අහස මාධ්‍ය කණ්ඩායම 7 වන වරටත් සංවිධානය කරනු ලැබූ TOP 100 සම්මාන උළෙල පසුගිය 24 වැනිදා BMICHහිදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය කරමින් සුවිශේෂ චරිත 100ක් අබිසෙස් ගැන්වූ මෙම සම්මාන උළෙලට යෞවන කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර,ප්‍රවීණ ගායන ශිල්පී එඩ්වඩ් ජයකොඩි, ප්‍රවීණ රංගන ශිල්පී ජීවන් කුමාරතුංග, ප්‍රවීණ රංගන ශිල්පිනී ශ්‍රියානි අමරසේන ඇතුළු විද්වතුන් කලාකරුවන් එක්වූහ.
එහිදී ප්‍රවීණ ගායන ශිල්පිනී සුජාතා අත්තනායක මහත්මියට සහ ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක ප්‍රේමසර ඈපාසිංහයන්ට ජිවිතයේ එක් වරක් පමණක් පිදෙන Top OF the ToP උපහාර සම්මානය පිදිණ.
එහිදි විජය පුවත්පත් සමාගමද සම්මාන කිහිපයකින් පිදුම් ලැබූ අතර ජනප්‍රිය කාන්තා පුවත්පත වන සිරිකත පුවත්පතෙහි මාධ්‍යවේදිනී ඉෂංකා ජයසූරිය , ලංකාදීප පුවත්පතේ විශේෂාංග කර්තෘ සමන්ත යහම්පත් සහ ඉරිදා ලංකාදීප පුවත්පතේ විශේෂාංග කර්තෘ නදීශා අතුකෝරළ හොඳම විශේෂාංග මාධ්‍යවේදිනිය ලෙසටත්,
වසරේ ජනප්‍රියම පුවත්පත් අතිරේකයට හිමි සම්මානය සැඳැල්ල කර්තෘ ධනු විජේරත්නටත් හිමිවිය.
රුෂිරු කොළඹතන්ත්‍රි