ගුවන් සේවිකාවන්ට පෙම් කළ ජනපති


කාන්තාවන් නිසා අමාරුවේ වැටුණු ලෝක බලවත්තු 

සෙල්ලක්කාරකමයි....දේශපාලනයයි යම් අයකුට තිබුණාම අමුතුම බලයක් අරෝපණය ​ෙවන්නේ නිතැතින්. ඒ බලය අවසානයේ නතර ​ෙවන්නේ තමන් උන් හිටි තැනින් බිමට ඇද දමමින්....මේ කියන්නට යන්නේ කලින් සඳහන් කළ චරිත ලක්ෂණ දෙකම තිබූ චෙක් ජනරජයේ හිටපු ජනාධිපති හා අගමැතිවරයෙකු වූ වැක්ලාව් ක්ලවුස් ගැනය. ඔහුගේ ස්ත්‍රී ලෝලීත්වය වැඩිපුර ලෝකයාට හෙළිදරව්ව ​ෙවන්නේ ඔහුගේ දෙවැනි ජනාධිපති ධුර කාලයේදී වීම විශේෂත්වයකි. 

 
වැක්ලාව් ක්ලවුස් එසේ මෙසේ උප්පැන්නයක් සහිත නායකයකු නම් නොව්. 1941 ජුනි 19 වැනිදා උපන් ඔහු 2003 සිට 2013 දක්වා චෙක් ජනරජයේ දෙවැනි ජනාධිපති ලෙස කටයුතු කළේය. ඔහු වෘත්තීයෙන් ආර්ථික විද්‍යාඥයෙකු ද වේ. ඔහු 1993 සිට 1998 දක්වා නව නිදහස් චෙක් ජනරජයේ පළමු අගමැතිවරයා ලෙස කටයුතු කළේය.   


කොමියුනිස්ට් යුගයේදී ක්ලවුස් බැංකු ලිපිකරුවෙකු හා පුරෝකථනය කරන්නෙකු ලෙස සේවය කළේය. 1989 නොවැම්බරයේදී කොමියුනිස්ට්වාදය බිඳවැටීමෙන් පසු ඔහු ‘ජාතික සමගි ආණ්ඩුවේ’ මුදල් ඇමැති බවට පත්විය. 1991 දී ක්ලවුස් සිවික් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ප්‍රධාන සම-නිර්මාතෘ විය. 1992 සිට 1997 දක්වා ඔහු අගමැති වූ අතර 1993 ජනවාරි සිට පෙබරවාරි දක්වා ජනාධිපති ධුරයේ යම් යම් බලතල දැරීය.   
1997 සරත් ඍතුවේදී ඔහුගේ රජය බිඳ වැටුණු නමුත් 1998 වසන්තයේ පැවැති මැතිවරණයෙන් පසු ඔහු නියෝජිත මණ්ඩලයේ (1998-2002) කතානායකවරයා බවට පත්විය. 2002 පෙබරවාරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජයට පත් වීමෙන් පසු, 2003 පෙබරවාරි මාසයේදී චෙක් ජනරජයේ ජනාධිපති ලෙස තේරී පත්වීමට පෙර ඔහු කෙටිකලක් දේශපාලනයෙන් ඉවත්ව සිටියේය.   
ක්ලවුස් චෙක් ජනරජයේ ජනාධිපති සහ හිටපු අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ ගුවන් සේවිකාවන් සමග පැවැති අනියම් සබඳතා ගැන ලොව වඩාත් ප්‍රසිද්ධ වූයේය.   


ක්ලවුස් අගමැති ලෙස කටයුතු කළ 1991 සමයේදී ඉවා ස්වෝබොඩෝවා නැමැති සුරූපී ගුවන් සේවිකාවක් සමග සබඳතාවක් ආරම්භ කිරීමත් සමග ඔහු අනංග දේශපාලනඥයෙකු වශයෙන් වඩාත් ප්‍රසිද්ධ ​ෙවන්නට විය. ඒ ​ෙවනවිට ක්ලවුස්ට වයස අවුරුදු 50 ක් වූ අතර ඇගේ වයස අවුරුදු 29 ක් වූ විය. වසර කිහිපයක් පුරාම ඇයත් සමග අත්වැල් පටලාගෙන යුරෝපය පුරා ගිය මේ යුවළ ඔපාදූප සඟරා වල සිරස්තල මවන්නට වූහ. පසුව ඔහුගේ දේශපාලන ජීවිතයටද මේ ප්‍රේමාලිංගන බලපෑම් ඇති කරන්නට වූ හෙයින් එම සම්බන්ධතාවයට ක්ලවුස් තිත තැබූවේ අනූව දශකයේ අගභාගයේදීය. ඒ වනවිට ක්ලවුස් ඉමා ස්වෝබොඩෝවාට සුඛෝප‌භොගී මන්දිර, දියමන්ති ආභරණ, සුපිරි මෝටර් රථ තෑගි දී හමාරය. එවකට චෙක් ජනරජයේ පළ​ෙවන ඔපාදූප මාධ්‍ය වලින් වාර්තා වූයේ ඔහු මහජන දේපොළ කම්සැප සඳහා වියදම් කරන බවය. ඒ විට ක්ලවුස් එරට ජනාධිපතිවරයා වීමට සිහින මවමින් සිටීම නිසාම ඇය අතහැරීමට තීන්දු කරනු ලැබුවේ ඉතා ආත්මාර්ථකාමී ලෙසිනි.   

 


ක්ලවුස් - ඉමා පෙම් කැදැල්ල විසිරී ගොස් අවුරුදු දෙකක් පමණ ගත​ෙවන විට 2002 වසරේදී, ක්ලවුස් 24 හැවිරිදි ක්ලාරා ලොනිස්කා නැමැති සුරූපිනිය වෙත ඇල්ම බැල්ම හෙලුවේය. හිත ගිය තැන මාලිගාවනේ යන අපේ කියමනට සාධාරණයක් වෙමින් ක්ලවුස් -ක්ලාරා හමුවූයේ දේශපාලන ගමනක් අතර තුර ජෙට් ගුවන් ගමනකදීය. ක්ලාරා ඒ වනවිට ඔහුගේ නිල ජෙට් යානයේ ගුවන් සේවිකාවක් පමණක් නොව ආර්ථික විද්‍යාව හදාරන සිසුවියක් ද වූවාය.   


වයස්ගත මහලු‍ දේශපාලනඥයකු වූ ක්ලවුස් ඇය සමග පෙම් බැන්දේ ඔහුගේ දෙවැනි අනියම් සබඳතාව ලෙසය.   


දූශිත දේශපාලන නායකයකු ලෙස හංවඩු නොගැසුණු ඔහු බොහෝ දුරට හොඳ ජනාධිපතිවරයෙක් ලෙස ජනතාව අතර ප්‍රසිද්ධ විය. නමුත් ඔහුගේ සෙල්ලක්කාරකම ජනතාවට ප්‍රශ්නයක් විය.   
එහෙත් ජනාධිපතිවරයා තමාට ආදරය කරන චෙක් වැසියන්ගෙන් අප්‍රසාදයට ලක් වූයේ ඉවක් බවක් නැතිව සමහර ගුවන් සේවිකාවන්ට ඔහු කරන වියපැහැදම් ගැනය. දේශපාලනයේ නිරතව සිටියදී පුරා අවුරුදු 20 ක් ගුවන් සේවිකාවන් සමග පෙම් පළහිලව් ඇති කර ගත්තද ඔහුට බිරිඳක්, දරුවන් කිහිප දෙනෙකු සහ මුණුබුරන් ද වූ බව ඔහු ප්‍රසිද්ධියේ කතා කළේ නැත. 

 
ක්ලවුස් සමග ඉතාම හොදින් සිටි කාන්තාව වූයේ ක්ලාරාය. මෙම ප්‍රේමය 2008 දී ඔහු ජනාධිපති වශයෙන් දෙවැනි ධුර කාලය ආරම්භ කරන තුරු ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් නොවීය. නමුත් ක්ලවුස් නැවත මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමෙන් පසු දින උදෑසන, ක්ලවුස් ප්‍රාග් හි හෝටලයකින් සුරූපී තරුණියක වූ පෙට්‍රා බෙඩ්නරෝවා සමඟ එකට ගමන් ගන්නා ඡායාරූපයක් මාධ්‍ය වල පළ වීමත් සමග ඔහුගේ රජයද කසුකුසු ගාන්නට වූයේ ක්ලවුස්ගේ එම ක්‍රියාවට විරෝධය පළ කරමිනි. පෙට්‍රා යනු ක්ලවුස් අනියම් සම්බන්ධතා පැවැත්වූ තුන්වැනි ගුවන්සේවිකාවය.   

 


එම ඡායාරූප ප්‍රසිද්ධියට පත් වීමෙන් පසු ක්ලාරා නැමැත්තිය සමග ක්ලවුස් ගේ සම්බන්ධයක් නොමැති බව තහවුරු වූ අතර ම එම ඡායාරූප නිසා ඔහුගේ බිරිඳ වූ ලිවියාට පවා මුහුණදීමට ඔහුට නොහැකි විය. මේ සම්බන්ධයෙන් තම බිරිඳට තත්ත්වය පැහැදිලි කිරීමට අපහසු බව තේරුම් ගත් ඔහු එම සම්බන්ධය අවසන් කළේය. ලිවියා ඒ වන විටත් තම ස්වාමියාගේ අනංග හැසිරීම් ගැන හොදින්ම දැන සිටි අතර සියලු‍ යහපත් කාන්තාවන් මෙන් ඇය පසෙකට වී තම පුරුෂයාට විනෝද වීමට ඉඩ හැරියාය. බොහෝ පුවත්පත් ඔහු විවේචනය කළ අතර අනෙක් අය ඔහුගේ නායකත්වය විදහා දැක්වීම ගැන ප්‍රශංසා කළේය.   
ක්ලවුස් කැමතිම ක්‍රීඩාව වූයේ ටෙනිස් ක්‍රීඩාවය. එම ක්‍රීඩාවේ නිරතවන සෑම අවස්ථාවකම පෙට්‍රා බෙඩ්නෝවා ද සිටියාය.   


ක්ලවුස් සිය දෙවැනි ජනාධිපති ධුර කාලය 2013 මාර්තු මාසයෙන් අවසන් වීමෙන් පසු සක්‍රීය දේශපාලනයෙන් ඉවත් විය. එම ඉවත් වීමට ඔහුගේ ඉවක් බවක් නැති සෙල්ලක්කාරකමද හේතුවිණි.   
විකිපීඩියා ඇසුරෙනි....   

 

 

සටහන   
තිළිණි ද සිල්වා