Tattoo කලාව අද වෙන විට ලෝකය පුරා පැතිරුණු ජනප්‍රිය කලාවකි. නමුත් ලංකාව තුළ බොහෝ දෙනෙක් Tattoo කලාව වැලඳ ගැනීම නොගැනීම අතර දෝලනය වෙමින් සිටී.
දෘශ්‍ය කලාවේදී ගෞරව උපාධියක් ලබා තිබිය දී , Tattoo කලාව සිය ජීවන වෘත්තිය ලෙස තෝරාගත් යුවතියක අපට හමුවිය.
නමින් “කල්පනී ධනපාල” නම් වන ඇය , නුවරඑළියේ “වලපනේ” නම් සුන්දර ගම්මානයේ උපත ලැබ තිබේ. ඇය විශ්ව විද්‍යාල අධ්‍යාපනය හමාර කිරීමෙන් පසු Tattoo කලාව විධිමත්ව හදාරා වෘත්තීය ශිල්පිනියක් වශයෙන් කටයුතු කරමින් සිටින්නීය. මේ කතා බහ ඇය සමගයි.
ප්‍ර මුලින්ම ඔබව හඳුන්වා දුන්නොත්?
මම කල්පනී ධනපාල. අධ්‍යාපනය ලැබුවේ වලපනේ නිල්දණ්ඩාහින්න ශ්‍රී සුමංගල ජාතික පාසලෙන්. පසුව උසස් අධ්‍යාපනය ලබන්න සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දෘශ්‍ය කලා පිඨයට ඇතුළත් වෙනවා. පස්සේ මම මගේ ක්ෂේත්‍රය විදිහට Tattoo කලාව තෝර ගත්තා.
ප්‍ර දෘශ්‍ය කලා උපාධියක් හදාරලා ඇයි ඔබ Tattoo කලාව තෝර ගන්නේ?
මම කැම්පස් එකේ ඉන්න අතරතුර දිම මේ Tattoo කලාව ගැන ඉගෙනගත්තා. චිත්‍ර ගැන සැලකිය යුතු කුසලතාවකුත් තිබුණ නිසා මම හිතුවා මට Tattoo කලාව හොඳින් ඉගෙන ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒක මට ලොකු උදව්වක් වුණා මේ Tattoo ක්ෂේත්‍රයට එන්න. කැම්පස් එකේ වැඩත් බැලන්ස් කරගෙන මම ඇකඩමියකින් Tattoo කලාව ඉගෙන ගත්තා. මම මුලදි Tattoo කලාව ගැන කිසිම දෙයක් ඉගෙනගෙන දැනගෙන තිබුණෙ නැහැ. කැම්පස් එකේ ගොඩක් ගැහැනු ළමයි කරන්නේ උපාධිය අරගෙන ගුරුපත්වීමකින් නතර වෙලා ගෘහණියක් විදිහට ජීවත්වෙන එක. නමුත් මට ඊට වඩා දෙයක් කරන්න අවශ්‍ය වුණා.
ප්‍ර Tattoo කලාව ගැන ඔබ දකින්නේ කොහොමද?
මම චිත්‍ර ඉගෙන ගත්ත කෙනෙක් විදිහට Tattoo කලාව කියන්නෙත් තවත් ඒ වගේම රස විඳලා කරන්න පුළුවන් කලාවක්. ඒ වගේම කෙනෙක් Tattoo එකක් ගහන්නේ තමන්ගේ වෘත්තියට, චරිතයට, ප්‍රතිරූපයට අදාළව සහ ඒ වගේම කෙනෙක්ට ඇතිවන සියුම් සිතුවිලිවලට අනුවයි.ඉතින් මම දකින්නේ වටින මතකයක් තියා ගන්න පුළුවන් කලාවක් තමයි Tattoo කලාව කියන්නේ. ලංකාවේ තවමත් Tattoo කලාව ටික ටික වර්ධනය වෙමින් තියෙන්නේ. නමුත් ලෝකයේ මේක ඉක්මනින් දියුණු වෙන සහ වේගයෙන් පැතිරෙන කලාවක්. විදේශීය රටවල ජනයා අතර මේ කලාව වැඩි වශයෙන් ව්‍යාප්ත වී ප්‍රචලිතව පවතිනවා. නමුත් ලංකාවේ මට දැනෙන ප්‍රශ්නය තමයි තවමත් මිනිස්සු Updated නැහැ. අලුත් නිර්මාණයක් ගැන හිතන්නේ නැහැ. වෙනස් වන ලෝකයත් එක්ක වෙනස් වෙන්න , වෙනස් වෙන ලෝකය හඳුන ගන්න එච්චර කැමැත්තක් නෑ.
ප්‍ර තරුණියක් විදිහට බොහෝ අවස්ථාවන් ඔබට විවෘත වෙද්දී ටැටූ කරන්න පෙලඹුණේ ඇයි?
මේ කලාවට මගේ අවධානය යොමු වුණේ මෙහෙමයි. කැම්පස් එකේ හැමෝම චිත්‍ර කරන ළමයි හිටියේ. ඒ අතර ඉහළ වසරවල සහ මගේ යාළුවෝ කිහිප දෙනෙක් මේ ක්ෂේත්‍රයේ හිටියා. ඉතින් මම එයාල ගෙන් දැක්ක දෙයක් තමයි චිත්‍ර කලාව හොඳින් හැදෑරූ කෙනෙක් ටැටූ කලාවට එනව කියන දේ ගොඩක් වැදගත් කියලා. ඉතින් ලංකාවේ ගොඩක් අය තාම ටැටූ කලාව ගැන සෘණාත්මක ආකල්ප දරන්නේ. ඒකට හේතුව වෙලා තියෙන්නේ ඉස්සර ජේ ටැටූ කියලා තිබිලා තියෙනවා. ඒ වැරදි කාරයෙක් හඳුනාගන්න අංකයක් ඒ වැරදිකාරය ගේ ඇගේ ටැටූ කරලා තිබෙනවා . ඒ අදහස පරම්පරාවෙන් පරම්පරාවට ඇවිත් තිබෙනවා. නමුත් දැන් ටැටූ ගැන වැරදි අදහසක ඉන්න අය දන්නේ නැහැ එහෙම වැරදියට ටැටූ දෙස බලන්නේ කියන අදහසක් සමාජයට ඇවිත් තිබෙන ඓතිහාසික පදනම ගැනවත්. ඉතින් වර්තමානයේ ටැටූ ගැන වැරදි අදහසක් සමාජගත වෙලා තියෙන්නේ ඒ අතීත කතාවත් එක්ක. ඒ නිසා Tattoo කලාව ලෝකයේ පිළිගත්තට ලංකාවේ සංස්කෘතියත් එක්ක Tattoo කියන දේට වැරදි කියනවා අහේතුකව. ගොඩක් වෙලාවට මේ ක්ෂේත්‍රට එන අයත් වැරදි දේවල් ගොඩක් මතු කරනවා. විශේෂයෙන් මත්ද්‍රව්‍ය භාවිතය වගේ දේවල්. ඒ දේවලුත් බලපානවා Tattoo කලාව ලංකාවේ පහතට වැටෙන්න. මට අවශ්‍ය වුණේ හොඳට ඉගෙන ගත්ත දැනුමක් තිබෙන අයත් මේ ක්ෂේත්‍රයට ඇවිත් මේ හරහා මේ ක්ෂේත්‍රයට යම් වෘත්තීයමය පිළිගැනීමක් ලබලා දෙන්න. මගේ ලඟට ගොඩක් දුර පළාත් වල ඉඳන් විවිධ වෘත්තිය මට්ටම්වල අය ඇවිත් තියෙනවා Tattoo එකක් කරගන්න. ඒ අය ආවම කියන්නේ ඉගෙන ගත්ත කෙනෙක් ගෙන් මේ දේ කරගන්න බයක් නැහැ කියලා.
ප්‍ර මේ ක්ෂේත්‍රයේ කාන්තාවක් විදිහට රැඳීම කොයිතරම් අභියෝගයක් වුණාද?
මම මේ ක්ෂේත්‍රය ඉගෙන ගන්න තැන පවා හිටියේ බහුතරයක් පිරිමි අය. ලංකාවේ සංස්කෘතියත් එක්ක ගැහැනු අය කැමති නැහැ පිරිමි අය ස්පර්ශ වෙලා වැඩ කරන්න. ඉතින් කාන්තාවන්ට Tattoo එකක් කරගන්න ආසාවක් තිබුණත් පිරිමි අය ලඟට යන්න අකමැත්ත නිසා ඒ ආශාව යටපත් කර ගන්නවා. නැතිනම් සැමියා ගේ විරෝධය එල්ල වෙනවා. ඉතින් ඒ කාන්තාවන්ට ප්‍රශ්නයක් නැතුව නිදහසේ Tattoo එකක් කර ගන්න අවස්ථාව හදලා දෙන්න තමයි මට අවශ්‍ය වුණේ. නමුත් මේ Tattoo Shop එක පටන් ගත්තට පස්සේ සමාජ මාධ්‍ය මගින් තමයි මගේ Marketing පැත්ත හදා ගත්තේ. ඒ අතරෙ සමහර පිරිමි මට අනවශ්‍ය අසභ්‍ය දුරකථන ඇමතුම්, පණිවිඩ, ඡායාරූප වගේ දේවල් එවන්න පටන් ගත්තා. ඇත්තටම ඒ අයට අවශ්‍ය වුණේ Tattoo කරන කෙල්ලෙක් කියන දේත් එක්ක සමාජයේ හැදිලා තියෙන වැරදි මතය එක්ක ප්‍රයෝජන ගන්න. ඒ විදිහට මට ගොඩක් ප්‍රශ්න ඇවිත් තිබෙනවා. මානසිකව වැටෙන තරමට දේවල් සිද්ධ වුණා.නමුත් මගේ සැමියා මුල ඉඳන්ම මාව දිරි ගැන්වුවා. වැටෙන්න දුන්නේ නැහැ. මම හිතනවා හැම කාන්නාවකටම අවශ්‍ය වෙන්නේ Supportive ස්වාමි පුරූෂයෙක්. ඕනෑම දෙයක් තේරුම් ගන්න උදව් කරන සහ හයියක් වෙන කෙනෙක්. එහෙම හිටියොත් කාන්තාවකට කරන්න බැරි දෙයක් නැහැ. ඕනෑම අභියෝගයකට මුහුණ දීලා ඉහළටම යන්න පුළුවන්.
ප්‍ර තමන්ගේ ආශාවන් යටපත් නොකර ගෙන ඉදිරියට ගිය තරුණියක් විදිහට සමාජයට දෙන්න තියෙන පණිවිඩය මොකද්ද?
ඇත්තටම මම වෙනස් විදිහට හිතන කෙනෙක්. අපිට හැමෝම සතුටු කරන්න බැහැ. ඒ වගේම හැමෝම කියන විදිහට ජීවත් වෙන්න බැහැ. අපේ ජීවන සහකරු විදිහට තෝර ගන්න අවශ්‍ය වෙන්නෙත් අපි හිතන විදිහට සහ අපේ ආශාවන් ට උදව් කරන කෙනෙක්ව. ගොඩක් වෙලාවට වෙන්නේ කාන්තාවන්ට සැමියා හෝ ආදරවන්තයා නීති දාලා බාධක දාලා ඇගේ ආශාවන් නවත්තනවා. නමුත් මගේ ජීවිතේ මේ විදිහට දේවල් කරගන්න පුළුවන් වුණේSupportive සැමියෙක් ලැබීම නිසා. ඒ නිසා මම කියන්නේ තමන්ව සතුටු කරන්න මුලින්. අනිත් දේ මේ ක්ෂේත්‍රයට එන්න ඉන්න කෙනෙක් ඉන්නව නම් බය නැතුව එන්න. නමුත් නිවැරදි මගපෙන්වීමක් මත තමයි එන්න ඕනෑ. ඒ වගේම මගේ අම්මා, තාත්තා, සැමියා සහ යහළුවන් වගේම Tattoo කලාව ඉගැන්වූ රාමනායක සර් මේ ගමන එන්න ලොකු හයියක් වුණා.
සුදර්ශනි කෝණාර