවාට ඇබ්බැහිව සිටින අතර ඒ බව දන්නේ ඇගේ පෙම්වතා බවට කියන සැකකරු පමණි. සැකකරුගේ මෙම සාද සඳහා ඇය ද සහභාගී වන්නීය.
එක්තරා දිනක සැකකරුගේ ජංගම දුරකථනයෙන් මෙම තරුණියට ඇමතුම් 20 ට වඩා ලැබී තිබූ අතර ඒ සෑම ඇමැතුමක් තත්පර 10 - 15 ට වඩා රැඳී සිට නොමැත.
මෙම ඇමතුම්වල කිසියම් සැකයක් ඇති බවට දැනගත් විශේෂ කාර්ය බළකාය ඒ අනුව සැකකරුගේ ග්‍රෑන්ඩ්පාස් නිවස ආසන්නයේ රැකවල් යෙද වූහ. එදින සැකකරු හදිසියේම සිය සුඛෝපභෝගී මෝටර් රථයෙන් ඉගිලී ගියේය.
විශේෂ කාර්ය බළකායේ වෑන් රථයක් හා යතුරුපැදියක් එම මෝටර් රථය පසු පස ඔහුට සැක නොසිතෙන ආකාරයට හඹා ගියේය.
සැකකරු පෙම්වතියගේ පිළියන්දල නිවස බලා ගමන් ගන්නා බවට නිලධාරීන්ට සැක ඇති වූ අතර යා යුතු මඟ නොයා ලොකු රවුමක් ගසා පිළියන්දලට ගමන් ගැනීම හේතුවෙන් සැකකරු පිළිබඳ නිලධාරීන්ගේ සැකය තවත් වැඩි විය. නිලධාරීන් සැකකරුගේ මෝටර් රථය හඹා ගිය ද ඔහුට ඒ පිළිබඳ සැක සිතුණේ නැත.
ඔහු පිළියන්දල මඩපාතට පැමිණ එම ප්‍රදේශයේ පිහිටි බොජුන් හලක් ඉදිරිපිට සිය මෝටර් රථය නතර කළේය. ඒ රාත්‍රී 9.00 ට පමණය.
ඒ අසල සිටි රූමත් තරුණියක් ඔහුගේ මෝටර් රථයට ගොඩවූවාය. එම තරුණිය කවුරුත් නොව ඇගේ පෙම්වතිය බවට නිලධාරීහු හඳුනා ගත්හ.
නැවතත් නිලධාරීන් මෝටර් රථය පසුපස හඹා ගිය අතර අවසානයේ තමන් ගමන් ගත් වෑන් රථය මග හරස් කර සැකකරුගේ මෝටර් රථය නවත්වා සැකකරු සහ ඇගේ පෙම්වතිය අත්අඩංගුවට ගත්හ.
වෑන් රථයේ සිට නිල ඇඳුමෙන් බසින විශේෂ කාර්ය බළකායේ භටයින් දැක බියට පත් සැකකරු ඇයි සර් මොකක්ද මම කරපු වරද යැයි වෙව්ලන ගතියෙන් යුතුව ප්‍රකාශ කළේය.
අපිට තමන් පරීක්ෂා කරන්න තියනවා. කරුණා කරලා වාහනයෙන් බහින්න. ඒ අනුව සැකකරු සහ සැකකාරිය මෝටර් රථයෙන් බැස්ස අතර සැකකරු වාහනයේ පිටුපස අසුනට නංවා ගෙන එක් නිලධාරියෙක් මෝටර් රථය පදවාගෙන ඉදිරියට රැගෙන ගිෙය්ය.
නිලධාරීන් මඳ දුරක් වාහනය රැගෙන ගොස් පසුව නවත්වා අත්අඩංගුවට ගන්නා ලද සැකකරු පරීක්ෂා කළේය. එම අවස්ථාවේ සැකකරුගේ සාක්කුවේ කොකේන් ග්‍රෑම් 5 කට අධික ප්‍රමාණයක් තිබී ඇත.
මම ෙම්වා වෙන යුවළකට බාර දෙන්න යන්නේ. එයාලා පාටි එකක් සංවිධානය කරනවා. ඒකට දෙන්න තමා මේවා ගෙනියන්නේ.
සැකකරුගේ එම කීම අනුව නිලධාරීන් එකී යුවළ ගෙන්වා ගෙන අත්අඩංගුවට ගැනීම සඳහා සැකකරුගේ දුරකථනයෙන් ඇමතුම් ගත්තද ඒ වන විටත් සිද්ධිය සැල වී ඔවුහු දුරකථන විසන්ධි කර ගෙන සිටියහ.
සැකකරුගෙන් සහ සැකකාරියගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු අනුව මෙම සැකකරු ඉතා රහස් ආකාරයෙන් මෙම ගෘහස්ථ සාද සංවිධානය කරනු ලබයි. ඒ සාද සඳහා සාමාජිකයන් 25-30 අතර පිරිසක් රැස්කර ගනී.
එලෙස රැස්කර ගන්නා පිරිස වෙනුවෙන් සාදය සඳහා කොළඹ අවට සුඛෝපභෝගී ස්ථානයක් පැය 24 කට වෙන් කර ගන්නා අතර ඒ සඳහා පැය 24 ට රුපියල් 15- 25 දහසක් අතර මුදලක් ඔවුහු ගෙවති. පසුව සාදය සඳහා සියලු කටයුතු එහි සංවිධානය කරති.
සාදයට සහභාගි වන්නන් ප්‍රවේශ පත්‍ර මිලදී ගත යුතුව ඇති අතර එය අවම රුපියල් 5000 ඉහළ වෙයි. සාදය පැවැත්වෙන භූමියේ නොයෙක් වර්ගයේ මත් පැන් සහ මත් ද්‍රව්‍ය විකිණීමට තිබෙන අතර එම සියලු මත් ද්‍රව්‍ය විකුණන්නේ වෙළෙඳ පොළේ මිලට වඩා අධික මිල ගණන් වලටය. ඒ සඳහා මත් ද්‍රව්‍ය වන කොකේන්, හෂීස්, ගංජා මිශ්‍ර පිටරට නිෂ්පාදනයක් වන කුෂ්, ඩාන්සින් ටැබ්ලට් ඇතුළු දෑ මුදලට සපයන්නේ මෙම සැකකරුය.
මත් පැන් පානය කරමින් ගංජා සුරුට්ටු උරමින් තරුණයින් තරුණියන් එක රොත්තට නටති. ගී ගයති. ඔවුහු වෙනම ලෝකවල ජීවත් වෙති. සාමාන්‍ය වෙළෙඳ පොළේ ගංජා ග්‍රෑම් එකක් රුපියල් 10,000 ක මුදලකට අලෙවි ෙවන අතරේ සැකකරු මෙම කුෂ් නමැති මත් ද්‍රව්‍ය ග්‍රෑම් එකක් රුපියල් 30,000 ක මුදලකට අලෙවි කරනු ලබයි.
සැකකරුට මේවා ගැණුම්කරුවකු විසින් ලබා දෙන බවත් එම ගැණුම්කරුගෙන් සාමාන්‍ය මුදලට ලබා ගන්නා මෙම මත්ද්‍රව්‍ය ඔහු විශාල මුදලකට සාදයේ පිරිස වෙත අලෙවි කරනු ලබයි.
සැකකරු මේ ආකාරයේ ජාවාරමක නිරත වෙමින් විශාල වශයෙන් මුදල් උපයමින් සිටියදී ඔහුගේ දෙමාපියන් ඒ බව නොදැන සිටීම ඉතාමත් විහිළුවකි. සිය දරුවන් කෙරෙහි දෙමාපියන්ගේ බැඳීම ඉන් මැනවින් පෙන්නුම් කෙරේ.
තරුණයාගේ දෙමාපියන්ට මේ බව දැනුම් දුන් අවස්ථාවේ සිය දරුවා මේ ආකාරයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවට ඔවුහු කිසිසේත්ම පිළිනොගත්හ.
නිලධාරීන් තරුණිය ඇගේ නිවස වෙත රැගෙන ගිය අවස්ථාවේ ඒ පිළිබඳ ඇගේ මවට තරුණිය මත් ලෝලී තරුණියක බවට ඇගේ සියලු ක්‍රියාකාරකම් හෙළි කළ අවස්ථාවේ මව ඒවා පිළිනොගෙන නිලධාරීන් ඉදිරියේ මහ හඬින් විලාප තබමින් හඬා වැටී ඇත.
නිලධාරීන් සියල්ල හෙළි කළ අවස්ථාවේ දෙපාර්ශ්වයේ දෙමාපියන්ට දරුවන්ගේ වැරදි පිළිගන්නට සිදු විය.
නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීමේදී තරුණයා පවසා ඇත්තේ සර් මට මේවා වෙනත් ජාවාරම්කරුවෙක් ලබා දෙනවා. ඔහු මට කොකේන් ග්‍රෑම් එකක් 17,500කට අලෙවි කරනවා. මම ඒවා 35,000 - 50,000 අතර මුදල්වලට අලෙවි කරනවා කියාය.
මෙම තරුණයා දැනට 22 හැවිරිදි වන අතර වසර 5 පමණ කාලයක සිට මොහු මෙම ජාවාරම්වල නිරතව සිටියි.
සියලු ජාවාරම් අනර්තර්ජාලය හරහා සිදු කරන බැවින් මොහු මෙතෙක් කිසිවකුට කොටු වී නොමැත.
විශේෂ කාර්ය බළකායේ බුද්ධි ජාලය සූක්ෂම අයුරින් දක්ෂ ලෙස ක්‍රියාත්මක වීම හේතුවෙන් වසර 5 කට අධික කාලයක් පුරා පොලිස් ඇසට වැලිගසමින් ජාවාරම්වල නිරත වූ මෙම සැකකරු අවසානයේ නීතියට කොටු විය.
සැකකරු පිළිබඳ තොරතුරු හෙළි කර ගැනීම සඳහා සැකකාර තරුණයා සහ තරුණිය වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දී තිබුණි.
සටහන
ඉන්දිකා රාමනායක සහ
මුදිතා දයානන්ද