පුත්තලම - ජුඩ් සමන්ත.
මිනිස් ඝාතන දෙකක් ඇතුළු අපරාධ රැසක් සිදු කර ඇති “ඕළු මරා” නමින් හදුන්වන සැකකරුවෙකුව සහ ඔහුගේ මිතුරන් සිව් දෙනෙකු හලාවත කොට්ඨාෂ විෂ මත් ද්‍රව්‍ය නාශක ඒකකයේ නිලධාරීන් සහ කොට්ඨාස දුෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
බිංගිරිය පොලිස් වසමේ වැල්ලරාව - බක්මීරුප්ප ප්‍රදේශයේ නිවසක සැගවී සිටින විට සැකකරුවන්ව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සතුව තිබූ කඩුවක්,විශාල ප්‍රමාණයේ මන්නා පිහි 02 ක් සහ හෙරෝයින් මත් කුඩු ග්‍රෑම් 2 ½ ක්ද වැටලීම කළ නිලධාරීන් තම බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇති ඕළු මරා නමින් හදුන්වන ප්‍රධාන සැකකරු වෙන්නප්පුව - සිරිගම්පල ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි අයෙකි. සැකකරු සහ එම ප්‍රදේශයේ තවත් පිරිසක් අතර පසුගිය කාලය පුරා ගැටුම් තිබී ඇත.එහි ප්‍රථිපලයක් ලෙස ඕළු මරා විසින් අනෙක් පාර්ෂවයේ දෙදෙනෙකුව ඝාතනය කර ඇති බවත්,දේපල රැසකට පහර දී හානි සිදු කර ඇති බවත් විමර්ශණ කටයුතු සිදු කරන නිලධාරීන් කියයි.
මෙම ගැටුම හේතුවෙන් ඕළු මරා ජීවිතාරක්ෂාව පතා වෙන්නප්පුව ප්‍රදේශයෙන් පිටත්වී වැල්ලරාව ප්‍රදේශයට පැමිණ සැගවී සිට ඇති බව විමර්ශණ වලදී හෙලිවී ඇත.එම සැකකරු මිනිස් ඝාතන,පහර දීම් ඇතුළු අපරාධ වලට අමතරව හෙරෝයින් මත් කුඩු අලවි කිරීමේ ජාවාරමේ නිරතවූ අයෙකු බවටද හෙලිවී ඇත.
ඕළු මරා යන සැකකරු අපරාධකරුවෙකු බව දැන දැන ඔහුට නවාතැන් ලබා දීමේ චෝදනාව යටතේ සෙසු සැකකරුවන් සිව් දෙනාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය දිනක වෙන්නප්පුව - කිරිමැටියාන ප්‍රදේශයේ නිවසක තිබී ගිනි අවියක් සහ ජීව උණ්ඩ තොගයක් වෙන්නප්පුව පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.එම අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ඇති 24 හැවිරිදි සැකකරු පවසා ඇත්තේ මෙම ගිනි අවි සහ ජීව උණ්ඩ ඕළු මරා නම් තම ඥාතියාට අයත් ඒවා බවය.
සැකකරු සතුව තවත් ගිනි අවි ඇති බවට විශ්වාස කරන බ
වත්,එම ආයුධ සොයා ගැනීම සදහා විමර්ශණ කටයුතු සිදු කරන බවත් වැටලීම කළ නිලධාරීන් සඳහන් කරයි.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් වෙන්නප්පුව පොලීසියට බාර දීමට නියමිතය.