ග්‍රහ මණ්ඩලයේ දීප්තිමත් තාරකාවිය වශයෙන් හඳුන්වනු ලබන සිකුරු මිනිසාගේ ලෞකික සැප සම්පත් දියුණුව උදෙසා වඩාත් ළෙන්ගතු ග්‍රහයා වශයෙන් ජ්‍යෝතිෂයේදී සිකුරුට විශේෂ ස්ථානයක් ලැබෙනු ඇත.
මෙම ග්‍රහයා තමාට ස්වක්ෂේත්‍ර බල හිමිකම් ඇති වෘෂභ රාශියට අප්‍රේල් මස 19 වැනි දින පිවිස මැයි මස 14 වැනි දින තෙක් වෘෂභ රාශියේ තම ස්වකීය බලය පතුරවනු ඇත. එහිදී වෘෂභ ලග්න හිමියන්ට ඉතා යහපත් සුබ කාලසීමාවක් වශයෙන් සැලකිය හැකිය. සමස්තයක් වශයෙන් පොදුවේ ගත් කල වෘෂභ ලග්න හිමියන්ට මෙම කාලය සෙනසුරු ග්‍රහයා අට වැන්නේ ගමන් කරන බැවින් අෂ්ටම ඒරාෂ්ටකයක් පැවතිය ද, සිකුරු බලවත් වීම නිසා මෙම කාල සීමාවේ යම් කිසි සහනයක් ලැබීමේ භාග්‍ය උදා වේ.
මේෂ ලග්න හිමියන්ට - සිකුරු බලවත්ව ඔබේ ලග්නයේ දෙවැන්න හෙවත් ධනස්ථානයට එම ග්‍රහයා පැමිණීම ඉතා යහපත් හදිසි ධනලාභ මෙන්ම තම තමන්ගේ සිතුම් පැතුම් ඉටුවන කාලයක් වශයෙන් හැඳින්විය හැකිය.
මිථුන ලග්න හිමියන්ට - සිකුරු ග්‍රහයා දොළොස් වැන්නේ බලවත් වුවද එය එතරම් සුබදායක ප්‍රතිඵල උදාකර ගැනීමට නොහැකි වේ. එහෙත් විදේශ ගමන් බිමන් සඳහා යහපත් වේ.
කටක ලග්න හිමියන්ට - මෙම කාලය යහපත් ආර්ථික රටාවකට සුබයි. විශේෂයෙන් අන්තර් ධනලාභ මෙන්ම දේපොළ වස්තු ලාභ උරුම හිමිකම් ලැබෙන කාල සීමාවකි.
සිංහ ලග්න හිමියන්ට - දහ වැන්නේ සිකුරුගේ බලය වඩාත් ඉස්මතු කරමින් දියුණුවේ ස්ථාවර භාවයක් ඇති වීමට හේතු සාධක සැලසේ. පරණ ණය ගනුදෙනු ලාභ ලැබීමට යහපත් රැකියා කර්මාන්ත ආරම්භයට යහපත්ය.
කන්‍යා ලග්න හිමියන්ට - භාග්‍ය ස්ථානාධිපති බලවත්ව භාග්‍යස්ථානයේ ගමන් කරන මෙම කාලය තුළ තම තමන්ගේ ලෞකික දියුණුවට බොහෝ වාසිදායක තත්ත්වයක් උදා වේ. දේපොළ වස්තු ලාභ, ආගන්තුක සත්කාර ලැබෙන කාල සීමාවකි.
තුලා ලග්න හිමියන්ට - ලග්නාධිපති ග්‍රහයා අට වැන්නේ බලවත් වුවත් එතරම් යහපත් ප්‍රතිඵල උදා නොවෙනු ඇත. තමාගේ නාමයට අපකීර්ති, අපහාස මෙන්ම දැඩි ආර්ථික හානි, දුක්මුසු විපත් කරදරවලට මුහුණ දීමට සිදුවන කාලයක් බව සිහිගන්වමි.
වෘශ්චික ලග්න හිමියන්ට - අවිවාහක ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම මංගල යෝජනා විවාහක සම්බන්ධතා සුබදායක වන කාලයකි. විවාහක ජීවන රටාවක් ගෙන යන අතර පවුලේ සාමය සතුට දියුණුව මෙන්ම ආගන්තුක සම්බන්ධතා ඇති වන කාලයකි. හවුල් ව්‍යාපාර කටයුතුවලදී වාසිසහගතය.
ධනු ලග්න හිමියන්ට - සතුරු ස්ථානයේ සිකුරු බලවත් වුවත් යහපත් බවක් කිව නොහැක. රෝග පීඩාවල ආරම්භයක් හෝ උත්සන්න වීමට මෙන්ම හදිසි මුත්‍රා දෝෂ ඇති වීමේ හැකියාව වැඩිය. තම හිත මිතුරන් දුරස් වීමක් සිදු වනු ඇත. ආර්ථික ප්‍රශ්න ද මෙම කාලයේ වැඩි වේ.
මකර ලග්න හිමියන්ට - තම තමන්ගේ අධ්‍යාපන කටයුතු මෙන්ම වෙනත් හැකියාවන් දක්ෂතාවන්ට යහපත් කාලයකි. ආදර ප්‍රේම සම්බන්ධතා ගොඩනැගීම, අලුත් හිත මිතුරු සම්බන්ධතා ඇති වීම, විවාහක අයගේ දූ දරුවන්ට යහපත් කාලයක් වශයෙන් හැඳින්විය හැකිය. විනෝද චාරිකා ගමන් බිමන් යෙදෙනු ඇත.
කුම්භ ලග්න හිමියන්ට - ගේ දොර ඉඩ කඩම් ලාභ මෙන්ම අලුත් නිවාස තැනීම, යාන වාහන මිලදී ගැනීම් සහ තම තමන්ගේ නැවුම් සිතුම් පැතුම් බලාපොරොත්තු ඉටු වන යහපත් කාල සීමාවකි.
මීන ලග්න හිමියන්ට - මෙතෙක් පැවති බාධක කම්කොටොලු යම් තරම් දුරට මඟ හැරී යන කාල සීමාවකි. තම තමන්ගේ සහජ කුසලතා ඉටු කර ගැනීමට සුබදායක වන කාල සීමාවකි. සමාජයෙන් ගරු සැලකිලි ලැබෙනු ඇත. තම සහෝදර සහෝදරියන්ට සුබ කාලයක් ද වනු ඇත. එම අයගෙන් ඔබට උදව් උපකාර ලැබේ.
විශේෂයෙන් වෘෂභ ලග්න හිමියන්ට මෙන්ම අනෙකුත් ලග්න හිමියන්ට සිකුරු මහ දශා හෝ අතුරු දශා බල පවතින අයටත් ජන්ම අවස්ථාවේ සිකුරු බලවත් අයට මෙම කාලය ඉතා යහපත් වනු ඇත.
ජන්ම අවස්ථාවේ සිකුරු දුර්වලව හෝ සිකුරු අපල ඇතිනම් මෙම ශාන්ති කර්ම සුභයි.
ශාන්ති කර්ම වශයෙන්
නවනාථ හෝ සංජීවනී යන්ත්‍ර ජීවන් කර පැලඳගැනීම, දියමන්ති හෝ සුදු මැණික් ඇල්ලූ රිදී මුදුවක් පැලඳීම යහපත් වේ. මඟුල් කරඳ වෘක්ෂයකට සත්කාර කිරීම හා පත්තිනි ලක්ෂ්මි යන දේව පූජා තබා ආශිර්වාද ලබා ගැනීම සුබදායක වේ.
කීර්ති ශ්‍රී ලංකාභිමානී, ෙජ්‍යා්තිෂ් විද්‍යා විශාරද, ගුප්ත විද්‍යාවේදී
ජේ.එම්. ජයන්ත එ්කනායක
සියපත කාර්යාලය, දංගස්පිටිය, වීරඹුගෙදර
කුරුණෑගල. 0773530607
web Site - siyapathalanka.webs.com