ප්‍ර භාතිය කොහොමද මේ දිනවල ජීවිතේ කටයුතු ගෙවෙන විදිහ?
මේ දිනවල වැඩිහරියක්ම කාලය ගෙවෙන්නෙ ප්‍රසංග වෙනුවෙන්. ෆිල්ම්ස් දෙකක ගීත නිර්මාණය කරමින් සිටිනවා. ඊට අමතරව unplugged ෂෝ එක කරන්නත් කටයුතු කරගෙන යනවා. ඒක අපි කරන්නෙ අවුරුද්දකට තුන් වතාවක් විතර. ඒකේ තියෙන විශේෂත්වය අපේ වැඩිය නොගැයෙන ගී පවා ගැයීමට ඉඩක් ලැබීමයි. ඔක්කොම සිංදු තිහක් විතර ගයනවා. ඒක වෙනම අත් දැකීමක්.
ප්‍ර BNS ගමනට අවුරුදු කීයක් විතර වෙනවද?
අවුරුදු 27 ක් විතර වෙනවා. අපේ ඒ දීර්ඝ ගමනක්. ඒ ගමනේදී අපි වාද විවාද කරගන්නෙ නිර්මාණ කිරීමේදි විතරයි.
ප්‍ර තරහ වෙන අවස්ථා ?
මේ විසි ගණනටම අපි තරහා වෙලා නැහැ. ආගියුමන්ට් එකක් වුනොත්, ඒක ඒ වෙලාවට විතරයි. අපි එහෙම කා එක්කවත් තරහවෙලා නැහැ.
ප්‍ර එදා වගේම අද වන විටත් BNS වෙත ප්‍රතිචාර ලැබෙන්නෙ නව යොවුන් වියේ පසුවන අයගෙන්ද? ඒ කියන්නෙ ටීන්ඒජර්ස්ලාගෙන් විතරද?
අද වන විට අපට සිටින්නෙ විවිධ වයස්වලට අයත් ඕඩියන්ස් එකක්. යොවුන් අය, අපේ වයසේ අය වගේම විවිධ වයස් මට්ටම්වල අය ඉන්නවා. අපේ සමහර ගීත ගත්තාම, ඒවා රස විඳින අය අතර පාසල් මට්ටමේ ළමුන් පවා සිටිනවා. රූ සරා, උන්මාද ප්‍රේම ගීත, ළබැඳි කොමලියා වගේ ගීත ගත්තොත් ළමයින් වගේම විවිධ වයස් මට්ටම්වල අය රස විඳින බව පේනවා. BNS ලට සෑම වයස් මට්ටමක අය සිටිනවා කියලා කියන්න පුළුවනි. 98 දි වගේ හිටිය ටීනේජර්ස්ලා ඈ පැවසූ ලෝකෙ, වසන්තයේ, වගේ ගීත එදා රස වින්දා. ඉන් පසුව සිටින අයට ‘‘නානානේ නානනෙ නානා..’’ වගේ ගීත රස විඳින්නත් පුළුවන්. 2010-2015 කාලයේ අයට රාග තාල පටලා ගත්ත, හිනි පෙත්තටම නැඟ, වගේ ගීත තියෙනවා. අපේ දූලා පුතාලගෙ වයසෙ අය ගත්තොත්, ඒ අයටBNS කියන්නෙ රූ සරා, උන්මාද ප්‍රේම ගීය, ළබැඳි කොමලියා වගේ ගීත තියෙනවා. කාලානූරූපීව කාලයට ගැළපෙන මාතෘකා ඔස්සේ, නිර්මාණ කිරීම එක්ක එදා ඉඳලම අපිට විවිධ වයස් මට්ටම්වල ප්‍රේක්ෂකාගාරයක් නිර්මාණය වුණා.
ප්‍ර මේ දිනවල සෝෂල් මීඩියාවල හිත වාවන්නේම නෑ, ගීතය යොදාගෙන පෝස්ට් ෂෙයාර් වෙනවා නේද ? එක පාරටම ඇයි එහෙම වුණේ?
ඒක වුණේ, පසුගියදා භාතිය ඇතා මැරුණානෙ, ඒ නිසා තමයි ඒ වගේ පෝස්ට් ෂෙයාර් වෙන්නෙ.
ප්‍ර ඒ වගේ පෝස්ට් දකිද්දී භාතියට ඇති වන්නෙ මොන වගේ හැඟීම් ද?
අපි ක්ෂේත්‍රයට ආ කාලයේ ඉඳලම අපිට ඒ වගේ ප්‍රතිචාර හොඳට හුරුයි. එදා අපි අපේ අලුත් සිංදු ශෛලීය එළියට දැම්මාම සංස්කෘතියට හානි කරන්න ඇවිත් තියෙන්නෙ කියලා සමහර අය අපිව විවේචනය කළා. පාසලෙන් අයින් වෙලා කරළියට ඇවිත් හිටපු යංග් කොල්ලො සෙට් එකක් නිසා, එදා අපට ඒවා හිතට දරා ගන්න අපහසු වුණා. ඕනෑම ක්ෂේත්‍රයක ඉදිරියට යද්දී ගැරහුම් පැසසුම් දරාගන්න අපට පුළුවන් වෙන්න ඕනෑ. පැසසුම් හෝ ගැරහුම් හිතට ගත්තොත්, අපට අපේ ඉලක්කයට යන්න බැරි වෙනවා. ඒ නිසා ඒවා සම සිතින් දරාගැනීම කළ යුතු වෙනවා. භාතිය මැරුණා කියලා පෝස්ට් හුවමාරු වෙද්දී සමහර අය ඒක ජෝක් එකක් කර ගත්තා. තවත් සමහර නොදන්න අය ඒ ගැන සොයන්න බලන්න ඇති.
ප්‍ර භාතිය ජීවිතේ ගැන හිතන්නෙ කොහොමද?
ජීවිතේ අපි එක එක දේ කරද්දී, අපි අපේ සැලසුම් ගැන හිතද්දී ස්වභාවධර්මය සහ කර්මය විසින්, ජීවිතේ ඉදිරියට යනවා. හැබැයි අපි හිතන්නෙ අපි ප්ලෑන් කරපු නිසා එහෙම වෙනව කියලයි. ඒත් වෙන්නෙ ජීවිතේ ඉදිරියට යන ගමන් අපි අපේ ප්ලෑන් ක්‍රියාත්මක කරන එකයි. ප්ලෑන් කරන විදිහටම ජීවිතේ ගලා යන්නෙත් නැහැ. ජීවිතේ යන්නෙ ජීවිතේ විදිහට.
ප්‍ර භාතියගෙ දියණිය BNS ගීත අතරින් වඩා කැමැති මොන ගීතවලටද?
එයා අපේ ගීත ඔක්කොම ගැන දන්නවා. ඒත් ඒ ගැන ප්‍රකාශ කරන්නෙ නැහැ. එයාගේ ෆෝන් එකේ දවසක් මම ගීත ලිස්ට් එකේ එයා අහපුවා ප්ලේ කරලා බලද්දී, එයා අහන ලිස්ට් එකේ අපේ පරණ සහ අලුත් සිංදු ගණනාවක්ම තිබුණා. ඔයා අපේ සිංදු අහනවද කියලා මම ඇහුවාම ඔව් කියලා කිව්වා. හැබැයි එයා කිසිම වෙලාවක ඒ ගැන ප්‍රකාශ කරලා තිබුණෙ නැහැ.
ප්‍ර ලොකු දියණියකගේ තාත්තා කෙනෙක්? භාතියට ඒ ගැන තියෙන්නෙ මොන වගේ හැඟීමක්ද?
ජීවිතේ ගලා යන විදිහ එහෙම තමයි. සෑම මනුෂ්‍යයකුටම වගේ ජීවිතේ එක් එක් කාලවලදී බැඳීම් එක්ක ස්වභාවයන් වෙනස් වෙනවානෙ. ජීවිතේ එහෙම තමයි.
ප්‍ර භාතිය හොඳ පියෙක් ද? කියලා ඇහුවොත්?
ඒක ඉතින් මට කියන්න බැහැනෙ. ඒක මගේ නෝනාගෙන් සහ දුව ගෙන් තමයි අහන්න ඕනෑ. හැබැයි ජීවිතේ සෑම දෙයක්ම එකම රාමුවකට වෙන්නෙ නැහැනෙ. ඒවා එකිනෙකාට සාපේක්ෂයි. වාද විවාද කරගෙන සිටින යුවළක් අපි උදාහරණයකට ගනිමු. එයාලා හැමදාම වාද කරන්න පුළුවනි. ඒත් අවුරුදු හතළිහක් පනහක් එකට ජීවත්වෙනවානෙ. ඒ කියන්නෙ ඒ පවුලේ පැවැත්මට ශක්තිය පදනම වැටිලා තියෙන්නෙත් ඒ වාද කිරීම් නිසා වෙන්නත් ඇති. සමහර වෙලාවට තවත් පවුලක ස්වාභාවය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ ස්වභාවය අනුව තමයි හොඳ පියෙක්ද? නරක පියෙක්ද ? කියන දේ තීරණය වෙන්නෙ. අපේ පවුලේ තියෙන ස්වභාවය අපට ගැළපෙනවා ඇති.
ප්‍ර ෆැමිලි එකක් විදිහට නිවාඩුව ගත කරන්න වඩා කැමති?
අපි වැඩියෙන්ම කැමති ගෙදර ඉන්න. ඒකට හේතුව මගේ බිරිඳ ක්‍රීඩා අංශයට සම්බන්ධයි. ඇය පිහිනුම් ක්‍රීඩා අංශයේ උපදේශකවරියක් වගේම ක්‍රීඩා අංශ කීපයක නිරත වෙනවා. දියණිය ක්‍රීඩා අංශයට බෙහෙවින්ම ළැදියි. මම සංගීත ක්ෂේත්‍රයේ කාර්ය බහුලයි. ඒ නිසා අපි තුන් දෙනාටම නිතර ගෙදර ඉන්න ලැබෙන්නෙ නැහැ. ඉඩක් ලැබුණ හැටියෙ අපි වැඩියෙන්ම කැමති ගෙදර ඉන්න.
ප්‍ර මේ දිනවල භාතිය වැඩියෙන් ආස කරන වෙනත් අයගේ ගීත මොනවද?
රොබී ජේ ගයන දුමාරේ ගීතයට කැමතියි. ඒ වගේම එප්පඩි සුගම් කියලා සංජීව් ලෝංලියස්ගෙ අලුත් ගීතයටත් කැමතියි.
සඳුන් ගමගේ