ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී අමිල රාජපක්ෂ
කාන්තාවකගේ සුන්දරත්වය ඔප් නැංවීමට ඇගේ මුහුණේ ඇති අංග බොහෝ විට බලපානු ලබනවා . දිනෙන් දින දියුණු වන ලෝකය තුළදී රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට ද ක්‍රමයෙන් නව්‍යතා එකතු විමෙන් තිබෙන මොහොතක රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට අලුතින් එක් වූ අංගයක් ලෙස Microblading ක්‍රමය හැඳින්විය හැකියි. Microblading යනු ඇහිබැම අඩු කාන්තාවන්ට කැමති වර්ණයකින් ස්ථීර ලෙසම ඇහිබැම සකස් කරගත හැකි වීමයි.
ලෝකය තුළ සීඝ්‍රයෙන් ප්‍රචලිත ඇහිබැම සැකසීම Microblading ලංකාවේ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට එකතු වන්නේ මෑතකාලයේදීය. මේ සම්බන්ධයෙන් බොරලැස්ගමුව සැලොන් හෙයාර්ස් ස්ටූඩියෝහි අමිල රාජපක්ෂ මෙසේ අදහස් දැක්වීය.
Microblading කියන්නේ,
Microblading එකක් යනු ඇහිබැමේ හැඩය සහ ඇහිබැමේ ඝනත්වයට වැඩිපුර පෙනුමක් ලබාදෙන Semi permanent ක්‍රමයක්. සේවා දායකයාගේ අවශ්‍යතාව පරිදි දිගු සිහින් පිරුණු ස්වාභාවික ඇහිබැමක පෙනුමක් ඇති ආකාරයට නිර්මාණය කර ගැනීමට Microblading කලාව තුළින් හැකියාව පවතිනවා. ඒ වගේම Semi permanent Microblading එකක් කිරිමෙන් පසු මෙය කොයිතරම් කාලයක් රඳවා ගත හැකිද යන්න බොහෝ දෙනාට ලොකු ගැටලුවක්. ඇත්තටම මෙය වසර දෙකක් හෝ දෙකකට වඩා කාලයක් රඳවා ගැනිීමේ හැකියාව පැවතුනත් බොහෝ යුවතියන් බ්ලීචින් අඩංගු ක්‍රිීම් ආලේප කිරිමෙන් වර්ණය අඩු වීම සිදුවෙනවා. ඒ වගේම අධික රස්නයට මෙහි ආයු කාලය තරමක් කෙටි වෙනවා.
Microblading අවශ්‍ය වන්නේ කුමන අයටද?
ඇහිබැමි එකකට එකක් වෙනස්. උපතින්ම ඇහිබැම අඩු , හැඩයක් නැති මෙන්න මේ අයට මුහුණේ හැඩයට අනුව ලස්සනට ස්වාභාවික ඇහිබැමි Semi permanent ලෙස සකසා ගැනිීමේ හැකියාව පවතිනවා.
Microblading එකක් ආවට ගියාට කරන්න එපා..
අද වෙනවිට Microblading ක්‍රමය ඉතාම ජනප්‍රියයි. ජනප්‍රිය වැඩි නිසාම Microblading කිරිමට බොහෝ කාන්තාවන් යොමු වෙනවා. නමුත් Microblading එකක් කිරිීමේදි සිතන්න ඕනැ ගොඩාක් දේවල් තියෙනවා. සේවාදායකයාගේ නොසැළකිල්ල සහ අවබෝධයක් නොමැති නිසාම පළපුරුද්දක් නැති ශිල්පීන් ලවා Microblading කරගැනිීමට ගොස් ඇහිබැමි අවලස්සන කරගත් අවස්ථාවන් අප ඕනෑතරම් දැක තියෙනවා. .
විශේෂයෙන්ම කිව යුතු කාරණය වන්නේ Microblading එකක් සිදු කිරිීමේදි අනිවාර්යයෙන්ම පළපුරුදු රෑපලාවණ්‍ය ශිල්පියෙකු හෝ ශිල්පිනියකු ලවා සිදු කිරිම අනිවාර්යයි. මේ පිළිබඳ දැනුමක් නැති අය මේ කලාව කරන්න යෑමෙන් ගොඩාක් දෙනා මෙම Microblading කලාව විකෘති තත්ත්වයට පත්කරමින් යනවා.
මේක ටැටූ එකට සමාන ක්‍රියාවලියක්ද
ඇහිබැම හොඳින් පිරිසිදු කරගැනිීමෙන් පසුව එම ප්‍රදේශය හිරිවැටීමට පත්කිරිීම සඳහා ආලේපනයක් භාවිතා කරනවා. හිරිවැටීම සිදුවූ පසුව ඇහිබැම සකස් කිරිමට අවශ්‍ය ආකාරයට සමාන මිනුම් ඉතාම ප්‍රවේසමෙන් ඇඳ ගැනීම සිදු කරනවා. මෙම මිනුම් වැරදිීමක් වුවහොත් Microblading එක අවසානයේ ඇහිබැම අසමානව දිස්වෙනවා. තරමක් දුරට මෙට ටැටූ එකකට සමාන ක්‍රියාවලියක් වුවත් මෙම ටැටූ ක්‍රමයක් නොවන බව මතක තබාගත යුතුයි.
Microblading සහ tatoo අතර වෙනස
Microblading යනු රූපලාවණ්‍ය ප්‍රතිකාරයක් . නමුත් ටැටූ කියන්නේ කට් එකක් දැමීමෙන් සමට කාවැදුණාට පසුව ජීවිත කාලයම රඳාපවතින දෙයක්. ජීවිත කාලෙම රදා පවතින දෙයක් ඇහිබැමට තියෙන්න සුදුසු නැහැ. ටැටූ එකක් ආකාරයට ඇහිබැම සැකසුවොත් කාලයක් යද්දි යම්යම් ගැටළු මතු විය හැකියි.මොකද Microblading එකයි ටැටූ අතර ලොකු වෙනසක් තියෙනවා. Microblading වලට ගන්න pigment එක වෙනයි.ටැටූ වලට ගන්න pigment එක වෙනයි.
Microblading කිරිම තුළින් ස්වභාවික ඇහිබැමට හානි වෙනවද
අපි Microblading එක සිදු කරන්නේ ඇහිබැම නැති ස්ථාන වලට නිසා මෙය නිවැරදිව සිදු කරනවානම් ස්වභාවික ඇහිබැමට කිසිදු හානියක් සිදු වන්නේ නැහැ.සාමාන්‍ය පරිදි ස්වභාවිකව තිබෙන ඇහිබැමේ වැවිම සිදුවෙනවා. Microblading එකක් Brown. Light Brown, Dark Brown, Coffee Brown, Forest Brown වැනි Colors වර්ග වලින් කරගැනිමේ හැකියාව පවතිනවා.
Microblading එක කරන්න කලින් මේ පිළිබඳවත් සැලකිලිමත් වෙන්න
Microblading එකක් කිරිීමට ප්‍රථමව ඇය අධික දියවැඩියා රෝගියෙක්ද , අධික රුධිර පිීඩනය ඉහළ තත්ත්වයේ සිටින කෙනෙක්ද, යන්න නිරීක්ෂණයක් කළ යුතුමයි. මොකද මෙය සිදු කරනු ලබන්නේ කුඩා ඉඳිකටුවලින් සාදන ලද නලයක් සහිත අත් මෙවළමක් Blade භාවිතා කරමින් නිසා දියවැඩියා තත්ත්වය ඉහළ මට්ටමක සිටින කෙනෙකුට මෙම ඇහිබැම සකස්කිරිීමේ ක්‍රමවේදය සිදු කළ නොහැකියි.
නදිශා අතුකෝරළ