අරාබි රටවල්වල සුප්‍රසිද්ධම මොරක්කන් බාත් සත්කාරය


උපදෙස් - 
ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී
සරණි විතානගේ

රූපලාවණ්‍ය සත්කාර අතුරෙන්“මොරොක්කන් ඔයිල් සත්කාරය” අංක එකට පත්ව ඇති සත්කාරයකි. මෙය ශාරීරික හා මානසික සුවය ප්‍රශස්ථ මට්ටමින් ලබාගත හැකි සත්කාරයක් වන අතර, මසකට වරක් භාවිත කිරීම තුළින් - අධික රුධිර පීඩනය, මානසික ආතතිය, කොලෙස්ට්‍රෝල් වැනි තත්ත්ව පාලනය කර ශරීරයට අවශ්‍ය බාහිර පෝෂණය ලබා දී සමට අමතර දීප්තියක් හා ප්‍රාණවත් බවක් ලබාගත හැකිය.

මොනවද මේ මොරක්කන් තෙල් (Argan Oil)

මොරක්කන් ආගන් තෙල ආගන් නම් දුර්ලභ ඇටයෙන් නිපදවනු ලබයි. මෙම තෙල නිපදවනු ලබන්නේ මොරොක්කෝවේ සහ නිරිතදිග ඇල්ජීරියාවේ අර්ධ කාන්තාර ප්‍රදේශවල පමණක් වර්ධනය වන ආගන් ගසේ ගෙඩි වලිනි. අාගන් ඔයිල් පොදුවේ හඳුන්වනු ලබන්නේ "මොරොක්කන් ඔයිල්” ලෙසිනි. මෙම ආගන් තෙල්වලින් රූපලාවණ්‍ය ප්‍රතිලාභ රැසක් අත්පත් කරගත හැකි වෙන අතර, ඒවායේ මොයිස්චරයිසින් ප්‍රතිශතය ඉහළ අගයක් ගන්නා නිසා අතිරේක ප්‍රතිලාභ ද ලබා දෙන ද්‍රව්‍යයක් වශයෙන් නම් කළ හැකිය.

මොරක්කන් බාත් සත්කාරය ශ්‍රී ලංකාවේ එතරම් ප්‍රසිද්ධ නොවුණත්, විදේශීය රටවල් ගණනාවකම අතිශය ජනප්‍රියත්වයට පත් ව ඇති අතර, රූප ශෝභාව වෙනුවෙන් කරන රූපලාවණ්‍ය සත්කාර වලින් අංක එකට පත් වී ඇතැයි කිව හැකිය. මෙම සත්කාරය ඉතා සුඛෝපභෝගී හෝටල්වල මිල අධික රූපලාවණ්‍ය සත්කාරයක් වන අතර, මුළු සිරුරම කේෂාන්තයේ සිට පාදාන්තය දක්වා උණුසුම් කිරීම හා සිසිල් කිරීම තුළින් ශරීරයේ ඇති විෂබීජ ඉවත් කර, ගතට ප්‍රබෝධවත් බවක් ලබා දී, වයස හේතුවෙන් ඇතිවෙන සමෙහි රැලි වැටුණු ස්වභාවය ඉවත් කරගැනීමට ද  මහෝපකාරී වේ. 

මොරොක්කෝවේ කාන්තාවන් අතීතයේ පටන් තම සම හිරු එළියෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ආගන් ඔයිල් භාවිත කර ඇති අතර, ඒවායේ ඇති ප්‍රතිඔක්සිකාරක හිරු එළිය නිසා සමට වන හානිය සුවපත් කිරීමට ද ඉවහල් වේ. සමේ ඇති වන පිලිස්සීම්, පිග්මන්ටේෂන්, ඇතුළු සමේ පිළිකා වර්ධනය ද මෙගින් වළක්වාලනු ඇත. ආගන් ඔයිල් මොයිස්චරයිසර් එකක් ලෙස ද භාවිත කළ හැකිය. මෙයට හේතු වන්නේ ආගන් ඔයිල් වල විටමින් E බහුල වශයෙන් අඩංගු වීමය. මෙම දියරමය මේදය ප්‍රතිඔක්සිකාරකයක් වන අතර, චර්ම ජල තුළිතතාව පවත්වාගෙන යාමේ කායකර්මය වැඩි දියුණු කරයි.

කුරුලෑ වලට සහ හිස්කබලේ රෝගයන්ට ප්‍රතිකාරයක් ලෙස 

ආගන් තෙල්වලට සමේ අනවශ්‍ය තෙල් ඉවත් කර සමතුලිතතාව රැක ගැනීමේ හැකියාව පවතින නිසා කුරුලෑ අඩු වීම, සමේ මෘදු බව ආරක්ෂා වීම, වැනි වාසි මින් හිමි වේ. එමෙන්ම ආගන් ඔයිල් මගින් හිස්කබලේ ගැටලු ඉස්හොරි, දද, හා කුෂ්ඨ සුව කරමින් හිස්කබලට  පෝෂණය ලබා දී තෙතමනය රැක දේ. ආගන් ඔයිල් හිසට ගැල්වීමේ දී පොල් තෙල් හෝ තැඹිලි තෙල්වලට ආගන් තෙල් මිශ්‍ර කර හිස් කබලේ ආලේප  කල යුතුය. විශේෂයෙන් කෙමිකල් ගල්වා පලුදු වූ හිසකෙස් වලට වූ හානිය මුලිනුපුටා යථා තත්ත්වයට පත් කර ගැනීමට ද ආගන් තෙල් ඉතා වැදගත් වන අතර ආගන්, තෙල්වල ඇති මේද අම්ල හිසකෙස් වල සෞඛ්‍ය මට්ටම ඉහළ දමමින් ආරක්ෂා කරනු ඇත. මොරක්කන් බාත් සත්කාරය අරාබි රටවල කාන්තාවන් අතර ඉතාම ජනප්‍රිය සත්කාරයක් වන අතර, මෙය ඩුබායි වැනි රටවල තරුපන්තියේ හෝටල් වල පමණක් කෙරෙන අධික මිලක් නියමවෙන සත්කාරයකි. මේ වන විට ලංකාවේ ද මොරකකන් සත්කාරවලට ඉහළ ඉල්ලුමක් අැති අතර, ලංකාවේ ද තරුපන්තියේ හෝටල්වලින් මෙම සත්කාරය සිදු කර ගැනීමේ හැකියාව ඇත. 

නමුත් අධික වියදමක් වැය නොකොට නිවසේදීම ඔබටත් මොරක්කන් සත්කාරය සිදු කර ගැනිමේ හැකියාව ඇති අතර, ඒ සඳහා මොරක්කන් පවුඩර් ඔන්ලයින් පේජ් ඔස්සේ සහ සුපර්මාර්කට් වලින් මිලදි ගැනීමේ හැකියව පවතී. 

මොරක්කන් බාත් සත්කාරය (Moroccan Bath)

Bath tub එකක් (බාත් ටබ් එකක් ඔබගේ නිවසේ නැතිනම් බේසම් 3 කට පමණ පිරිසිදු ජලය පුරවා ගන්න.)

Bath Towel 2
Moroccan Hair Shampoo 1
Moroccan Showel Gel Cubes 2
Moroccan Hair Oil 
Moroccan Body Polishing/Scrub
Moroccan Body Oil 

Steamer එකක් (Steamer එක වෙනුවට Steam කරගත් Towel 3 මාරුවෙන් මාරුවට භාවිත කළ හැක.)

Moroccan Shower Gel Cubes 

Moroccan පවුඩර් මේස හැදි 1 (ලංකාවේ මිලදී ගත හැකිය)
රෝස්මරි කොළ 15 -20
බේබි ෂැම්පු වර්ගයක්
Ice Cubes Tray 1 

වතුර අඩු කෝප්ප 2 ට රෝස්මරි කොළ ටික දමා රැයක් පෙඟෙන්නට තියන්න. උදෑසන පෙරා වතුර ටික ගෙන එයට බේබි ෂැම්පු හා මොරක්කන් පවුඩර් මේස හැදි 1 කලවම් කර Ice Cube Tray එකට දමා Freeze කරන්න. Treatment එක කරන විට කියුබ් දෙකක් එක වතාවක දී පාවිච්චියට ගන්න.

 

මොරක්කන් බොඩි ඔයිල් (Body Oil)

මොරක්කන් පවුඩර් මේස හැඳි 2
පිරිසිදු එඬරු තෙල් කාලක් 

එඬරු තෙල් ඩබල් බොයිල් කර එයට මොරක්කන් පවුඩර් මේස හැඳි 2ක් එයට එකතු කරගන්න.

මොරක්කන් බොඩි මාක්ස්

Moroccan Powder මේස හැඳි 3
කොකෝවා පවුඩර් මේස හැඳි1

කොකෝවා පවුඩර් සහ මොරක්කන් පවුඩර් රෝස වතුරෙන්  මිශ්‍ර කර තික් මාස්ක් එකක් එන සේ සකස් කරගන්න. මුහුණ සහ ශරීරයේ ඕනෑම තැනකට මෙම මාස්ක් එක දැමිය හැකිය. 

මොරක්කන් බාත් එකක් නිවසේ දී පියවරෙන් පියවර කරමු. 

මොරක්කන් හෙයා ඔයිල්වලින් හිස හොඳින් මසාජ් කර පැයක් පමණ හිසකෙස් ආවරණය වන පරිදි කැප් එකක් දමන්න. පසුව Bath Tub එකට වතුර පුරවා තමන් කැමති නම් එයට රෝස මල්, දාස් පෙති මල් පෙති ටිකක් දමා ගන්න. කලින් සාදාගත් මොරක්කන් ෂවර් ජෙල් කියූබ්ස් දෙකක් එයට දමා හොඳින් පෙණ ගන්න.

මොරකන් පවුඩර් මේස හැඳි 2කට, ඇලෝවේරා ජෙල් මේස හැඳි 2ක් සහ අරළු පවුඩර් මේස හැඳි දෙකක් දමා කවලම් කර Scrub එක මුළු ඇඟ සහ මුහුණ සමග විනාඩි පහළොවක් පමණ Scrub කරන්න.

පසුව Moroccan Body Massage Oil එක මුලු ඇඟටම සහ මුහුණට ආලේප කර මසාජ් කරන්න. විනාඩි 20ක් පමණ බොඩි ඔයිල් සමට උරා ගැනීමට තබා ස්ටීම් කරන්න.මෙහිදී මද රස්නය ඇති උණුවතුර towel එකක් වුවද භාවිතා කල හැකිය (මඳ රස්නය ඇති උණුවතුර Towel එකේ පොඟවා මිරිකා ජලය ඉවත්කර සාමාන්‍ය රස්නය පිටින් සම තෙතමාත්තු කරමින් විනාඩි 15 ක් පමණ සම මෙලෙස ටවල් මාරු කරමින් සම උණුසුම් කරන්න) පසුව Moroccan Body Pack එක මුහුණට හා ඇඟට ආලේප කර විනාඩි 45 කින් සෝදා ඉවත් කරන්න. අවසානයේ මොරක්කන් ෂැම්පු ගල්වා හිසකෙස් හොඳින් සෝදා හරින්න. තමන්ට බාත් Tub එකක් නිවසේ නැතිනම්, ටබ් එකට නොබැස බේසම් 3 කට වතුර පුරවා ගෙන වූවද මෙම සත්කාරය නිවසේ දී කළ හැකිය.

නදීශා අතුකෝරළ