කාන්තාවන් වැඩි දෙනෙක් කැමැත්තක් දක්වන්නේ බාහිරින් පෙනෙන ලාලිත්‍යය සහ සුන්දරත්වය රැකගෙන කටයුතු කිරීමටය. එනිසා ඒ ලාලිත්‍ය සහ සුන්දරත්වයේ පෙනුම රැකෙන විදිහට කටයුතු කිරීමට වැඩි දෙනා කැමති වූවද, ඇය එක්තරා විදිහකට අභියෝගයක් ජයගත් කාන්තාවකි. එනම් ලාලිත්‍යය රැකගෙන අභියෝග ජයගත හැකි වග ප්‍රායෝගිකව පෙන්නුම් කළ චරිතයකි. කායවර්ධන ශූරියක ලෙස, ලංකාවට ජාත්‍යන්තරව කීර්තියක් ගෙන දුන් ඇය වෘත්තීයමය වශයෙන් කායවර්ධන අංශයේ නිරතව සිටින ක්‍රීඩිකාවක හා උපදේශකවරියක වෙයි. ජීවිතයේ ශාරීරිකව ඇයට මුහූණදීමට සිදු වූ අභියෝග ජය ගත් මනසින් මෙන්ම ගතින්ද ශක්තිමත් කාන්තාවකි. සුන්ඳර පෙනුම රැකගෙන ඇය කායවර්ධන ක්‍රීඩාවේ නිරත වෙන්නේ කොහොමද? කාන්තාවක කායවර්ධන ක්‍රීඩාවේ නිරතවීම සුදුසුද? මධුෂි අමරසිංහ ඒ ගැන අපට කියන්නෙ මොනවද බලමු.
ප්‍ර මධුෂි ඔබ ගැන සමාජය කතා කරන්න පටන් ගත්තෙ?
මම හිතන්නේ මිනිස්සු මාව හඳුනා ගත්තේ, කායවර්ධන ශූරියක ලෙසයි.
ප්‍ර ලංකාවේ කායවර්ධන අංශයේ දැන් සිටින ප්‍රමුඛ කාන්තාව කිව්වොත් නිවැරදිද?
මේ දක්වා මම කර ඇති දේ ගැන සසඳද්දී එහෙම හැඳින්වීම සාධාරණයි.
ප්‍ර සාමාන්‍යයෙන් කාන්තාවන් තමුන්ගේ ලාලිත්‍ය රැකෙන දේ කරන්න විතරයි කැමති? ඒත් ඔබ වෙනස් ගමනක් යන වගයි පෙනෙන්නෙ? කායවර්ධන අංශයට එන්න විශේෂ හේතුව?
ඇත්තම කිව්වොත් කායවර්ධන අංශයේ ස්පෝර්ට් එක කළාය කියලා මගේ කාන්තා ලාලිත්‍යය නැති කරගෙන නැහැ. අනෙක මගේ ඉසව්වේ හැටියට මස් පිඩු වර්ධනය කර ගැනීම නෙවෙයි, සිදුවෙන්නෙ. මොන විදිහට හෝ කායවර්ධන අංශයේ නිරත වෙද්දී කාන්තා ලාලිත්‍ය නැතිවෙනව නම් ඒකට හේතුව ලංකාවේ සිටින මෙම අංශයේ පුහුණුවන අයගේ වගේම ඔවුනට පුහුණුව ලබා දෙන උපදේශකයින්ගේ වැරදි පුහුණුවීම් ක්‍රමවේදයන් නිසයි. බොඩි බිල්ඩින් කියන ස්පෝර්ට් එකට කාන්තා ලාලිත්‍යය විනාශ නොවන පරිදි පුහුණුවීම් ලබා දෙන්න පුළුවනි.
ප්‍ර ලාලිත්‍යය රැකගෙන ඔබ කොහොමද ඒ පුහුණුවීම් කළේ?
මම මේ ෆීල්ඩ් එකට ආවේ අහම්බයකින්, මේ ෆීල්ඩ් එකේ හිටපු කෙනෙක් නෙවෙයි. ඉතින් ඒ අහම්බයේදී මම ඒ මාර්ගය සොයාගෙන ගිහින් මමම ස්වාධීනව හැදෑරීම් කරමින්, ගමනක් ආ කෙනෙක්. අද වෙන කල්, මට කවුරුවත් ඩම්බෙල් එකක්වත් අල්ලලා කියලා දීලා නැහැ. කොහොමද වර්ක් අවුට් එකක් කරන්නෙ කියලා. අද නම් යම්කිසි විදිහකින් අහන්න අය ඉන්නවා. ඒත් මගේ පටන්ගැන්මේදී කවුරුවත් මට කියලා දීලා නැහැ.
ප්‍ර ඔක්කෝටම කලින් මධුෂි ගැන සඳහනක් කළොත්?
මගේ ගම කෑගල්ල. අපේ අම්මාගේ ගම හලාවත නිසා අපි පදිංචි වුණේ හලාවත අඟුණවිල ගමේ. මම ඉගෙන ගත්තෙ හලාවත ආනන්ද ජාතික පාසලෙන්. අපේ පවුලේ අම්මයි තාත්තයි මල්ලියි මමයි.
ප්‍ර පාසල් අධ්‍යාපනයෙන් පසුව මධුෂි ජීවිතය පටන් ගත්තේ කොතැනින්ද?
උසස් පෙළ කළේ වාණිජ අංශයෙන්. ඒත් යුනිවර්සිටි යන්න ලකුණු මදි වුණා. හැබැයි මම නීති වේදය ගැන හදාරන්‍න පටන් ගත්තා. ඒ අතරවාරයේදී තමයි දැන ගත්තෙ මගේ ශාරීරිකව මගේ සෞඛ්‍යය තත්ත්වයේ පිරිහීමක් තියෙනවා කියලා. තයිරොයිඩ් ප්‍රශ්නයක් නිසා මගේ සිරුර ගොඩාක්ම මහත් වෙන්න පටන් ගත්තා. ඒ නිසා සිරුරේ වෙනත් අවයවවලට බලපෑම් ඇති වෙන්න පටන් ගත්තා. ඒ වගේ ආ ප්‍රශ්න නිසා සිරුරේ තරබාරුකම අඩු කර ගන්න හිතාගෙන ජිම් එකකට යන්න පටන් ගත්තා. මට අවශ්‍ය වුණේ නිරෝගී වෙන්න. ඇඟ අඩු කර ගෙන ශක්තිමත් වෙන්නයි මට ඕනෑ වුණේ. ජිම් එකට ගියේ ඒ නිසයි. ඒක ඇත්තටම අහම්බයක්. ඒ නිසා මගෙන් උසස් අධ්‍යාපනය මග හැරුණා.
ප්‍ර ජිම් එකට ගියාම කොහොමද ව්‍යායාම් පටන් ගත්තෙ?
මට චාර්ට් එකක් දුන්නා. ඒ අනුව කළ යුතු දේ කරගෙන ගියා. කියලා දෙන්න කවුරුවත් හිටියෙ නැහැ. මට උපදෙස් ලබා දුන්න මාස්ටර් කෙනෙක් හිටියා. එයා තමයි මුලින්ම වර්ක්අවුට් එකක් කියලා දුන්නෙ. සැලැස්ම හදලා දුන්නෙත් එයා. ඒ විදිහට තමයි මම ට්‍රේනින් වුණේ. තනියම ට්‍රේනින් කරද්දී ජිම් එකට ආ අය මට උපදෙස් දෙන්න පටන් ගත්තා. ගැහැනු ළමයකු ගියාම වට පිටාවෙන් එන ආකර්ෂණය වැඩියිනෙ. ඒ නිසා වටේම හිටපු අය උපදෙස් දෙන්න පටන් ගත්තෙ හරි ට්‍රේනර් කෙනෙක් හිටපු නැති නිසයි. හැමෝම උපදෙස් දෙන්න ආවාම මම මේ විෂය ඉගෙන ගන්න ඕනෑය කියලා හිතුවා. ඒ හැරත් මට ඒ වෙලාවෙ තිබුණු ලොකුම අවස්ථාව කියලා විශ්වාස කළා. ඒ විදිහට පුහුණුවීම් සහ හැදෑරීම් කරගෙන යද්දී කොහොමද තව කෙනෙකුට මේ ගැන නිවැරදිව කියා දෙන්නෙ කියන තැන දක්වා උනන්දු වෙන්න පටන් ගත්තා. නීතිය කළාට වඩා මෙම අංශයෙන් සමාෙජට මම ලබා ගත් දැනුම ලබා දෙන්න පුළුවන් කියලා හිතුවා.
ප්‍ර තයිරොක්සින්පාලනය කර ගැනීමට බෙහෙත් බොන අතරේදීද, මේ ව්‍යායාම් සියල්ල කළේ? වෛද්‍ය උපදෙස් ලැබුණද? තයිරොයිඩ් වෙනුවෙන් බෙහෙත් බොන කෙනෙක් විදිහට කායවර්ධන කටයුතුවල නියැලීම ගැන?
වෛද්‍යවරු තමයි මට මුලින්ම උපදෙස් දුන්නෙ, බෙහෙත් විතරක් මදි, ව්‍යායාම් අත්‍යාවශ්‍යයි කියලා. තයිරොයිඩ් හොර්මෝනයේ ප්‍රශ්නයක් නිසා ස්ථායි තත්ත්වයේ නැත්නම්, ස්ථායි කර ගැනීම වෙනුවෙන් බෙහෙත් ගන්නා අතරේ, අනිවාර්යයෙන්ම ශාරීරික යෝග්‍යතා ක්‍රම අනුගමනය කරන්න වෙනවා. එහෙම නොවී බෙහෙත් වලින්ම පාලනය කරන්න බැහැ. හොඳ රිසල්ට් එකක් ගන්න නම්? ව්‍යායාම් කළ යුතුම වෙනවා.
ප්‍ර ඒ විදිහට හිටිය ඔබ කායවර්ධන ශුරියක වෙන්න පටන් ගත්තෙ?
එල් අයි එස් එම් ආයතනයෙන් ඉගෙන ගනිමින් සිටියදී රත්තනපිටියෙ ස්ටෙප් අප් ජිම් ආයතනය හා සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා. ජනක සමරසිංහ සර් යටතේ තවත් පාඨමාලා දෙකක් කරන්න පුළුවන් කියලා දැනගන්න ලැබුණෙ එතැනදී. ඒ සර් හිටපු බොඩි බිල්ඩර් කෙනෙක්. සර් ප්‍රායෝගිකව සහ න්‍යයාත්මකව මෙම අංශයේ බොහෝ දේ ප්‍රගුණ කළ කෙනෙක්. ඒ නිසා මටත් ඒ වගේ කටයුතු කිරීමේ ආසාවක් සහ උනන්දුවක් ඇතිවුණා. සර් මට තරගයකට ඉදිරිපත් වෙන්න ආසයි කියලා මම කිව්වා. ඒත් තරගයකට යනවට සර් කැමැති වුණෙ නැත්තෙ මම අපහසුතාවට පත්වේවි කියලයි. ඒත් මුලින්ම තරගයකට ගියේ 2023 වසරේදී නේපාලයේදි පැවැත්වුණු තරගාවලියකට. ඇත්තටම තරගයකට යනවා නම් ලොකු කැපකිරීමක් කරන්න වෙනවා. මුලින්ම මට අවශ්‍ය වුණේ. ලංකාවේ තරගාවලියකට සහභාගී වෙන්න. ඒත් ඒක දෙවතාවකදීම කල් ගියා. ඒකට සහභාගී නොවීමට ලැබීමම මට විශ්වයෙන් ලැබුණු ආශීර්වාදයක්. ඉන්පසුව ජාත්‍යන්තරව තරගාවලි තුනකට ගිහින් මෙඩ්ල් එකක් සහ ට්‍රෝෆීස් තුනක් විතර මගේ රට වෙනුවෙන් දිනා දෙන්න පුළුවන් වුණා.
ප්‍ර දැන් කොහොමද තයිරොයිඩ් ස්ථායි තත්ත්වය? සම්පුර්ණයෙන් සමනය වෙලාද? මේ ක්‍රීඩාව නිසා අද ඔබගෙ ශරිර සුවතාව මොන වගේ තැනකද තියෙන්නෙ?
තවමත් මට නියම කරලා තියෙන තයිරොක්සින් ටැබ්ලට් එක උදේට ගන්නවා. මුලින් ගත්ත මිලි ග්‍රෑම් ප්‍රමාණයට වඩා දැන් ගන්න ප්‍රමාණය අඩුයි. මගේ අලුත් සෞඛ්‍ය වාර්තා ගත් පසුව අනිවාර්යයෙන්ම මම රටේ කාන්තා පරපුර දැනුම්වත් කරනවා. අද ඇත්තටම තයිරොයිඩ් ප්‍රශ්නය බොහෝ දෙනාට තියෙන දෙයක්. ඒ නිසා මම එය පාලනය කර ගත් විදිහ ගැන රටට කීම මගේ යුතුකමක්.
ප්‍ර මධුෂි රැකියාවක් කරනවද?
මුලින්ම රැකියාව කළේ, රත්තනපිටියෙ ස්ටෙප් අප් ෆිට්නස් ආයතනය. දෙවැනියට කොහුවල හයිඔක්ටේන් ආයතනයේ වැඩ කළා. දැනට මම රැකියාවේ නිරත වන්නෙ පැපිලියානේ රෙවලූෂන් ලෙෂර් හබ් ආයතනයේ.
ප්‍ර මධුෂි ඔබ වැනි අයට ලැබෙන විවාහ යෝජනා එහෙම කොහොමද?
පිටරටවල නම් මේ වගේ ක්‍රීඩාවක් කරන කාන්තාවන්ට විවාහයට බලපෑම් එල්ල වෙන්නෙ නැහැ. පිටරටවල ෙම් වගේ ක්‍රීඩා කරන අම්මලා දරුවො එක්ක තමයි තරගවලට පවා එන්නෙ. දරුවා සැමියා බලාගනිද්දී ඇය තරගයට සහභාගී වෙනවා. ඒත් ලංකාවේ අපේ රටේ නම් මේ වගේ ක්‍රීඩා අංශයක නිරත වන අයට ලැබෙන බලපෑම් ගැන සෑහීමකට පත් වෙන්න බැහැ. ඒක ක්‍රීඩාවේ ප්‍රශ්නයක් නෙවෙයි. අපේ දෙදෙනෙකු අතර ඇති අවබෝධයේ ප්‍රශ්නයක්. එකිනෙකා තේරුම් නොගැනීමේ ප්‍රශ්නයක් තියෙන්නෙ.
ප්‍ර ඒත් ලස්සන මධුෂිව තේරුම් ගත්ත කෙනෙක් හමුවෙලා ඇති?
තවම නැහැ.
ප්‍ර මධුෂි ප්‍රේමය සහ ආදරය ගැන හිතන විදිහ?
තනිකරම පරිත්‍යාගශීලි දෙයක් විදිහටයි. කොන්දේසි විරහිත ආදරයක් ගැන තමයි මම හිතන්නෙ. මම ආදරය කරන තරමට අනෙක් කෙනා ආදරය කළ යුතුමයි කියලා මම හිතන්නෙ නැහැ. ආදරය කියන්නෙ ලබා දෙන දෙයක්. අපට ඒක උරුම නම් අනෙක් කෙනාගෙන් එය ලැබෙයි.
ප්‍ර මධුෂිට විශේෂ වූ ආහාර පාන රටාවක් එහෙමත් ඇති?
ටූනමන්ට්ස්වලට යාමට තිබියදී විශේෂ වට්ටෝරුවක් අනුගමනය කරනවා. ඒ හැර කොහොමටත් ප්‍රෝටීන බහුල ආහාර ගන්නෙ. ජන්ක් ෆුඩ් ගන්නෙම නැති තරම්. හෙල්දි ආහාර රටාවක් අනුගමනය කරන්නෙ.
සඳුන් ගමගේ